IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි පහක ගිණුම් දෙකක් තහනම් කරයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය

පානදුර හා දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන මෙතෙක් ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන නොතිබූ" හික්කඩුවේ ඉස්සෝ සුජි" නැමැත්තාට අයත් රුපියල් කෝටි පහකට අධික මුදලක් තැන්පත් කර තිබූ පානදුර පෞද්ගලික බැංකු දෙකක ගිණුම්  තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

එම මුදල් බැංකු ගතව ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවකට රඳවා සිටින පානදුර නල්ලූරුව පදිංචි 50 හැවිරිදි පුද්ගලයකුගේ නමට එම ගිණුම් දෙකම අයත්ව තිබෙන බව පොලිසිය කියයි.

අදාළ බැංකු ගිණුම් දෙක සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව බැංකු දෙකේ කළමනාකරුවන් වෙත මුදල් විශුද්ධි කිරීමේ වැළැක්වීමේ පනතේ හත 1 වගන්තිය ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් තැන්පත් කර තිබූ ු ගිණුම් දෙක තහනම් කිරීමේ නියෝග කළමනාකරුවන් වෙත භාරදුන් බව විමර්ශන සිදු කරන නිලධාරියෙක් පැවැසීය.

සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් ලෙස ආරම්භ කර තිබෙන මෙම ගිණුම් දෙකට මේසා විශාල මුදලක් ඉතා කෙටි කාලයක් තුළ කළමනාකරුවන්ගේ ඇස් වසා ගිණුම් ගත වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ දක්ෂතාව හේතුවෙන් අනාවරණය වීමක් යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කෝටි පහක ගිණුම් දෙකක් තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site