අනුරාධපර විශේෂ මහාධිකරණයේ ත‍්‍රස්තවාදි ක‍්‍රියාවලට සම්බන්ධ නඩු සියල්ල මේ වසරේ අපේ‍්‍රල් මාසය වන විට විභාග කර තීන්දු ප‍්‍රකාශයට පත් කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය තීරණය කළාය.
කොටි ත‍්‍රස්තවාදීන් අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ගුවනින් හා ගොඩ බිමින් එකවර පහරදී ගුවන් යානා 16 ක් විනාශ කර රුපියල් කෝටි හාර සියයක දේපල හානියක් සිදු කර ආරක්ෂක අංශ සාමාජිකියින් 14 දෙනෙකු මරා දැමීම , කොටි ත‍්‍රස්තවාදීන් විල්පත්තුව වනයේ සිට මිසයිල ප‍්‍රාහාරයකින් පාලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටෙනොව් 32 ගුවන් යානයක් තලාව වීරවැව ප‍්‍රදේශයට හෙළා විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයින් 37 දෙනෙකු මරණයට පත් කිරිම, ශ‍්‍රි ලංකා ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී වෙඩි තබා කපා කොට ඝාතනය කිරම,මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් අනුරාධපුරයේදී ඝාතනය කිරිම,කැබිතිගොල්ලෑව යකාවැවදී බස් රථයකට ක්ලේමෝ බෝමිබ ගසා වැසියන් 68 දෙනෙකු මරණයට පත් කර තවත් සිවිල් වැසියන් 60 දෙනෙකුට තුවාල කිරිම ඇතුළු නඩු පහක තින්දු අප්‍රේල් මාසයේ දී දිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් තීරණ ලබාදීම අගය කරනවා (නි)