දෙපාර්ශවයේ ආශිර්වාදය මත දහහතර හැවිරිදි දැරියක මනාලියක ලෙස කැන්දාගෙන විත් මංගල සාදයක් පවත්වමින් සිටි තංගල්ල කුඩාවැල්ලේ 18 හැවිරිදි ධීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට මාතර රෝහලට ඇතුළු කර ඇත. පොලීසිය එහි යනවිට දැරිය රතු සාරියකින් සැරසී සිටි බවත් මංගල සාදයට 300කට අධික පිරිසක් සහභාගි වී සිටි බවත් පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමේ පොලිසිය අමරෙ මාමාව අල්ලන්න බය නිසා අපේ විවාහය කඩාකප්පල් කරන්න ආවා.. අපිව අත්අඩංගුවට ගත්තම ඒකෙන් බේරෙන්න පුළුවන් වෙන දෙයකට ගිය නිසා අමරේ මාමගෙ වැඩේ පස්සට දැම්ම කියලා..
පැන ගන්න තිබුණනේ
අඩු වයසින් කසාද බදින එක හින්දු චාරිත්‍රයක්
රතු සාරිය ඇදලානේ හිටියේ.එහෙනම් මේක "වෙරළු මල් සුවද " වෙන්න එපායැ
පොලීසියට අල්ලන් ගිහාම ඔක්කොම හරිද?,දෑන් මේ ළමයගෙ අනාගතෙට මොකද වෙන්නෙ. මේව කරන හොර රෙජිස්ටාර්ල අල්ලන්න ඕන .
දෙපාර්ශවයේ කැමැත්තිනම් ඒ දෙන්නත් කැමති නම්.. පොඩි ප්‍රශ්ණයකට තියෙන්නෙ වයස..අද කාලෙ වෙන දේවල් වල හැටියට මේ මොන කතාද ..
දෙන්නට හොදනම් කාටත් මොකද?
...සංජිවට පිළිතුරක්... මතක තබා ගන්න සිදුහත් කුමාරයා විවාහ අභිෂේක ලබන විට යසෝදරාවට අවුරුදු 16 යි.සිදුහත් කුමරු උපදින විට ඉපදුනු තවත් කෙනෙකි යසෝදරා කුමරිය.පුවත් විහිළුවක් කර නොගෙන අවබෝදයෙන් ලියන්න.ස්තුතියි
රාවණාට ස්තූතියි.වටිනා ලිපියක් මේක
පොලිසි වල අය මේ වගේ අහිංසකයෝ නම් කිසිම පැකිලීමකින් තොරව අත්අඩංගුවට ගන්නවා. එත් අර සමහර අයයලාව අල්ලන්න නම් වරෙන්තුම කීයක් ඕනද
ගල හොදනම් අබරන කහ මක්වේද
අපට නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ......
කැමැත්තෙන් බැන්ඳත් අවුරුදු දා හතරක් කියන්නේ ස්ව කැමැත්ත දිය හැකි වයසක් නෙමෙයි, ඒක නිසා මෙතැනදී නෛතිකව ඒ ළමයාගේ කැමැත්ත තිබුනා කියල කොහෙත්ම පිලිගන්න බෑ. අවුරුදු දාසයක් තමයි විවාහ වීමට නෛතික අවම වයස. මට හිතෙන්නේ මෙතැන සිද්ධ වෙලා තියෙන්නේ දෙන්නා ලිංගිකව එකතු වෙලා ළමයෙක් ලැබෙන්න ගිය නිසා විවාහයක් ඉක්මන් කලා කියල. ඇත්තටම එහෙම වුනානම් මේ අය කරලා තියෙන්නේ ලංකාවේ තත්වය අනුව වඩා ප්‍රායෝගිකම දේ. කොසොල් රජ තුමා දැකපු හීනය මේකට අදාල වෙන්නේ නැ බුදු දහම පැත්තෙන් බැලුවත්, මොකද සිදුහත් කුමාරයත් අවුරුදු දාසයකින් නෙ කසාද බැන්දේ. කොසොල් රජ තුමාගේ හීනයේ තියෙන්නේ අවුරුදු පහේ, හයේ වගෙ ළමයි කසාද බඳින කතාවක් ගැන මිසක් අවුරුදු දාහතරක ළමයෙක් ගැන නෙමෙයි නේ. අවුරුදු දා හතරක් කියන්නේ නීතියට අනුව දරුවෙක් මිසක් වැඩිහිටියෙක් නෙමෙයි, ඒත් කටේ කිරි සුවඳ තියෙන ළමයෙක් කියන්නත් බෑ. කෙසේ වෙතත් 16ට අවුරුදු දෙකකින් බාල වීම ගොඩක් ලොකු ප්‍රශ්ණයක් විදියට නොසලකා පොලිසියට තිබුනා ටිකක් හිතන්න. මේ ප්‍රශ්ණය ඉක්මනින් නඩුවකින් විසඳේවා කියල මම පතනවා, මොකද බුද්ධිමත් විනිසුරුවරයෙක් හිටියොත් මේ ගැහැනු ළමයා මානසිකව සහ ශාරීරිකව වැඩිහිටියෙක් ලෙස වර්ධනය වී ඇත්දැයි සලකා බලා සමාවක් දී නිදහස් කිරීමට ලොකු ඉඩකඩක් තියෙනවා.
