1997 දී කොටි සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින කර්නල්වරයකු ඇතුළු යුද හමුදා සාමාජියින් 16 දෙනා ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත‍්‍රාත් එස්.සදීෂ්කරන් නියෝග කළේය
1997 11 28 වන දින අත්අඩංගුවට ගත් සරස්වතී සවුන්දරාජන් සහ මනුතාපිල්ලේ ජයසීලන් නැමති කොටි සාමාජිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවක අච්චුවේලි යුද හමුදා කදවුරේ සේවය කළ හමුදා සාමාජිකනයින් 16 දෙනකු එසේ රිමාන්ඩ් කැරිණි.
නීතිපති උපදෙස් මත මෙම නඩුව පසුගිය 26 වැනිදා මුලින්ම විභාග වූ අතර එදින අධිකරණය වෙත ඉදිරිපත්වූයේ සැකකරුවන් පස් දෙනකු පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි කිරි පොවලා හදාගන්න පුළුවන් තත්වයකද අපි හිටියේ අපේ රණවිරුවන් හෑල්ලුවට ලක් කරන්න එපා (බ)
එහමනං යුද්ධයට දායකවූ රණවිරුවන් ඔක්කොම හිරේ යන්න වේවිද? කොටි ත්‍රස්තයන් විසින් අපේ රණවිරුවෝ දාස් ගණන් මෙහම දස වද දීල, මරල, පුළුස්සා තිබුන නේද? 1990 දී නැගෙනහිර පමණක් 600 ගානක් පැහැරගෙන ගිහින් පණපිටින් වළදැම්මා (බ)
දැන් එතකොට කොටි මරපු එක වරදක්ද? ත්‍රස්තවාදය නැවැත්තුව එක වරදක්ද ? කවුද මේවට නඩු දාන්නේ (බ)
මේක කැකිල්ල රජ්ජුරුවන්ගේ නීතියක් නේ, එතකොට පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවල ආණ්ඩුවේ කීමට යටත් වෙච්ච 800 ක් දෙනාට වෙච්ච දේ ගැන කොටින්ට උත්තර දෙන්න කියන්නේ නැද්ද? (බ)
අපිට දැන් තේරෙන්නේ අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා. (ම)
මේවා ඇහෙනකොට ඇඟේ මාළු ගඟේ නටනවා....(හේ)
ඒකයි රටේ වෙනස...(හේ)
බොහෝම කණගාටුයි.(හේ)
හමුදාවකට ගිය කලක් සැබෑ වෙනස (බ)
ඔබට සතුටුයිද දැන්! (නි)
බොහෝම කණගාටුයි. හමුදාවකට ගිය කලක්! මේවා ඇහෙනකොට ඇඟේ මාළු ගඟේ නටනවා. අපිට දැන් තේරෙන්නේ අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා (නි)
අපෝ යහපාලනය! මමත් දුන්නේ යහපාලනයට. සැබෑ වෙනස මට තේරුණා. ආයෙත් නම් මැරුවත් මොවුන්ට දෙන්නේ නැහැ (නි)