
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 1 ගෑම් 594 ක් හා කේරල ගංජා කිලෝ 4 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ පාතාල සාමාජිකයකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවල නියැලෙන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මව බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අල්ලනවා විතරද ? දඩුවම් කෝ ?
මේ තමයි හැබෑ යුක්තිය.
හෙරොයින්, අයිස්, අනික් ජාති එක්ක අහු වුණොත් මරණ දඬුවම දෙනවා කියලා නීතියක් ගෙනාවා නම් ඉවරයි. මිනී මරුවෝත්, කොන්ත්‍රාත් එකකට හරි මරණ දඬුවම කියලා නීති ගේන්නකෝ...!
මේ කුඩුත් එක්ක අල්ලන හැමෝටම ඒ අල්ලන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ street value එකට සමාන දඩයක් ගහන්න ඕනේ. මේ අල්ලපු අය හැමෝම අතරමැදියන්. එයාලා එතකොට බය වෙනවා අතරමැදියන් විදිහට මේ කුඩු වෙළඳාමට එකතු වෙන්න. මොකද එයාලාට ඔය තරම් ගාණක් හොයන්න බෑ කොච්චර කුඩු වික්කත්...!