වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු කියති.
මහමෝදර රෝහලේ දී උපත ලැබූ මේ දැරියට සැත්කම කර ඇත්තේ උපත ලබා තුන්වැනි දිනදීය. කුසේ සිටින දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට කටයුතු කැර තිබිණි.
උපත ලැබුවේ දැරියකි. ඇගේ කටේ විශාල ගෙඩියක් එල්ලෙමින් තිබිණි. මේ හේතුවෙන් ඇගේ කට වැසිය නොහැකි විය. දැරියට මව් කිරි බීමට ද හැකියාවක් තිබුණේ නැත. ඇය නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ වෛද්‍යවරු ඇගේ උදරයෙන් බටයක් යවා මව්කිරි දිමට කටයුතු කළහ.
පසු දින කරාපිටිය රෝහලේ දී දැරිය පරීක්ෂාකළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇය ශල්‍යකර්මයකට යොමු කළ යුතු බවයි. ඒ ඇය ඉපදී තුන්වැනි දිනයේ දී ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.කස්තුරි හා මුඛ හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.කේ.ඩයස් මහතා ශල්‍ය කර්මය සිදුකළහ. නිර්වින්දන කටයුතු සිදුකරන ලද්දේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා විසිනි.
ශල්‍ය කර්මයෙන් ගෙඩිය ඉවත් කළ පසු පෙනී ගියේ එය ගෙඩියක් නොව වර්ධනය නොවූ කලළයක් බවයි. එම කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කළ අතර එහි එක් කලලයක් නොව වර්ධනය නොවූ කලල දෙකක් ඇති බව දැනගන්නට ලැබී ඇත.
වෛද්‍යවරු පවසන්නේ මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් බවයි. සැත්කමින් පසු දැරිය ඉතා හොඳින් සිටින බවත් දැන් මවගෙන් කිරි උරා බොන බවත් වෛද්‍යවරු කියති. එසේ වුව ද ඇගේ උඩු තල්ල දෙකට බෙදී ඇති බැවින් ඇයගේ කථන හැකියාව වර්ධනය කිරීම සඳහා වසර එකහමාරකින් යළි උඩු තල්ලේ සැත්කමක් කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ නිගමනයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (නි)
මාත් අම්මා කෙනෙක් , දරුවා දැක්කම කියාගන්න බැරි වේදනාවක් දැනුනා. දුවේ නුබට තෙරුවන් සරණයි. (රේ)
ඉක්මන් සුවය ලැබේවා. බුදු සරණයි...(රේ)
වෛද්‍යවරු මිහිපිට සිටින දෙවියන් බව ඔවුන් අපට සැමවිටම ප්‍රත්‍යක්ෂ කරනවා. ඔබලාටත් අහිංසක දරු පැටියාටත් බුදු සරණයි...(රේ)
දේව කරුණාවෙන් ඉක්මන් සුවය ලැබේව.වෛද්‍ය වරුන්ට ස්තුතියි.(රේ)
දොස්තර මහතාට පිං . වෙන කාටවත් නෙමේ ...(රේ)
පැටියාට ඉක්මන් සුවය පතමි. (නි)
තෙරුවන් සරණයි! අනේ පවු. පොඩි එකාට කතාකිරීමේදි ගැටලුවක් නොවේවා! (නි)
ඉක්මනින්ම සුවය ලැබේවා! (නි)
බුදු සරණින් චූටි දුවට සුවපත් වේවා....(රේ)
ඉක්මන් සුවය ලැබේවා..!!! (ම)
බුදුසරනය් චුටි දුවේ ඔයාට , ඉක්මනින් සුවය ලැබේවා (ම)
සැබෑ දෙවියන් ඔබයි. ඔබට තෙරුවන් සරණයි! මේ දියණිය ඉක්මනින් සුව වේවා! (නි)
චූටි බබෝ, ඔයාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා! (නි)
ඔබට පින් දොස්තරවරුනේ! මිහිපිට සිටිනා දෙවියන් ඔබයි (නි)
ඔය කියන කරුණාව තිබුනානම් දෙවියන්ට දරුවා ඔයවගේ කරදරයක් නොවී ඉපදෙන්න තිබුනානේ.මුනුස්සයන්ට මනුස්සයන්ගේ පිහිට විතරයි තියෙන්නේ.(රේ)
අනේ! මෙවන් දේවල් කිසිවෙකුට වෙන්න එපා (නි)
බුදු සරණින් ඉක්මන් සුව ලැබේවා! (නි)
බුදු සරණයි (ම)
බුදු සරණයි චුටි දුවට කිසිදාක මෙවන් දෙයක් සිදු නොවේවා(රේ)
පැටියෝ, ඔයා ඉක්මනට සනීප වෙන්න කියා පතනවා (නි)
මේ දරුවට නිරෝගිමත් හෙට දවසක් උදා වේවා අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (බ)
මේ දරුවට නිරෝගිමත් හෙට දවසක් උදා වේවා අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ම)
මේ දරුවට නිරෝගිමත් හෙට දවසක් උදා වේවා අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ම)
ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතනවා දු පැටියෝ...(රේ(
මගේ චුටි පුතා මතක් උණා. පුතේ ඔයාට දළදා පිහිට ලැබේවා! (ස)
වෛද්‍යවරු හෙදියන් ඇතුලු සියලු දෙනාටම පිං. ළමයට බුදු සරණයි (ම)
මේ කාලය දරුවන්ට අපල කාලයක්.මෙම දරුවා ඇතුළු සියලු දරුවන් රැකදෙන්න සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා.ජනේරු 8 කියන්නේ මහා මුසල දවසක්. (බ)
ඉක්මනින්ම සුවය ලැබේවා! (නි)
දේව මෑණියන්ගේ ආරක්ෂාවෙන් මේ දරුවාට කිසිදු අතුරු ආබාධයක් නොවී ඉක්මන් සුවය ලැබේවා .....! (නි)
දොස්තර දෙවියන්ගේ කරුණාවෙන් දිවි බේරුණු දරුවාට සුබ අනාගතයක් පතමි. (නි)
ඉක්මන් සුවය ලැබේවා නමෝ බුද්ධාය ....(රේ)
වෛද්‍ය කණ්ඩායමට දිර්ඝායුෂ !!! අනෙක වාරයක් පිංසිදු වේවා !!!(රේ)
ඔබ තුමන්ලා අපගේ දෙවියෝය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ඉක්මන් සුවය පතමි,,,,,,,,,,,,,,,,,,,,,,,,,(රේ)
වෙදදුන්ට හා චූටි පටියට තෙරුවන් බෙලෙන් දීර්ගායු වේවා.(රේ)
තෙරුවන් සරණින් ඔයාට ඉක්මනට සනීප වෙනවා චුටි පැටියෝ (රේ)
ඔයාට ඉක්මනින්ම සනීප වෙන්ව චූටි පැටියෝ බුදුසරණයි ඔයාට (රේ)