හරි දැන් ඕක නීතියට අනුව වැරදියි කියමුකෝ, ඒත් දැන් ඒ දෙන්නා බැන්දේ කැමැත්තෙන් නම්, නීතියට අනුව කොල්ලව හිරෙ දැම්මොත් කෙල්ලට මොකද වෙන්නෙ, ඒ කසාදෙත් ඉවරද? නීති තියෙන්න ඕනෙ මිනිස්සුන්ව පාලනය කරන්න, ඒත් මේවගෙ සිදුවීම් මීට වඩා මානුශිකව හිතන්න වෙයි. කොල්ල හිරේ ගිහින් කෙල්ල නන්නත්තාර උනොත්, පෝලීසිය හරි නීතිය හරි බලාගන්නවද? අනික 300 විතර කියල මගුලක් කෑව කියන්නෙ ඉතින් හොරෙන්/බලෙන් කරපු එකක් වෙන්න බෑනෙ. පොඩ්ඩක් මේව හිතන්න ඕනේ. කොහොමත් ඉතින් රටෙ නීතිය තියෙන්නෙ පොඩි දෙකයි පනහෙ අපි වගෙ උන් මට්ටු කරන්න මිසක් තෝරු මෝරු කරන ටොන් ගනන් වැරදි අල්ලන්න නෙවේනෙ.
කිරිමාටියටත් දූල හිටියනමි ඔහොම කියන්නෙ නැහැ
එම්"2012-06-22 14:08:05" මේක යකාගෙ කතාවක්නෙ,මේකේ කමෙන්ට්ස් දාන එකට එයාට මොකද්ද තියෙන අමාරුව?
යකෝ අද කරන තරමක් නරක වැඩ ආරංචි වෙන්නේ වැඩිපුරම මේ පැත්තෙන්නේ
පව් අනේ කිරිසප්පය
කාගෙ කැමැත්ත තිබුණත් නිසි දේ නිසි කලට මිස අකලට සිදු නොවිය යුතුයි.. වැඩිහිටියන් බාලවයස්කරැවන් යනුවෙන් සමාජය වෙන් කර ඇත්තේ ඒ නිසයි.. බාල වයසෙදි නොදන්න කමින් ප්‍රශ්නවල පැටලෙනවා.. මෙහි ප්‍රතිඵල භයානකයි..
එක පාර හත් අට දෙනා මරණ මිනී මරුවෝ අල්ලන්නේ නෑ . හැමෝගෙම කැමැත්තෙන් කසාද බදින අය අල්ලනවා
මේ ගැහැණු ළමයා පියෙකු නොමැතිව දරැවකු බිහිකළානම් කවුද බලාගන්නෙ..?? මේ මනුස්සයා ගොඩක් ලොකු දෙයක් කරල තියෙන්නේ ඒ ගැහැණු ළමයව කසාද බැදීමෙන්..ඔහුව නිදහස් කර ජීවිතය නිදහසේ ගොඩනගා ගැනීමට ඉඩ දෙන්න.. කීදෙනෙක් පාසල් සිසුන් ගැහැණු ළමුන් අපයෝජනයට ලක් කරනවාද? සමහර පිරිස් (මෑතකදී විදුහල්පතිවරයෙක්, දේශපාලනඥයන්, පාතාල කල්ලි ආදී පිරිස් විසින්) පිටරට නිවාසවලට කී දෙනෙක් ළමුන් විකුණනවාද? මොකද වෙන්නෙ ඊට පස්සෙ..?? මේවගේ දේවල් ගැනත් හිතල තීරණය කරන්න..
දෙන්න කැමතිනමි වෙන අවිලක් නෑනේ.ලංකාවෙ ඔහොමමයි. තමන්ට අදාල නැති වැඩක්මයි කරන්න හදන්නෙ...
