
(ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා, පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෙම කාන්තාව නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නියකි.
ඇය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අලුයම 03.00 ට පැමිණ, එහි සියලුම පරීක්ෂණ නිමා කර ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක ග්‍රෑම් 587 යි මිලි ග්‍රෑම් 316 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී ඇත.
මෙසේ අත් අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කාන්තාවට ගහන දඩ ප්‍රතිශතය ගණනය කරන්නේ අලි සබ්රි මන්ත්‍රීට ගහපු ප්‍රතිශයටද? නැතිනම් අර ප්‍රංශ ජාතිකයාට ගහපු ප්‍රතිශතයටද, කියන එකත් රටට හරියටම බලාගන්න ගහපු දඩ මුදලත් ප්‍රසිද්ධ කරන්න...
සියලුම පරීක්ෂණ නිමවා එළියට ගියාට පසු ඇල්ලුවා නම් නඩුව ඔප්පු කරන්න පුළුවන්ද? රත්‍රන් යනු කුඩු මෙන් තහනම් භාණ්ඩයක් නොවේ... පෙරකදෝරුවා උසාවියේදී පැවසුවහොත් මෙම රත්‍රන් මාල ටික මෙම කාන්තාවට රේගු පරීක්ෂණයෙන් පස්සේ කවුරුහරි දුන්නා කියලා මොකද කියන්නේ..?
තම සේවය නිසි අයුරින් ඉටුකරන නිලධාරීන්ට අපගේ ප්‍රණාමය...!
ඕවා ඔච්චර ගණන් ගන්න එපා. ඔයිට වඩා හොර බඩු ගෙනාපු කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ කිසි කරදරයක් නැතිව. රනිල්, ගෝඨා වගේ දුර්වල මිනිස්සු ඉන්නකන් මේවා නවත්වන්න බෑ..