ශ‍්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනකු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදි විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදි කොටි ත‍්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනා ජනවාරි 19 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
ලබන වසරේ ජනවාරි මස 19, 20 සහ 21 යන තෙදිනෙහි නඩුව දිගටම විභාගයට ගන්නා බවද විනිසුරුවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd