බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් බිග් බෑෂ් තරගාවලිය අතරතුරදී රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සජීවී සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් දස ලක්ෂ හතලිස් හතරදහස් හාරසියක පමණ දඩ මුදලක් නියම කිරීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් ක්‍රීඩා සමාජය ක්‍රියා කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
‘නෙට්වර්ක් 10‘ නමැති රූපවාහිනී නාලිකාවේ මෙල් මැක්ලලින් නිවේදිකාව බිග් බෑෂ් තරගාවලියේ එක් තරගයක් අතරතුර තරගයේ තත්ත්වය පිළිබඳ ගේල්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ
‘මම කැමැත්තෙන් සිටියේ ඔබ සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමටයි. අද මට ඒ අවස්ථාව ලැබුණා. ඔයාගේ ඇස් මුල්වරට මම දැක්කා. ඒවා හරිම ලස්සනයි. මේ තරගය ජයග්‍රහණයෙන් පසු අපිට එකට බොන්න පුළුවන්. ලැජ්ජා වෙන්න එපා කෙල්ලේ‘ යනුවෙනි.
ඇයට ලජ්ජාවෙන් මූණ රතු කර නොගන්නා ලෙසද ගේල් පවසා තිබිණි. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සිය විරෝධය දක්වා තිබූ අතර පසුව ක්‍රිස් ගේල් මේ සම්බන්ධයෙන් සමාවද ඉල්ලා තිබූ බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ වෙන දේවල් වල හැටියට මෙම කතාව ගණන් ගතයුතු නැත (නි)
හම කලුයි නේ. ඔහොම තමාව ඕව. මේ අපිත් ඉන්නේ. (බ)
මමං අගය කරන වටිනා ක්‍රීඩකයෙක් ....විහිළුවක් කරන්න ඇති නේද ? ඔයිට වඩා දේවල් ඕස්ට්‍රේලියාවේ ලංකාවේ වෙන්නේ නැද්ද ? (කෞ)
කාන්තාවන්ට බොහොම ගරුකරන රටක අනවශ්‍ය විහිලු තහළු හොඳ නැහැ. (නි)
මේක විහිළුවක් බව පෙනෙනවා. කෙල්ල යනකොට පිටට තට්ටුවක් දාන්නේ කළ විහිළුව නිසයි. සුද්දා කල්ලෙක් නිසා දුරදිග ගිහින් වගෙයි (නි)
අනිවාර්යයෙන්ම තරඟයෙන් පස්සේ හමුවෙලා බොන්න ඇති. ඒවා එහෙම තමයි (නි)
මෙම විහිළුව අශෝභන නැත. බොහෝ අය නිතරම අසභ්‍ය වචනත් ප්‍රසිද්ධියේ කියනවා. සුද්දන් කරන වැඩ වරදක් ලෙස සළකන්නේ නැත. (නි)
ලෝකයේ ගොඩක් රටවල් දියුණුයි වගේ පෙන්නුවට උන්ට අධ්‍යාත්මික දියුණුවක් නැහැ. (ම)
ඕකට කියන්නේ සුදු කළු බේදය කියල ප්‍රශ්නය කළු පුද්ගලයෙක් කරලා තියෙන්නේ සුද්දෙක් කල නම් කියයි විහිලුවට කියල (කෞ)
අයියෝ මේක හරිම පොඩි විහිළුවක්නේ. නරක දෙයක් කිව්වා කියලා හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් මාධ්‍යවේදිනියක් නිසා විහිලුවට නොගත්තා නම් හොඳයි. (නි)
ඔහු විහිළුකාරයෙක් , හිතා මතා කරපු දෙයක් නොවයි (බ)
ඔහු කෙරේ බරපතල වරදක්. එය කුමන රටක කරත් අශෝබනයි. (ර)