IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝටි දෙකහමාරේ කප්පම වරදී

රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයක කප්පමක් ඉල්ලා දකුණු ඉන්දියාවේ මණ්ඩරකුප්පම් හිදී පැහැර ගත්  දෙමළ යුවළක් බේරා ගත් චෙන්නායි පොලීසිය විසින්  ශ්‍රි ලාංකිකයින් දෙදෙනකු ඇතුළු  නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.

බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලද මේ යුවළ - තවරාජා (59) හා ඔහුගේ බිරිය සලාජා (55) - කොළඹ සිට චෙන්නායි නුවරට ගුවනින් පැමිණි අවස්ථාවේ ඔවුන් ගමන්කළ රිය සමග පසුගිය 29 වැනිදා  පැහැරගත් බව  පොලීසිය කියයි.

තම මව හා පියා  පැහැරගත් බවට  ඔවුන්ගේ දියණිය දර්ශිනි ලන්ඩනයේ ස්කොඩ්යාඩ් පොලිසියට පැමිණිලි කළාය. ඒ සමගම කප්පම්කරුවන් හා ඇය අතර හුවමාරු වු කතා බහද පටිගත කර ඇය පොලීසියට දුන්නාය.

ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය චෙන්නායි පොලීසිය හා එක් වී එම යුවළ  ඉරිදා රාත්‍රීයේදී බේරා ගත්තේය.

මෙම යුවළ තමිල්නාඩුවේ තිරුචිරපල්ලියේ සිට  එහි කෝවිල් වැද පුදා ගැනීම සදහා දින නවයක චාරිකාවකට පැමිණ සිටියදී මෙම ඇබැද්දිය සිදු විය.

නාදුනන පිරිසක් දුරකතනයෙන් කප්පම ඉල්ලා ඇත්තේ  ලන්ඩනයේ සිටින දර්ශනිගෙනි.

 

 



අදහස් (0)

කෝටි දෙකහමාරේ කප්පම වරදී

වරුණ Tuesday, 04 June 2013 01:45 PM

ඔය ඔක්කොම තමිල්නාඩුවේ හොල්මන් කරන කොටි අවතාර තමයි සිංහලයන්ට සෙල්ලන් දාන්න අවසර නැහැනේ තමිල්නාඩුවේ?(නදී)

:       0       0

සුජාන් Tuesday, 04 June 2013 02:34 PM

කාට කියන්නද ? වරද කොතනද ? (නි)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 03:51 PM

ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය අත ගහපු නිසා බේරුනා. (නි)

:       0       0

ජෙප් Wednesday, 05 June 2013 12:44 AM

අවතාර ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site