කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව කොටි පරාද කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දෙහිඕවිට පැවැති උත්සවයකදී පැවසීය.
‘යහපාලනයට එකතු වී ඉන්න සියලු දෙනා එකතුවී අපි මේ බලවේගය ගොඩනැගිය යුතුයි. මේ කරගෙන යන වැඩපිළිවෙළට විරුද්ධ ජනතාවට නායකත්වය දෙන්න මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් කටයුතු කරනවා.‘ යැයිද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා නොඑනවා නම්, මහින්ද මහතාට එය කළ හැකියි. (නි)
එතකොට මහින්ද මහත්තයද ඉදිරි ආරක්ෂක වළල්ලේ ඉඳලා කොටින්ට වෙඩි තිබ්බේ? මං හිතුවේ ආරක්ෂක හමුදාව කියලා. (නි)
අනේ අපි නොදන්නවායැ (නි)
ජයවේවා! (නි)
කොහොමටත් එතුමා ආණ්ඩුව පරාජය කරනවා. එහෙත් ඔබලා ඈත්වෙලා දොඩවන්නේ නැතුව හිටියොත් හොඳයි (නි)
මෙතුමා ළඟ නොසිටියා නම් මහින්ද පරාද නොවෙන බවයි අපේ නම් හැඟීම (නි)
ඒකද මෙතුමා අටවෙනිදා රෑම යන්න ගියේ? මිනිස්සු ඔහෙලා වගේ රෑ වැටුණු වළේ දවාලට වැටෙන්නේ නැහැ. (නි)
අපිත් මේ කතාව පිළිගන්නවා. ඕනෑම නායකයෙක් අතින් අඩුපාඩු, වැරදි වෙන්නත් පුළුවන්. අතීතයේදී එහෙම වෙලත් තියෙනවා. මේ යන විදිහට ගියොත් අපේ රට අනාථයි. ඒ නිසා හොඳම විසඳුම මහින්ද මහත්මයා (නි)
හරියට හරි. දැනටමත් යහපාලකයින්ට ඡන්දය දීපු කෙනෙක් සොයාගන්න අමාරුයි. (නි)
මතකද? ඉස්සර ඇවිදින්නවත් බැරුව ගිලන් රථයෙන් නේද උසාවියට ආවෙත්? (නි)
බැසිල් මහත්තයා බයටම මේවා කියවනවා කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
ඔය පරද්දන්න බැහැ කියපු කොටි පරද්දලා පෙරලන්න බැහැ කිවුව ආණ්ඩුවත් පෙරලපු ලොකුම බලය හිමි මහජනතාවක් මේ රටේ ඉන්නවා කියලා අමතක වෙලාද කොහෙද? (ර)
කොටි පරාජය කළ වෙලාවේ අපි මහින්දට වැඳ වැටුනා. ගෞරව කළා. ඒ ගෞරවය අදත් තියෙනවා. හැබැයි, ඉන් පස්සේ රටේ නීතිය බින්දුවට බස්සලා රටේ සම්පත් සූරාකෑවේ නැත්නම් අදත් අපි මහින්ද සමඟයි. වැරැද්ද කාගෙද? (නි)
කොටි පරාජය කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීමට උවමන කාලය පමණයි. පරාජය කිරීමට හේතු සාධක මේගොල්ලොම හදාදෙයි (නි)
දැන් ඉතින් ටික ටික මුට්ටිය දාලා බලනව මොකද වෙන්නේ කියලා. බලය නැතුව කොහොමද මෙයාලා ජීවත්වෙන්නේ? ගහපු ගැහිලි අහුවුණොතින් රටෙත් ඉන්න නෑ!!! (නි)
මෙයාලා මේ කතාකරන්නේ රටට ආදරේට නොවේ. (නි)
මේ ආණ්ඩුව කියන්නේ ජනතාව. ජනතාවද පරදන්න හදන්නේ? (නි)
වැඩි ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් මෙච්චර ඉක්මනට පරද්දන්නේ මොකද කියලා මට කියලා දෙන්නකෝ. (නි)
නලින් යහම්පත් ඔබ හරියටම හරි (කෞ)
අනේ මහත්තයෝ, පරදින්න පෙර එය වළකාගන්න බැරි වුණේ ඇයි? (නි)
පුළුවන් නම් සරත් ෆොන්සේකා මහත්තයව ඔබ තුමාගේ පිලට ගන්න ... එතකොට එතුමා යුද්දේ දිනලා දුන්න වගේ ආණ්ඩුවත් පෙරලා දෙයි. නමුත් ෆොන්සේකා මහත්තය කවදාවත් හොරුන්ගේ පිලට යන්නේ නැහැ...එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. (කෞ)
මට නෝර්වේ ගිවිසුම මතක් වෙනවා (නි)
තවමත් කතාකරනවානේ ලජ්ජා නැතුව. (නි)
සම්පුර්ණ ඇත්ත. එහෙත් පසුගිය පරාජයේ වගකීම ඔබ භාරගත් නිසා ඉදිරි ජයග්‍රහණ ඔබ නොමැතිව වියයුතුයි. (නි)
අනේ! අපිට පුදුම දුකක් දැනෙන්නේ මේ මහත්තයා ගැන. මහින්ද පැරදුන දවසේ රෑ කාටත් හොරෙන් කොහෙද ගියේ? (නි)
හරි මහන්සි ඇති නේද? අපේ රත්තරන් හමුදා සෙබළු දිනාදුන් මේ මව්බිම අවුරුද්දෙන් හිඟන තත්වයට පත්කෙරුවේ කවුද? (නි)
කොටින්ට එරෙහිව ගමේ ගොඩේ අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ දිවි පුදා ලබාගත් ජයග්‍රහණ විකුණාකමින් බලලෝභයෙන් රාජපක්ෂලා රටට කළ විනාශයන් දැන් දැන් එළියට එමින් තියෙනවා. ඒවාට කවදා හෝ දඬුවම් විඳිය යුතුමයි. (නි)
මහජන මතයෙන් පත්වූ ආණ්ඩුවක් පරාජය කළයුතු නැත. නැවතත් හොරකම් කිරීම සඳහා පරාජය කිරීමට අප ඉඩදෙන්නේ නැත. (නි)
මම ඉන්නෙ ඇමරිකාවෙ. අපි ගොඩක් දේවල් දන්නවා (නි)
පුදුම හදිසියක් හොරකන්න.හිරගෙදර ආණ්ඩුවක් පිහිටුවන්න සුදානම් වන්න.(අ)
අනේ තවත් මේ රට කන්න නම් එපා (නි)
කොටි පරාජය කර රට මුදාගැනීම ඔබතුමාලා ලංකාවට කළ නොමැකෙන සේවයක්. ඒත් මැතිතුමනි යුධ ජයග්‍රහණය කෝකටත් තෛලය නොවෙයි. වැරදුනේ එතන නේද? ජනමතයක් හැදීම ඊට වඩා අමාරු කාර්යයක්. (නි)
කරලා බලමුකෝ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රජයක් (නි)
මොන පක්ෂයෙන් ආවත් මහජන දේපල හොරු නම් අපිට ඵපා (නි)
ඡන්දයෙන් පරාජයවිමෙන් පසු ජනතාව අතහැර රටින් පළායෑම ජනතාව පිළිකුල් කරන ක්‍රියාවකි (නි)
කොටි පරාජය කලේ ඒ මහත්තයා තනියම නෙමෙයි.. එක අපේ රටේ සාමුහික ජයග්‍රහණයක්.. නමුත් ඔය කියන මහත්තයට බැරි වුණා තමන් වටේ ඉන්න නරි ටික පරාජය කරගන්න. එහෙම කලානම් අදටත් ඒ මහත්තයා තමයි ජනාධිපති.(අ)
ඔබතුමා සුළු ජාතීන් දිනාගනීමට සහ ග්‍රාමීය ජනතාවට පැහැදිලි කිරීමට හොඳ උපක්‍රමයක් යෙදුවොත් ඉදිරියේදී ජයග්‍රහණය නියතයි. (නි)
අපි ඒක දන්නවා (නි)
කොහොම හරි ආණ්ඩුව පෙරළමු. නැත්නම් අපේ හොර මගඩි ඔක්කොම මාට්ටු. අපි සේරම කම්මුතුයි. (බ)
දැන් මොකෙන්ද පරද්දන්න හදන්නේ? (නි)
පුදුම පණිවුඩයක්නේ සහෝදරයා දෙන්න හදන්නේ. මොන උප්පරවැට්ටියක් හරි දාලා අයියා ආපසු ගෙනාවොත් අපේ ඔක්කොම පරණ වැරදි මකාගන්න පුළුවන්. (නි)
