කල් ඉකුත් වු කාය වර්ධන හා රූපලාවන්‍ය බෙහෙත් ඇතුළු ඖෂධ වර්ග ගබඩාවක් කොළඹට ආසන්න පෙදෙසකින් වැටලු පාරිභෝගික අධිකාරිය රුපියල් කෝටි පනහක පමණ බෙහෙත් වර්ග අත්අඩංගුවට ගත් බව කියයි.
කල් ඉකුත් වු දිනය කපා අලුත් දිනයක් යොදා අලුතින් අසුරද්දී පාරිභෝගික අධිකාරිය මේ වැටලීම සිදු කළේය.
2014 අප්‍රේල් මාසයෙන් කල් ඉකුත් වු ඖෂධ 2015 සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වන දිනය ලෙස සදහන් කරමින් නව ලේබල් යටතේ වෙළද පොළට නිකුත් කිරීමට සකස් කැර තිබු බව ද අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද එතකොට අපි බෙහෙත් කියලා බොන්නේ? (නි)
බලනකොට අපි මොනතරම් නම් පිරිහිලාද? (නි)
මෙවැනි ඖෂධ ශාලා වලින් ඖෂධ මිළදී ගැනීමෙන් වළකින්න. ඔබගේ ජීවිතය නොව ඔවුන්ට වටින්නේ මුදල් පමණි (නි)
කාය වර්ධනය කොහොම වෙතත් එම්බාම් එක කරගන්න තිබුනා මේවා බිව්වා නම් (නි)
මේවද මේ අපි බොන්නේ? (නි)
අන්තිමට රටේ ජනතාවට වෙන්නේ කන්නත් නැතුව ලෙඩකට බෙහෙත් බොන්නෙත් නැතුව මැරෙන්න තමා. (නි)
මොකක්ද මේ සමාගම? (නි)
අපේ මිනිස්සුන්ටත් අපේ දේවල් වල අගයක් නැහැනේ. ඕනෑම ලෙඩකට සිංහල ආයුර්වේදයේ බෙහෙත් තිබෙනවා.කිසිම අතුරු ආබාධයක් නැතුව ලෙඩ හොඳ කරගන්න පුළුවන්.ඉක්මණින් ලෙඩ හොඳ කරගන්න පෙති වර්ග අහුරු පිටින් බොන්න දැන් අපේ අය පුරුදු වෙලා. (නි)
මේ ජාතියේ අය කරනේම කුඩු සහ හොර බෙහෙත් ! අපේ ජාතිය නැති කරනවා. (ස)
මේවා අපි බිව්වා නම්.... (නි)
මේ ව්‍යාපාරිකයා හුදෙක් වංචාකරුවෙක් හොරෙක් ලෙස සැළකීම වැරදියි. යතාර්ථවාදීව සැළකුවහොත් ඔහු මහා පරිමාණ මිනීමරුවෙක් නොවේද? (නි)
මෙහෙම ෆාමසි වලින් කිසිම දෙයක් ගන්න එපා. (නි)
මේවා බලධාරීන්ට පෙනෙන්නේ නැද්ද ? (ස)
පින්තුර ලොකු කරලා බැලුවාමවෙළඳ ලකුණ පේනවා (අ)
දැන් මොකද කරනේ ඔය බත් ටික විනාශ කරන්නේ නැතුව පස්සේ කාලක අල්ලපු කුඩුවල බර අඩුවුණා වගේ මේවායෙත් අඩුවෙයි ද දන්නේ නැ (අ)
මේ බෙහෙත් බීල හැදෙන ලෙඩේට බෙහෙත් නැහැ .(අ)
හොඳ දඩුවම් දිය යුතුයි. (ස)
ඇත්තටම මේ සමාගම ගැන මිනිසුන් දැනුම්වත් කරන්න අවශ්‍යයි. ගොඩක්වෙලාවට සමාගම් හංගන්න මාධ්‍ය කටයුතු කරනවා. සමාගමේ නම වහනවා වගේ ම මිනී මරුවන්ගේ මූණ වහනවා. (ස)
නියම වැඩක්. මම අගය කරනවා.(නදී)
සමහර විට දැනටමත් මේවා අළෙවිය සඳහා ඇති.ජනතාව දැනුවත් කරන්න සමාගමේ නම හා බෙහෙත් වර්ග මොනවද කියා සඳහන් කළානම් ඉතා වටිනවා.දින වෙනස් කර වෙළද පොලට දැමීම මෙම සමාගමට අලුත් දෙයක් වෙන්න බෑ.කෝටි ගණක බෙහෙත් නිසා මේ ඉතුරු ටික වෙන්නත් පුළුවන්.(ස)
