(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කරුවකුගේ ගෝලයකු බව කියන පුද්ගලයකු පානදුර අලුබෝමුල්ල දික්තුඩුව පාරෙදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිටි පානදුර දික්තුඩුව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකි.
මොහු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අයකුගේ ගෝලයකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට වත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන අයකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සමීපතමයකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd