යුද සමයේදී කොටි සංවිධානය කළ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු විහඬ සංවිධානය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් බාරදුන්නේය.
අද පෙරවරුවේ කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ල බාරදුන් එම සංවිධානය කියා සිටියේ ත්‍රස්තවාදී කටයුතු හා බැඳුණු අපරාධවලට සම්බන්ධ බව ප්‍රකාශයට පත් කළ සංවිධාන 16ක් හා පුද්ගලයන් 424 දෙනකුට එරෙහි විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලි කළ බවයි.
රජය ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාවට දැක්වූවා මෙන් උනන්දුවෙන් තමන් කළ පැමිණිල්ල පිළිබඳවද සොයා බලන ලෙසද ඔවුහු පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් අපේ හාමුදුරුවනේ. දෙමල මිනිස්සුන්ට විතරක් නෙවෙයි සිංහල මිනිසුන්ටත් සාධාරණයක් වෙන්න ඕනේ. (බ)
නුවන් කතා කරන්නේ හීනෙන්ද . ඔය අපේ හමුදාවට දඬුවම් කරන්න හදන්නේ (බ)
වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. (නි)
රණේ මහත්තයෝ හමුදාවත් නීතියට යටත්... හමුදාවෙ ඉන්න සුලු පිරිසකුත් වැරදි කර ඇත්නම් දඬුවම් දිය යුතුයි.(අ)
හොද වැඩක් හාමුදුරුවනේ උබ වහන්සේ කරලා තින්නේ. (ර)
නුවන් කතා කරන්නේ හීනෙන්ද. (ර)
හොද වැඩක් අපේ හාමුදුරුවනේ. (ර)
කොටින් ශ්‍රී ලංකා භුමිය මත පුපුරුවා හැරිය බෝම්බ සහ ගම පිටින් සමුලඝාතනය කරමින් කල අපරාධ ලෝකයට නැවත මතක් කරලා දෙන්න හොඳ උත්සාහයක්. අපේ සහයෝගය ඔබ වහන්සේට. (ර)
අපේ හාමුදුරුවනේ ඉතාමත් හොද ආදර්ශවත් ක්‍රියාවක් , ඒකවත් පිරිසුදු දෑසින් අගය කරන්න බැරි උදවිය අනේ මන්දා. (ර)
නාමල් මහතා මම හැමදාම ඔබතුමා ගේ අදහස් බලනවා , මොන නමින් පෙනී සිටියත් , ඔබතුමා දන්නවා නේ ලියන්නේ මොනවද කියලා හිතට එකගව . ඔබතුමා එජාපෙ නම් ප්‍රශ්නයක් නැහැ , එජාපය වෙනුවෙන් කතා කරන්න , එ්ත් ඇයි මේ රටේ වීර රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටින ජනත්වාවට ද්‍රෝහී වෙන්නේ . හයිබ්‍රිඩ් අධිකරණයේ කොහෙද තියෙන්නේ කොටින්ට දඩුවම් කරනවා කියලා . කොහෙද කොටි ඉන්නේ දඩුවම් කරන්න ? යාලද විලපත්තුවේද ?? මේ කතා කරන මොහොතේ හිටපු හමුදාපතිවරු 5 දෙනෙක් ව ප්‍රශ්න කරනවා බොරු හෝ සුළු චෝදනා හදා හදා ( සරත් ෆොන්සේක මහතා නම් තරු හා පටි ගහගෙන පොත් ලියන්න යනවා , එතුමා එක්ක වැඩ කරපු සහෝදර සෙන්පතියෝ ප්‍රශ්න කරනවා , ඇතුලට ගන්න ) මට කියන්න කෝ ප්‍රශ්න කරපු කොටි ගැන , ඔබතුමා ගේ ජාතිය මම දන්නේ නැහැ , අදාලත් නැහැ , නමුත් මෙතන වෙන්නේ හමුදා දඩයම පමණයි , මොකද එතකොට ආයේ කවදාවත් හමුදාවන් මේවට ඉදිරිපත් වෙන්නේ නැහැ . ඔබතුමා හෝ වෙන ඕනෙම කෙනෙක් මොන නමින් දැම්මත් තමා හර්ද ශාක්ෂිය දන්නවනේ , මේ ලිව්වේ මමයි , මේ ප්‍රතිචාර මටයි කියලා . (බ)
හොඳ වැඩක්. බලමු මොනවා වෙයිද කියලා (නි)
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවලු (බ)
කොටි කියල කිව්වේ හාමුදුරුවනේ කේ පී ,කරුණා පිල්ලයාන් ගෙන එහෙම නෙවෙයිනේ? (බ)
හොද වැඩකට අපේ සහයෝගය. (ර)
