රුපියල් පනස් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා නිමා නොකළ ස්වර්නාභරණ තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගෙනයාමට තැත්කළ කාන්තාවන් තිදෙනෙකුට රුපියල් විසිපන්දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් භාණ්ඩ රාජසන්තක කළේය.
අත්අඩංගුවට ගනු ලැබූ ස්වර්නාභරණ වල බර ග‍්‍රෑම් 1055 ක් බවත් සැකකාරියෝ කොළඹ කොටහේන ප‍්‍රදේශයේ පදංචි රෙදි පිළි ව්‍යාපාරයේ යෙදෙන්නියන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මෙම ස්වර්නාභරණ අතර මාල තුනක් සහ වලලූ විස්සත් වූ බවත් මෙම කාන්තාවන් නිතර නිතර ඉන්දියාවට යන බවත් රේගුව කියයි.
සැකකාරියෝ අද ජෙට් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී මෙම් ස්වර්නාභරණ සොයාගෙන ඇත. මින් කිහිපයක් ඔවුන් පැළඳ සිටි බවත් ඉතිරිවා ඔවුන්ගේ අත් බෑග්වල තිබූ බවත් රේගුව කියයි.
සැකකාරියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේවා ඉන්දියාවට විකිනීම සඳහා ගෙන යන බව රේගුවට පවසා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ධර්මසේන කහඳව, ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, රේගු අදිකාරී එම්.අයි ෂලීම් සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසංත ගුරුගේ, උපුල් විදානගම සහ සහකාර රේගු අදිකාරීවරුන්වන ඒ.වී. ආර් සමන්ජිත් එම්.ඒ.ඔ පරනෑන්ඩු සහ නිරෝෂා විජේතුංග යන නිලධාරීහු විසින් සිදුකරනු ලැබූහ.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේන්න අපේ රටේ මෝඩ වැඩ. මෙහෙම ගියොත් අන්තිමට රෙදිත් ගලවලා නිකන් යන්න වෙයි. ඒවටත් නීති විරෝධී කියයි. ලෝකයේ මිනිස්සු මිලියන ගනනක් වටිනා රත්තරන් බඩු දියමන්ති පැළදගෙන යනවා. මේවා ලංකාවේ අයගේ මෝඩ කමට අල්ලන දේවල්.(නදී)
රාජ සන්තක වුනාම මේවට මොනවද වෙන්නේ. ඉන්දියාවේ ගියා නම් අඩුනම ගානේ විදේශ විනිමයවත් ලැබෙනවා.(නදී)
රාජ සන්තක වෙනවා කියන්නේ ඇමති නෝනලට සන්තක වෙනවා කියන එක. කාන්තාවෝ දෙන්නා රටට කරන්න ගියේ සේවයක්.(නදී)
නිමනොකල කියන්නේ මොනාටද ? මෙතන තියෙන්නේ සේරම නිමා කල බඩු. අනික කෙනෙකුට මාලයක් වළලු හයක් ගෙන යන්නත් බැරිද ලංකාවේ?(නදී)
මේ ඉන්නේ රේගුවේ සුපිරිම කට්ටිය. (නි)
මෙතන මෝඩ කට්ටියකුත් අදහස් දාලා තියනවා. (නි)
මේක යකාගේ වැඩක්නේ. මිනිහෙකුට මොකුත් දාගෙන යන්නත් බැරිද? ඇමතිලාගේ ගෙවල් වල සෝදිසි කලොත් ටොන් ගණන් හොයා ගන්න පුළුවන් වෙයි. (නි)
ඔය එහා මෙහා යන කුඩු කාරයන්ව ඔය විදියටම අල්ලන්නකෝ. මිනිස්සු ඔයිට වඩා දේවල් පැළදගෙන අනිත් රටවල ගමන් කරනවා. ගුවන් යානය ඇතුලේ හොරු ඉන්නවද දන්නේ නැහැ. සමහර විට ආරක්ෂාවට වෙන්න ඕනා. එන ගමන් ඉල්ලා ගන්න මේ අයියලාගෙන්.(නදී)
චාලිස් ලා ගොඩයි එක ඒන්ජල් කෙනෙකුයි. නියම ටීම් එක.(නදී)
මේකේ නීතියක් නැහැ. අදික්‍ෂණ නිලධාරිවත් රෙගු නිලධාරීන් වත් නීතිය දන්නේ නැහැ. රත්තරන් ආභරණ රට අරන් යා හැකිය. පිට රට අරන් යා හැකි දෙයක් එවිට ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඇදුම් පවා රාජසන්තක වෙනවානේ.(නදී)
බෑ බෑ මංගලී දැන් නීති හරි තදයි.(නදී)
ඔය වගේ අල්ලන රත්තරන්ද දන්නේ නැහැ. ඊයේ පෙරේදා කට්ටිය විකුනන්න ගිහිල්ලා අහුවුනේ?(නදී)