අපේ අහිංසක ජනතාවට දෙයියන්ගේ පිහිට තමා; ඕව මෙහාට ගෙන්වන ලොක්කා නම් අනිවාර්යෙන්ම හෙම්බිරිස්සවටත් පිටරට ගිහින් බෙහෙත් ගන්න කෙනෙක් වෙන්ට ඕන. (w)
මොකද කලේ මෙච්චරකල් ඕව අල්ලන්නේ නැතුව (ස)
2014 වසයෙන් සදහන්ව තිබෙන්නේත් කලින් වෙනස් කල ලේබලයක් නම් ? බෙහෙතේ පරණ කම කෙසේ මනින්නද? පාරිභෝගික අධිකාරියේ සියලු දෙනාට ගොඩක් පින්! තමන්ට නියමිත රාජකාරිය අවංකව හරියට කරන්න ,ජයවේවා! (ස)
කාය වර්ධන සහ රූපලාවන්‍ය ඖෂධවලට අද රටේ තිබෙන ඉල්ලුම බොහෝ ඉහල අගයක පවතිනව.ඒ වෙනුවෙන් කෙරෙන ප්‍රචාරක වැඩ සටහන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් නිතර දෙවේලේ අසන්නට බලන්නට ලැබීමත් එයට හේතුවක්.සෞඛ්‍ය පිලිබඳව ජනයා අතර ඇති අල්ප දැනුවත්කම ව්‍යාපාරිකයින් හොඳින් හඳුනා ගැන්මත් මේ නුසුදුසු ඖෂධ බෙදා හරින ජාවාරමකරුවන්ට හොඳ අවස්ථාවක්.(ස)
කල් ඉකුත් වූ ඖෂධ පාවිච්චියෙන් කෙනෙකුට ක්ෂණිකව ප්‍රතිඵල නැතත්,එහි ප්‍රතිඵලයක් ලෙස මරණය ඉක්මන් විය හැකිය.එනිසා මෙවන් ද්‍රෝහීන්ව අනියම් මිනීමැරුම් යටතට ඇතුළත්වන පරිදි නීති සම්පාදනය කර උපරිම දඩුවම් ලබාදීමට පියවර ගන්න (නි)
මෙයාලගේ ෆාර්මසි වල ලියාපදිංචි ඖෂධවේදීන් නැහැ. එත් කවදාවත් අල්ලන්නේ නැහැ. (ස)
මේ පුවත හෙළිකළාට ලංකාදීපයට ස්තුතියි! (නි)
කසුන් ඔයා කියන්නෙ නම් ඇත්තම ඇත්ත තමයි.(දිල්)
හොඳ වැඩක් (ස)
අපි නම් දන්නවා කවුද කියලා (නි)
බෙහෙත් පෙති වල තියෙන නිෂ්පදකයාගේ නාමය කියවන්න. (ස)
මේවට දෙන දඩුවම් උපරිමයෙන් දෙන්න ඕන. (අ)
දැන් එහෙනම් මේවා මීට කලින් බීලා, තියන මස්පිඬු ටිකත් එල්ලා ගෙන ඉන්න පිරිමි ඇත්තන් සහ යසට දිගට තිබුන කොන්ඩෙත් හලාගෙන හමත් රැලි ගස්සාගෙන ඉන්න බවලත් උදවියයි රටේ අනන්තවත් ඇති. (ස)
මේ ගොල්ල නිකන්ම අතටම අහුවෙනවා (ස)
හැමදාම කළේ හොර වැඩ (ස)
මේ ටිකේ සිදුවන සිදුවීම් දිහා හොඳින් සිතා බැලුවොත් මෙම ක්‍රියාවන් තුල ජාතියක් නැති කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා දැයි සැකයක් මතුවෙනවා. (ස)
පාරිභෝගික අදිකාරියට ගොඩක් පින් මෙවැනි වංචාවක් හෙළි කලාට. දිගටම මෙවැනි වැටලීම් කරන්න.(නදී)
මේ දවස් වල පාරිභෝගික අධිකාරිය ඉතාමත්ම වටිනා අගය කල යුතු සේවයක් කරනවා. මොන බලවේගයකට වත් නවත්තන්න නොදී දිගටම කරගෙන යන්න. ඔවා වැටුප් විතරක් නෙවෙයි කුසල් ලැබෙන ක්‍රියාවන්. හැබැයි දේශපාලනය හේතු කොට ගෙන අපහාස කරලා නවත්වන්න බලාවි. වැටලීම් දිගටම කරන්න. ජනතා සහයෝගය ලැබේවි. (ස)
