IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොටි සැකකරුවන් 30ක් අද නිදහස්

අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකරුවන් 30කගෙන් යුත් පිරිසක් අද (09)දිනයේ නිදහස් කිරිමට සැලසුම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය  පවසයි.

බන්ධනාගාර කිහිපයක රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් තමන් නිදහස් කරන ලෙස බලකරමින් පසුගියදා උපවාසයක නිරත වූහ.කෙසේ වෙතත් දින කිහිපයක් පැවැති මෙම උපවාසයේදී රැඳවියන් සහ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් උපවාසය අත්හැරිමට තීරණය කරන ලදී.

රැඳවියන් නිදහස් කරන බවට රජය දුන් පොරොන්දුවක් හේතුවෙන් ඔවුන් උපවාසය අත්හැරියේය. එමෙන්ම විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එල්.ටී.ටී.ඊ සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට  රජය කැමැත්ත පළ කර ඇති බවයි.

කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ සිරකරුවන් කණ්ඩායම් දෙකක් යටතේ නිදහස් කිරිමට රජය සැලසුම් කර ඇති බව ද පසුගියදා විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටන දෙමළ ජාතික රැඳවියන් 29 දෙනකු අද පෙරවරුවේ සිට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරතව සිටිති.

චෝදනා ඇත්නම් ඒවා ගොනුකර තමන්ට විරුද්ධව නඩු පවරන ලෙසත් එසේ නැතිනම් නිදහස් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. 

 



අදහස් (0)

කොටි සැකකරුවන් 30ක් අද නිදහස්

වී.ස.ප.විමලසේන Monday, 09 November 2015 05:55 AM

චෝදනා නැති සියලුම දෙනා නිදහස් කළ යුතුයි. හරිනම් රජය වන්දිත් ගෙවිය යුතුයි.ජාති භේදය දුරු කළ යුතුයි.(ම)

:       0       0

යොහාන් Monday, 09 November 2015 06:22 AM

සිරකරුවන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි සිතේ (නි)

:       0       0

අන්දරවැව Monday, 09 November 2015 06:33 AM

කාලෝචිත තීරණයක් ලෙස දකිමි (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Monday, 09 November 2015 06:33 AM

නියමයි. එහෙම තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

තමර Monday, 09 November 2015 06:34 AM

ඔවුන් අත වරදක් නැත්නම් නිදහස් කිරීමෙහි වරදක් නැහැනේ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 09 November 2015 06:37 AM

පසුගිය කාලයේ සුළු ජාතීන්ට හැම පැත්තෙන්ම පීඩනයක් තිබුණා කියලා මම හිතනවා. නඩු දාන්න තරම් වරදක් කර නැත්නම්, නිදහස් කිරීමයි කළයුත්තේ. සිරකර තැබීමෙන් කාටවත් ලාබයක් නැහැනේ. (නි)

:       0       0

සිරිනිමල් Monday, 09 November 2015 06:51 AM

රට බේරාගත් උදාර රණවිරුවන්ට ප්‍රශ්නයක් නොවෙනවා නම් අපිට කමක් නැහැ (නි)

:       0       0

නාමල් Monday, 09 November 2015 08:08 AM

රණවිරුවෝද යුද්ධය අස්සේ අපරාධ කර තිබෙනවා නම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වියයුතුයි (නි)

:       0       0

ලංකා Monday, 09 November 2015 08:28 AM

කොහොමද වැඩ? (නි)

:       0       0

දුමින්ද Monday, 09 November 2015 08:26 AM

සිරකරුවෝද මිනිසුන්ය (නි)

:       0       0

කිරන් Monday, 09 November 2015 08:38 AM

මට නම් මෙහි වරදක් පෙනෙන්නේ නැත (නි)

:       0       0

සක්විති Monday, 09 November 2015 08:51 AM

සැකකරුවෝ අස්සෙන් මේ සර්ව සුබවාදී මහත්තුරු ඉල්ලන දරුණු කළු කොටිත් එළියට යන්න ඕන තරම් ඉඩ තිබේ. මේ සමගම සියලු රණවිරුවෝද නිදහස් කරන්න.ඔවුන් රට ජාතිය වෙනුවෙන් නිත්‍යානුකුලව සටන් කළ මිනිස්සු නොවේද? (ම)

:       0       0

ප්‍රසන්න Monday, 09 November 2015 09:00 AM

කොටියා එලියට දානවා,රණ විරුවෝ ඇතුලට දානවා. මරු. (බ)

:       0       0

සුදාර Monday, 09 November 2015 09:28 AM

කොටි නම් අවුරුදු ගානක් චෝදනා නැතිව සැකකාරයො විදිහට තියාගෙන ඉන්නෙ නෑ... හමුදා සෙබලුත් වැරද්දක් කරානම් දඩුවම් ලැබිය යුතුයි (හේ)

:       0       0

සිරිතුංග Monday, 09 November 2015 09:50 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

හිරු Monday, 09 November 2015 10:12 AM

මා දන්නා සමහර අැඟළුම් කම්හල් වල ගියමාසයේ වැටුප තවම ලබා දීලා නොමැත. එ් හේතුවෙන් එහි සේවය කරන ද්‍රවිඩ සේවකයන් රාශියකට අවුරුද්ද සැමරීමට නොහැකිවී අැත. එමෙන්ම ඔවුන්හට හෙට දිනයේ නිවාඩු දීමටද පාලන අධිකාරිය කටයුතු කර නොමැත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site