රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයක කප්පමක් ඉල්ලා දකුණු ඉන්දියාවේ මණ්ඩරකුප්පම් හිදී පැහැර ගත් දෙමළ යුවළක් බේරා ගත් චෙන්නායි පොලීසිය විසින් ශ්‍රි ලාංකිකයින් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.
බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලද මේ යුවළ - තවරාජා (59) හා ඔහුගේ බිරිය සලාජා (55) - කොළඹ සිට චෙන්නායි නුවරට ගුවනින් පැමිණි අවස්ථාවේ ඔවුන් ගමන්කළ රිය සමග පසුගිය 29 වැනිදා පැහැරගත් බව පොලීසිය කියයි.
තම මව හා පියා පැහැරගත් බවට ඔවුන්ගේ දියණිය දර්ශිනි ලන්ඩනයේ ස්කොඩ්යාඩ් පොලිසියට පැමිණිලි කළාය. ඒ සමගම කප්පම්කරුවන් හා ඇය අතර හුවමාරු වු කතා බහද පටිගත කර ඇය පොලීසියට දුන්නාය.
ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය චෙන්නායි පොලීසිය හා එක් වී එම යුවළ ඉරිදා රාත්‍රීයේදී බේරා ගත්තේය.
මෙම යුවළ තමිල්නාඩුවේ තිරුචිරපල්ලියේ සිට එහි කෝවිල් වැද පුදා ගැනීම සදහා දින නවයක චාරිකාවකට පැමිණ සිටියදී මෙම ඇබැද්දිය සිදු විය.
නාදුනන පිරිසක් දුරකතනයෙන් කප්පම ඉල්ලා ඇත්තේ ලන්ඩනයේ සිටින දර්ශනිගෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම තමිල්නාඩුවේ හොල්මන් කරන කොටි අවතාර තමයි සිංහලයන්ට සෙල්ලන් දාන්න අවසර නැහැනේ තමිල්නාඩුවේ?(නදී)
කාට කියන්නද ? වරද කොතනද ? (නි)
ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය අත ගහපු නිසා බේරුනා. (නි)
අවතාර ! (නදී)