කායවර්ධන කට්ටිය පිටි බිවුවා නම් බොඩිෆිට්, අන්ෆිට් වෙලා යයි (නි)
මිනිස්සු සල්ලි නිසා මෙතරම් පහත් වැඩ කරනවද? (නි)
මේ දේ කළ කෙනාගේ නමත් ප්‍රසිද්ධ කළා නම් අපිට සතුටුයි (නි)
පේනවා නේද දැන් රට යන අත? (නි)
ඉතා අගනා ක්‍රියාවක්. කෝටි 50 ක බෙහෙත් ගෙනෙන්න පුලුවන්ද සාමාන්‍ය කෙනෙකුට? මේ වගේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න. (නි)
මෙය අවුරුදු 25ක ඉතිහාසයක් තිබෙන ආයතනයක්. මෙම අවුරුදු 25 මොවුන් කර ඇත්තේ මෙයයි. මෙය ජාතික අපරාධයකි. මොහුට නිසි දඩුවම ලබා දිය යුතුයි. මොවුන් ආනයනය කරන ලද කිසිම නිශ්පාදනයක් පාවිච්චි නොකරන්න.විශේෂයෙන් මොවුන් ප්‍රචාරනය කරන රූපලාවන්ය නිශ්පාදන පාවිච්චි නොකරන්න. මොවුන්ගේ රූපවාහිනි වැඩසටහන් වල කියන බොරු වලට රැවටෙන්න එපා. මොවුන් විශාල තෑගි ලබා දෙන්නේ කල් ඉකුත් වු නිශ්පාදන වලිනි. (ස)
තව පොඩ්ඩෙන් වෙන්නේ "කාය වර්ධනය" කරගන්න තමා. හොඳ වෙලාවට අහුවුණේ. (නි)
මෙයාලගේ ෆාමසි දෙහිවල , පානදුර, රත්මලාන , තියෙනවා. බෙහෙත් වැරදිලා දුන්න සිද්ධි ගොඩාක් තියනවා .. ඒවා ඔක්කොම සල්ලි වලට යට ගහල තියෙන්නේ. මගේ බබාගේ බෙහෙත් වැරදුනා. දැන් ඒකට වැරදි කාරයා මම. නීතිය ක්‍රියාත්මක කරන අය මට නඩු දාල තියෙන්නෙ මම මෙයාලගෙන් කප්පම් ඉල්ලුවා කියල. වෙච්ච වැරැද්දට ෆාමසියේ කැගැහුවා. ඒකට තමයි මුන් එහෙම කලේ .. ඕකට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දෙනවා කියල. මේකත් සලලි වලට යට ගහයිද දන්නේ නැහැ.(නදී)
මිනිස්සු බෙහෙත් බොන්නේ ලෙඩ සුව කරගන්න. එහෙත් මේවා බිවුවොත් මිනිස්සුන්ට මොනවා වේවිද? මේ ව්‍යාපාරිකයන්ට තදබල දඬුවම් දිය යුතුයි. (නි)
ඉතාම භයානක තත්ත්වයක් රටේ ඇතිවෙලා තියෙන්නෙ.ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් මිනිස් ජිවිතත් සමඟ සෙල්ලම් කරනවා.මේ අයට දෙන දඩුවම් කුමක් වේද?අයථා ලෙස උපයාගත් මුදලින් නීතියෙන් රිංගීමට හිඩැස් හොයාගනු නොඅනුමානයි. (නි)
මේක කරන කෙනා මැරෙන්නේ පනුවෝ ගහලා. ඖෂද අදිකාරියේ මහත්වරුන්ට මේවා පෙන්නේ නැද්ද. ඔකේ තියෙන ප්‍රතිජ්ජීවකය ලංකාවේ ලියාපදිංචි කරලා නැත. අවුරුදු ගානක් ඔය කියන ප්‍රතිජීවකය ලංකාවේ විකුනනකන් ඖෂද අදිකාරියේ මහත්වරු නිදගෙනද හිටියේ .(නදී)
අනේ මගේ රටේ මිනිසුන්ගේ හිත් වෙනස් වූ හැටි... මේ තරම් සාර්ථකව නිහඬව මිනිසුන් වනසන්න පුළුවන් ක්‍රමත් හොයාගෙන... ඉන් තමන්ගේ මඩිය තරකරගන්නත් පටන් අරගෙන... හිත් පිත් නැති මේ කූට ව්‍යාපාරිකයන්ට සිර දඬුවම් දිය යුතුමයි (නි)