මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීම සඳහා වන මහවිරු සැමරුමකට බ්‍රිතාන්‍ය අවසර දී ඇතැයි තානාපති ආරංචි කියයි. බ්‍රිතාන්‍යය දෙමළ ඩයස්පෝරාව මේ සැමරුම සංවිධානය කරයි.
නොවැම්බර් 27 වැනි දා ලන්ඩන් නුවර ඩෙට්‌ඩ්ලි මධ්‍යස්‌ථානයේ දී සමරුව පැවැත්වීමට නියමිතය.
බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානය සමරමින් මෙම සැමරුම සිදු කිරීමට ඉඩ දී ඇත්තේ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුවේ ඉල්ලීම් මත බවද තානාපති ආරංචි පවසයි.
මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් ද එදිනම ලන්ඩන් නුවර කැන්ලේ ප්‍රජා මධ්‍යස්‌ථානයේ දී පැවැත්වීමට කියමිතව ඇතැයිද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදයේ හැඩ රුව ලඟදිම මේ අයටත් දැනගන්න ලැබෙයි (රේ)
ප‍්‍රංශයට අයි එස් අයි එස් එකෙන් වුන දේ නුදුරු දිනක බි‍්‍රතාන්‍යයට එල් ටි ටි යෙන් නොවේවා කියල තමා කියන්න තියෙන්නේ... (ර)
ප්‍රංශයේ මැරුණ අයි.එස්. කාරයෝ ටික සමරන්න මොන රට අවසරදෙයිද දන්නේ නැහැ (නි)
අපි කුමක් කරමුද? (නි)
ලන්ඩනයට ත්‍රස්ත පහර එල්ලවුනොත් අපිත් ඒ ත්‍රස්තයන් සැමරුම සිදු කිරීමට ඉඩ දෙමු (බ)
කොටි සංවිධානය තවමත් බටහිර රටවල ඉන්දියාවේ සහ අමෙරිකාවේ තහනම් සංවිධානයකි. මෙම දෙබිඩි ප්‍රතිපත්ති කුමක් සඳහාද? තහනම් කොටින්ට ජීවය ලබාදෙමින් අප මවුබිම නැවතත් ත්‍රස්තවාදයේ ග්‍රහනයට නතුකිරීම සහ අවසානයේදී බෙදාවෙන් කර සදාකාලික යුධ පිටියක් බවට පත්කිරීම එකම පැතුම බව අප වටහා ගත යුතුය. ඊට අනුබල දෙමින් රට බෙදීමේ කොන්ත්‍රාත්කරැවන් බවට පත්වී ඇති වත්මන් යහපාලන හොර නඩය එලවා දැමීම සදහා පෙළගැසෙමු. (බ)
සුසන්ත,එතකොට අපේ අය ඒගොල්ලොන්ගේ කොඩිවල පාට මුහුනුපොතේ දා ගෙන දුක බෙදා ගනීවි බලන්නකෝ (රේ)
වපුරපු දේවල් තමයි යුරෝපය දැන් නෙලා ගන්නේ. (ර)
මොකක්ද මේ වෙන්නේ. දැන් ඔක්කොම කන පිට ගැහිලා වගේ.(හේ)
දැන් කොටි පරද්දල ඉවරයි. එක නිසා මෙවැනි ප්‍රවෘත්තිවලට ප්‍රමුකත්වය නොදියයුතුයි. කොටි ත්‍රස්තවාදී සිරකරුවන්ටත් දේශපාලන සිරකරුවන් කියා අපේ රටේ අමුතු නමක්. මේක අපිට ඕනද? (ස)
කන්න ඔන උනාම කබරගොයත්,තලගොයා උනත් එකයි කියලා කියමනක් තිබෙනවා. මේ රටවල ප්‍රතිපත්ති වසර 50-60 ජීවත්ව සිටියත් සමහර අයට තේරුම් ගන්න බැහැ.හරිම සංකිර්නයි බැලු බැල්මට. පවතින රජයක් හැම විටම කටයුතු කරන්නෙ තවත් කලක් දිගටම බලයේ රැඳෙන්නයි. (ර)
ත්‍රස්තවාදීන් සුරතල් කරලා ලන්ඩනයත් මෑතකදීම වැඩ වරද්දා ගනිවී. අපි පරිස්සම් විය යුතුයි. (ර)
දැන් නම් රජයට තරු විසි වෙයි.(හේ)
හෆීල්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. එංගලන්තේ එංගලන්තේ (බ)
ඇමෙරිකාව, කොටි ත්‍රස්තයෝ යොදවලා තමා ඒ අයගේ අභිප්‍රාය මුදුන් පමුණුවා ගන්න හැදුවේ. තව ටික කාලයක් ගියානම් ඇමෙරිකාව ඇතුළු යුරෝපීය රටවල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් කියලා පිලිගන්නවා. අපේ බත් කන මිනිසුන්ට අමතක වෙලා ඒගොල්ලන්ගේ බැංකු, පොලිසිය, ත්‍රිවිද හමුදාව ඇතුළු වෙනම රාජ්‍ය පරිපාලනය සහ කුරුම්බා ඇට්ටි ගුවන් යානා වලින් කොළඹට ගැහුවා හැටි.. උන්ගේ සල්ලිවලට යටවුන, පාවාදෙන සිංහලුන්ගේ ලේවල උදව්වෙන් මේ සියලු දේවල් මුන් නිකන්ම ගන්නවා. චීනය, රුසියාව, සහ දේශප්‍රේමී සහ රට රැකගත් අපේ කොල්ලෝ මෙරටේ හතුරෝ කරලා.....(බ)
කළු සුද්දන්ට හොර සුද්ද කවදත් ලැදියි .(රේ)
මේ මැරුණු අයත් මිනිස්සු... සමරන එකේ වරදක් නෑ..(ම)
ත්‍රස්තවාදීන්ට උදව් කළ අයම,ඒ ත්‍රස්තවාදීන් සිහිකිරීමට අවසරදීම ගැන පුදුම විය යුතු නෑ (ම)
නාමල් මේ මරුන අයත් මිනිස්සු උනත්, ඒ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය උදවියයි. (ර)
අගමැති රනිල්, ජනපති සිරිසේන සහ විදේශ ඇමති මංගල විශේෂ ආරාධිතයින් වසයෙන් සහභාගී වෙනවා ද? (රේ)
දැන් මියගිය කොටි සමරනවා, මිනීමරු කොටි නිදහස් කරනවා. හමුදාවේ කොල්ලෝ පෝරකේට යවනවා. තව ටික දවසකින් ලංකාවේ සියලුම ජනතාවත් කොටි සමරලා වීරයෝ ලෙස පුද පුජ පවත්වලා හමුදාව මිනීමරුවෝ ලෙස කෙල ගසන දවස වැඩි එතක නැ. අන්ඩුවෙන්ම මේවා ළඟදීම සංවිධානය කරාවී. (රේ)