අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකරුවන් 30කගෙන් යුත් පිරිසක් අද (09)දිනයේ නිදහස් කිරිමට සැලසුම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
බන්ධනාගාර කිහිපයක රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් තමන් නිදහස් කරන ලෙස බලකරමින් පසුගියදා උපවාසයක නිරත වූහ.කෙසේ වෙතත් දින කිහිපයක් පැවැති මෙම උපවාසයේදී රැඳවියන් සහ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් උපවාසය අත්හැරිමට තීරණය කරන ලදී.
රැඳවියන් නිදහස් කරන බවට රජය දුන් පොරොන්දුවක් හේතුවෙන් ඔවුන් උපවාසය අත්හැරියේය. එමෙන්ම විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජය කැමැත්ත පළ කර ඇති බවයි.
කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ සිරකරුවන් කණ්ඩායම් දෙකක් යටතේ නිදහස් කිරිමට රජය සැලසුම් කර ඇති බව ද පසුගියදා විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටන දෙමළ ජාතික රැඳවියන් 29 දෙනකු අද පෙරවරුවේ සිට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරතව සිටිති.
චෝදනා ඇත්නම් ඒවා ගොනුකර තමන්ට විරුද්ධව නඩු පවරන ලෙසත් එසේ නැතිනම් නිදහස් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා නැති සියලුම දෙනා නිදහස් කළ යුතුයි. හරිනම් රජය වන්දිත් ගෙවිය යුතුයි.ජාති භේදය දුරු කළ යුතුයි.(ම)
සිරකරුවන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි සිතේ (නි)
කාලෝචිත තීරණයක් ලෙස දකිමි (නි)
නියමයි. එහෙම තමයි වෙන්න ඕනෑ (නි)
ඔවුන් අත වරදක් නැත්නම් නිදහස් කිරීමෙහි වරදක් නැහැනේ (නි)
පසුගිය කාලයේ සුළු ජාතීන්ට හැම පැත්තෙන්ම පීඩනයක් තිබුණා කියලා මම හිතනවා. නඩු දාන්න තරම් වරදක් කර නැත්නම්, නිදහස් කිරීමයි කළයුත්තේ. සිරකර තැබීමෙන් කාටවත් ලාබයක් නැහැනේ. (නි)
රට බේරාගත් උදාර රණවිරුවන්ට ප්‍රශ්නයක් නොවෙනවා නම් අපිට කමක් නැහැ (නි)
රණවිරුවෝද යුද්ධය අස්සේ අපරාධ කර තිබෙනවා නම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වියයුතුයි (නි)
කොහොමද වැඩ? (නි)
සිරකරුවෝද මිනිසුන්ය (නි)
මට නම් මෙහි වරදක් පෙනෙන්නේ නැත (නි)
සැකකරුවෝ අස්සෙන් මේ සර්ව සුබවාදී මහත්තුරු ඉල්ලන දරුණු කළු කොටිත් එළියට යන්න ඕන තරම් ඉඩ තිබේ. මේ සමගම සියලු රණවිරුවෝද නිදහස් කරන්න.ඔවුන් රට ජාතිය වෙනුවෙන් නිත්‍යානුකුලව සටන් කළ මිනිස්සු නොවේද? (ම)
කොටියා එලියට දානවා,රණ විරුවෝ ඇතුලට දානවා. මරු. (බ)
කොටි නම් අවුරුදු ගානක් චෝදනා නැතිව සැකකාරයො විදිහට තියාගෙන ඉන්නෙ නෑ... හමුදා සෙබලුත් වැරද්දක් කරානම් දඩුවම් ලැබිය යුතුයි (හේ)
හොඳ වැඩක්. (ර)
මා දන්නා සමහර අැඟළුම් කම්හල් වල ගියමාසයේ වැටුප තවම ලබා දීලා නොමැත. එ් හේතුවෙන් එහි සේවය කරන ද්‍රවිඩ සේවකයන් රාශියකට අවුරුද්ද සැමරීමට නොහැකිවී අැත. එමෙන්ම ඔවුන්හට හෙට දිනයේ නිවාඩු දීමටද පාලන අධිකාරිය කටයුතු කර නොමැත. (ර)