විවිධ නම් දාගෙන රටේ ජනතාව අන්දන්න හදන මහත්වරු ඉන්න බව අපි දන්නවා.මේ සමහරු ලියන්නේ සාධාරණ අපක්ෂපාති බුද්ධිමතුන් වගේ.නාමල් මහත්තයා ,නුවන් මහත්තයා මේ ලිපියට අදාළ කොටි කරපු මහා අපරාධ මිසක් යුද්ධයේ අතුරුඵල හැටියට වූ දේවල් නෙමෙයි.හැම තිස්සෙම අපේ හමුදාව ගැන කියලා අපිට කියන්න හදන්නේ මොකද්ද? (නි)
අපි කියලා මොනවා කරන්නද? (නි)
ඔය ටික කරන්න ඕනෑ හැටි කාලයක් තිබුනනේ පහුගිය ආණ්ඩුව කාලේ. මොකෝ හදිස්සියෙන්ම? (නි)
මහානාම ඔබ හරි අපේ ගොඩක් අයට හැම දෙයක්ම දැන් අමතකයි. (ර)
මොන දේ කළත් කමක් නැහැ, අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතුව (නි)
හරිනම් අපි නඩුදාන්න ඕන 1505 - 1948 වෙනකම් අපේ රටේ ඉවර කළා අපිට මේ දෑවැද්ද දීලා ගියා උන්ට විරුද්ධව (බ)
මේක නම් හොද වැඩක්. අපේ සහයෝගය. (ර)
විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ (නි)
අපේ හාමුදුරුවනේ, මහ බැංකුව වංචාව ගැනත් පරීක්ෂණ කරන්න පැමිණිලි කරන්න (නි)
හිතින් දුක් විදි ප්‍රශ්නයක්., කෙනෙකුට කියා ගන්න බැරුව.., ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරන උදාර මෙහෙයට., අපේ රටේ ගම් පිටින් ඝාතනය කරා දැන් ගොඩක් යට ඒවා අමතක වෙලා. මහානාම ඔබට මගෙන් තුති මල් මිටක් (අ)
'මගේ' කියලා නොව 'අපේ' කියලා හිතනදාට ඔය ප්‍රශ්න ඉවරයි.ඒකට තව කාලයක් යයි. (නි)
මෙන්න හොඳ වැඩ. කෑ ගහ ගහ බෝඩ් උස්සන් ඉන්නේ නැතුව මේවගේ වැඩ කරන්න ඕනේ. (බ)
හයිබ්‍රිඩ් අධිකරනයේ කොටින්ගේ හා හමුදාවේ යන දෙපක්ෂයේම වැරදි විභාගවෙනවා කියලා දන්නැද්ද? (ර)
එකත් දෙමුහුන් දේශීය යාන්ත්‍රණයට කරන්න හැකි නේද.? (ර)
නෑ මේකට අපේ රට මේ තත්වයට පත් කළ බ්‍රිතාන්‍ය, ලංදේසි, පෘතුග්‍රීසි යන රටවල් කළ විනාශය නිසා අතුරු පලයක් විදිහට වුන දෙයක් නිසා මේකත් එක්කම ඒ රටවල් මෙහේ කරපු විනාශය ගැනත් පරික්ෂණයක් කරන්න. (බ)
අපේ රටේ මෙතුවක් උන්න දේශපාලකයෝ හා එන්. ජී .ඕ. කාරයනට කඩේ යන සිංහල සංවිධාන කිසිම දිනක කොටින්ට විරුද්ධව නීතිමය පියවර ගන්න කියල කිසි තැනක කිසිම නීතිමය පියවරක් අරන් නෑ ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේට පින්සිදු වනවා අපේ සිංහල ජනතවට සිදුවුණ හා කොටි කළ විනාශය කොටි ගැනත් පරීක්ෂණයක් ඕනෑ කියල නීතිමය පියවර ගත්තට එසේම මේ සදහා ජනතා බල ලබා ගන්න මුළු ශ්‍රී ලංකාවේම ඉන්න ජනතාවගෙන් මෙයට බල කර සිටින ලියවිල්ලක් අත්සන් අරගන්න සියලුම සංවිධාන වලට මේ සදහා සහය දක්වන්න කියන්න අපට බල ගන්න පුළුවන් කවුද මේකට අකුල් හෙලන්නේ කවුද එන්.ජී.ඕ මුදල් වලින් මේවා යට ගහන්නේ කියල ලෝකයේ ඕනෙම තැන සිටින සියලුම ශ්‍රී ලාංකීය ජනතාව මේකට සහයෝගය දෙනු නියතයි මේ කරන්න කියල රජයට බල කරන්න තරාතිරම නොබලා කොටින්ට සහයෝගය දුන් සියලු දේශපාලකයන් හටද නීතියට ගෙන එන ලෙස බල කරන්න අපේ මේ සදහා අවැසි ඕනෙම දෙයක් කරදෙන්න සුදානම් (බ)
මහානාම ඔබ හරි. නාමල් ඔයාල හිතන දේවල් මේ රටේ තාම කරන්න බැහැ. ඒක නිසා පිට රටකටම වෙලා ඉන්න ඒක හොදයි. (ර)