මොකද දැන් ඔයතරම් හදිස්සි? (නි)
ත්‍රස්තවාදය පරාජය කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත් වුනු රජයක් පරාජයත් එකක් කියල හිතන්න එපා.මෙයා මේ කරන්නේ රනිල් මහතාගේ කොන්ත්‍රාත්තුවක්. (බ)
රාජපක්ෂ පවුලක එක් කෙනෙක්වත් යුධ පිටියකට ගොස් සටන් කළාද? (නි)
නලින් යහම්පත්, ඔබගේ විග්‍රහය ඉතාම නිවැරදියි.(බ)
ඔය ලොකුකම් කියෙව්වට ඔය කවුරු කවුරුත් අන්තිමට පරදින්නේ හෝ දිනන්නේ ජනතා බලය නිසා බව මතක තියාගන්න. (නි)
කතාව හරියට හරි (අ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා සමග අපි හැමදාම ඉන්නවා.එත්, ඔබතුමා අපිට ප්‍රස්නයක්.(අ)
ඔබේ අතීතය ඔබ පස්සේ එන බව දැනගන නැවත බලයට එන්නට වලිකන බව පැහැදිලියි. කොච්චර ධනය උපයා ගත්තත් සැනසීමක් නැද්ද?(අ)
ඉතින් ඔක්කොම රජයේ දේපල, ආයතන , සුදු වෑන්, කලෙන්ඩර්, සිල් රෙදි තියෙද්දී දිනන්න බැරිවුනු කොට දෙපාරක්........... මෙච්චර මහා පරිමාණ මිනිමෙරුම් සොරකම් වංචා චෝදනා මැද්දේ...... දැන් දත මිටි කාලද දිනන්නේ ..(අ)
දේශපාලනයෙන් සමුගන්නවා කියපු මෙයා දැන් ආපහු කරලියට ඇවිල්ල මොකද? මෙය හින්දතමයි මහින්දටත් යන්න වුණේ . දැන්වත් කට පියාගෙන පාඩුවේ ඉන්න රට කන්නේ නැතිව.(අ)
ඇත්තටම ඔබ නිස්සබ්දව හිටියොත් හොදයි කියලයි මට හිතෙන්නේ. අපේ ගරු හිටපු ජනාධිපතිතුමාගේ ඡන්ද කඩන්නේ නැතුව පැත්තකට වෙලා දැන්වත් ඉන්න බලන්න. (ර)
ඒක ඇත්ත . හැබැයි අඩුපාඩු හදා ගත යුතුයි . (අ)
කොටි පරාජය කළේ සරත් පොන්සේකා හිටපු නිසා (අ)
ඔයාල තමයි මහින්ද පරාජය කළේ (අ)
එදා කොටි පරාජය කිරීමේදී සහයට හිටපු හමුදාපති දුන් සේවය නැතිනම් කොටින් පරාජය ලෙහෙසි එකක් නොවේ , එමෙන්ම එ කල හෙළ උරුමය සහ ජේ වී පි ලබාදුන් මානසික සන්තර්පනය යුධ සෙබලුන්ට ලොකු සේවයක් විය , මේ බයිලා කියනා අය කොමිස් ගැහුවා මිසක යුද්ධය වෙනුවෙන් කළ දෙයක් නැත , එහෙත් ගොඨාභය විසින් කළ මෙහෙයද අමතක නොකළ යුතුය (අ)
මහින්ද පැරදුනේ ඔබතුමන්ලාගේ ක්‍රියාකලාපය නිසා බව අමතක නොකරන්න (අ)
ඔව්..ඔව්..තුවක්කුවෙන් නම් ඕක ලේසි දෙයක් ...මහින්ද මහත්තයව නැති කරපු ප්‍රධානියා බැසිල් ... පුතා තව එක්කෙනෙක් ... හෙට අනිද්දා හිරේ වැටෙන්න ඉන්නවා කියල ආරංචියි ...(අ)
ඔහෙගෙ කට වහගෙන තොලොන්චි වෙලා යන්න ඔයාල තමයි මහින්ද මහත්මය කෑවේ.ඔයාල නැත්නම් මහින්ද මහත්මයට දිනන්න පුළුවන්.(අ)
සහතික ඇත්ත. පිළිම ගිල්ල යකාට අග්ගලයත් කජ්ජක්ද කීවලු!!!(අ)
මේ වගේ අයට ගල් ගහල රටෙන් එලවන්න ඕන. පිටරටවල් වල ජීවත් වෙන්නේ. මෙහෙ ඇවිල්ල හොරකම් කරලා අපේ රටම අවුල් කරනවා. යුද්දේ කාලේ සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවෝ, රාජපක්ෂාල කලේ හොරකම් කිරීම.(අ)
ඒවගේම 2005 සිට 20 වාරයක් පමණ පරාජය වූ අහවලත් දිනුවානම් එකවරක් පරාජය වූ මහින්දට දිනන්න බැරි ද? (අ)
පුළුවන් තරම් හොරකම් කරලා තවත් කටමැත දොඩවනවා (අ)
බලය ගිලිහෙන්නේ නැහැයි සිතු ඔබවැනි අය තව පුරසාරම් දොඩන්නේ මොන හේතුවක් නිසා ද. ඔබගේ කාලයත් හරි දැන හිරේට යන්න. මේ පාර රෝහලේ ඉන්න බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි කටේ උජාරුව නම් තාම ගිහිල්ල නෑ (අ)
කුණු පොල් ගහලද දන්නෑ (අ)
යුද්දේ දින්නේ රණවිරුවන්, ෆිඑල්ඩ් මර්ශල්ගේ මෙහෙයවීමෙන් දේශපාලන සහය දුන්නට රට හූරන් කන්ද අවසර දුන්නේ නැ. එක තේරුම් ගන්ඩ බැරි බැසිල්ට හිරේට ගියාම තේරෙයි .(අ)
thank after long long time
ඒ මුවාවෙන් හොඳට හොරකම් කළ අය ගැනත් අපි දන්නවා (නි)
කොටි පරාජය කළ මහින්දගේ ආණ්ඩුවත් පැරදුන එකේ අනිත් ආණ්ඩු ගැන කවර කතාද? රටේ ජනතාවගේ බලය උත්තරීතර බව සියලු දෙනාම දැනගත යුතුය. ජනමතයට පිටුපාන ඕනෑම ආණ්ඩුවක් ගෙදර යැවීමට රටේ ජනතාවට හැකිය. (නි)
හැබැයි හොරු ළංකරගෙන ඉන්න තාක්කල් නම් බැහැ. (නි)
ටිකක් කල් රට පැනලා ඉඳලා ආයිත් ජනතාවට අමතකවෙයි කියලා හිතලා මොනවාහරි කියනවා ඉන්නවා කියලා පෙන්නන්න. (නි)
කොටි පරාජය කිරීමට මහින්ද මහත්තයාගේ රාජ්‍ය නායකත්වය අපි අගය කරනවා. නමුත් ඔබ ඇතුළු පවුලේ අය කළ වැඩ තමා එතුමාගේ පරාජයට හේතුව. (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
ඔන්න ආයෙත් කට අරිනවා. ඔබතුමා කට වහගෙන ඉන්න තරමට මහින්දට මිනිස්සු ළංවෙනවා. කරුණාකරලා කට වහගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. හිටපු ජනාධිපතිතුමා තාම මිනිසුන්ගේ හදවත් තුළ ඉන්නවා. ඒක නැති කරන්න හදන්න එපා. (නි)
බලාගෙන ඉන්නකෝ.... (නි)
සමහර පෙර වැරදි නොතිබුණා නම් අදත් ජනපති මහින්දයි. (නි)
ප්‍රතිපල එනකොටම ඇමෙරිකාවට දෙන්නා එක්ක පැනපු හැටි අපි දැක්කා. (නි)
තමන්ගේ සිත දන්නවනේ තමන් කරපු දේවල්. (නි)
හොරු ගැන මම දන්නේ නැහැ, හැබැයි වැඩකාරයෝ තමයි මහින්ද කෑවේ. මහින්දගේ මිනිස්සු කියලා සැළකිල්ලක් දැක්වූයේ නැහැ. මිනිසුන්ට හිරිහැර කරලා තමන් හැදුනා. ඔවුන් අමාරුවේ වැටුනා පමණක් නොවෙයි, මහින්දත් සමඟ ජනතාවත් අනාථ කළා. (නි)
කොහොමහරි පෙරළමු. නැත්නම් ඔක්කොම එළිවෙනවනේ. (නි)
ඔය යුද්ධ කතාව අදට වලංගු නැහැ (නි)
කියන්නකෝ ඔබ කොයි සිටදෝ ආවේ... ජනවාරි 8 ගුවන් තොටුපළෙන් නොපෙනී ගියේ, හොරෙන් වගේ ... (නි)
හොර පොල් ටිකක් ගැස්සෙව්වොත් නරකද? (නි)