හිටපු කොටි නායකයකුට කොළඹ නවාතැන් පහසුකම් සලසා දුන් කොටි සාමාජිකයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා වසරක සිරදඩුවමක් නියම කළේය.
මහේෂ් ක්‍රිස්ටෝපර් විජේන්ද්‍රන් ඥානවේල් නම් කොටි සාමාජිකයා සමග 2002 ජනවාරි 2003 දෙසැම්බර කාලයේ කොළඹ නගරයේ ත්‍රස්තවාදී ක්‍රියා කළැයි නඩුවේදී කියැවිනි.
විජේන්ද්‍රන් වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනෙක් කොටින්ට රැකවරණය දුන්නු අයට මොකද වෙන්නේ ?? (නි)
පොනසි, එතකොට මහා කොටින්ට නවාතැන්, යානා වාහන සැප සම්පත් දීම මොකක් ද ? දේශ ප්‍රේමයද ? .. එහෙනම් ඉතින් මේ කොටියාටත් සමාව දෙන්න ඕන නේ.. (ස)
එතකොට කොටි නායකයන්ට දෙන ලොකු ලොකු තනතුරු? (නි)
එතකොට ලොකු තනතුරු දරන කොටි? (නි)
ඇයි එක අවුරුද්දක්. දෙන්නකෝ අවුරුදු 10ක්. (ස)
ඇයි එතකොට කරුණා අම්මාන් ? (ස)
කිහිප දෙනෙක් ඉහතින් අසා ඇති ප්‍රශ්න මෝඩ නොවෙයි වුණත්, පවතින සමාජ යතාර්ථය ඉදිරියේ කිසිම තේරුමක් නැති ප්‍රශ්න බවට පත්වෙනවා. කන්න හිතුනහම කබරගොයිත් තලගොයින් වෙන මේ යුගයේ කවුද ත්‍රස්තවාදියා, කවුද එයාට නවාතැන් දුන්නේ කියලා අහලා වටිනා කාලය නාස්ති කර ගන්න එපා. (නි)
කරුණා, කේ.පී පිල්ලෙයාන් වැනි ලොකු කොටි නායකයෙකුට රැකවරණ දුන්නා නම් නිකන්ම නිදහස් වෙන්න තිබුනා.(නදී)
ඕව මොනවද? සරත් පොන්සේකාගෙන් පලිගන්න එයාගේ දුවගේ හස්බන්ඩ් ගේ අම්මගේ අම්මත් රිමාන්ඩ් කලේ.(නදී)
දේශද්‍රෝභීන් ටික කුලප්පුවෙලා වගේ (නි)
නවාතැන් දුන්න කෙනා හිරේ. එතකොට කොටි නායකයා? (නි)
මොකට නවාතැන් දුන්නද? (නි)
නඩු තීන්දුව අගය කරමු. නමුත් අද උතුරේ පළාත් සභා මන්ත්‍රීලා කොටි නායකයා ගැන එළිපිට කරන ප්‍රකාශ දිහා බලනකොට බය හිතෙන්නේ නැද්ද? මේවා අහගෙන අපේ ලොක්කෝ සද්ද නැතුව ඉන්නේ ඇයි කියලා මට නං තේරෙන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාව අමාරුවෙන් දිනාගත් අපේ රට. (නි)
අනේ රටකට ගිය කලක්? කොටි මහා අය රකින අයට කිසිවක් ප්‍රශ්න නැහැ. (නි)
අනෙක් කොටි නායකයින්ට නවාතැන් දුන්න අයව හිරේ අරින්නේ නැද්ද? (නි)
අශෝක , මම අහන්න හිතුවා විතරයි ඔය අහලා තියෙනවා (නි)
එතකොට අර අහවල් කොටි නායකයට සුපිරි නවාතැන් දෙන අයට මොකක්ද දෙන දඩුවම? (නි)
කොටි නායකයන්ට නවැතැන් දුන්නු අයට නෙවේ දැන් මේ හොරුන්ටයි කුඩු බිස්නස් කාරයන්ට නවාතැන් දෙන අයට දඩුවම් කරමු. ආපහු කොටි එන්නේ නැහැ. (නදී)
ප්‍රීති ප්‍රීති... (නි)
මේ අය මොහු කොටියෙක් බව නොදැන නවාතැන් දුන්නා නම් ඒත් නිතිය එකමද? එතකොට කොටි බලවතුන්ව ඇමති මන්ඩලයට ගන්න අයට දෙන දඩුවම මොකක්ද?(නදී)
එහෙම කරන්න පටන්ගත්තොත්,සෑහෙන දෙනෙකුට දඬුවම් දියයුතුයි අජිත්.ඕවා කවදාවත් වෙන්නේ නැහැ (නි)
කොටින්ට නවාතැන් විතරක් නොවේ අවි ආයුධ දුන්න අය ඒ වගේම තෑගි බෝග අරගෙන ගිහින් මහා කොටි සමග ෆොටෝ ගත් අයට දඩුවම් නැද්ද ? (නි)