මේ අදහස් දක්වනකොට ටිකක් බුද්දිමත්ව හිතන්න .මේ විදිහට බාලවයස් ළමයි විවාහ වෙනඑක අනුමත කලොත් ඉදිරි අනාගතේ නුගත් රටක් තමයි අපට දකින්න වෙන්නේ ඉගන ගන්න කලේ කසාද බැන්දහම අපේ රටට මොනවද වෙන්නේ ඒවයසේ ළමයි දෙමාපියන්ගේ යටතේ හැදෙන්න ඕන මිසක් එයාල ළමයි බලාගන්න වයසක් නෙවි අතීතේ එහෙම උන කියලා දැනුත් එහෙම ඔන්න ඕනෙද එදයි අදයි ලෝකේ කොතරම් වෙනස් වෙලාද අපේ ඉදිරි පරපුරවල් බුද්දිමත් උගත් ඕනේ අපේ රටට නුගත් මෝඩ පරම්පරාවක් නෙවි මේ වගේ වැඩවලට අනුබල දෙන වැඩිහිටියන්ට තමයි දඩුවම් කරන්න ඕනේ
බැදගත්තානම් බෙරය ගහපං මල්ලියෝ...
කොසොල් රජතුමා.. "ස්වාමීනි රජමාලිගාවෙ මිදුලේ වියතක් දෙකක් පමන උස පුන්චි ගස්වල මල් පීදිලා.ලොකු ලොකු ගෙඩිත් හටගෙන.මට හිතාගන්න බැරිවුනා මේ සිහිනය" බුදුන්වහන්සේ.. "රජතුමනි අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩිවෙනවා.ඔවුන් කුඩා කාලයේදීම පෙම් බැඳ විවාහ වෙනවා.ඔවුන්ගේ ආයුශත් අඩුවෙන වා.ළදරු වියේදීම ගැබ්ගෙන දරුවන් බිහි කරනවා.මෙයයි මේ සිහිනයේ ප්‍රතිඵල.මෙය අනාගතයේදී සිදුවන දෙයක්."
කොසොල් රජතුමා.. "ස්වාමීනි රජමාලිගාවෙ මිදුලේ වියතක් දෙකක් පමන උස පුංචි ගස්වල මල් පීදිලා.ලොකු ලොකු ගෙඩිත් හටගෙන.මට හිතාගන්න බැරිවුනා මේ සිහිනය" බුදුන්වහන්සේ.. "රජතුමනි අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩිවෙනවා.ඔවුන් කුඩා කාලයේදීම පෙම් බැඳ විවාහ වෙනවා.ඔවුන්ගේ ආයුශත් අඩුවෙන වා. ළදරු වියේදීම ගැබ් ගෙන දරුවන් බිහි කරනවා.මෙයයි මේ සිහිනයේ ප්‍රතිඵල.මෙය අනාගතයේදී සිදුවන දෙයක්."
කසාද බදිනකොට උප්පැන්න සහතිකේ බලන්නෙ නැද්ද?
පොලීසිය ලොකු වීරකමක් කරලා තියෙන්නේ. දෙපැත්තම කැමති නම් උන් දෙන්නා කැමති නම් මොකද? රටේ හොරැ පාතාලේ නිදැල්ලේ ඉන්නවා.පොලීසියට මේක තමයි අල්ලන්න පුලුවන්.
ළමයෙක් වගේ බලාගනී......
අපි නම් දන්නවා ලංකාවේ අයට පිස්සු කියලා.... හා හා හා හා .. එන්නකෝ අපේ රටට කැමතිනම් අවුරුදු 10 න් හරි බැඳ ගන්න්න no Problem .
එයාලගෙ කැමැත්ත නම් අපි මොකද ඉතිං කරන්නෙ.. වයස තමයි අවුල නේද?
හොද වැඩේ..
බඩුත් ඵක්ක භොරු අහුවෙන කොට ඇස් කන් පියාගෙන ඉන්නකාලේ ඔය ඔත්තුව දිපු ඵක්කෙනා හරියටම වයස බලලා ගෙනාවද කියලා බලන්න
බඩුත් ඵක්ක භොරැ අහුවෙන කොට ඇස් කන් පියාගෙන ඉන්නකාලේ ඔය ඔත්තුව දිපු ඵකානන් හරියටම වයස බලලා ගෙනාවද කියලා බලාපල්ලා
අනේ ඔය රජ කාලෙත් ඔය වයසෙදි බැන්දේ
අවුරුදු 14ක් කියන්නේ බබෙක්ගේ වයසක් නෙවෙයිනේ.හැමෝම කැමති නම් කාටවත් තියෙන අමාරුව මොකක්ද?
කමක් නෑ.දෙන්නගෙම කැමැත්තනේ
ඕවා ඔහොම තමයි
මේවගේ නීති ගෙනල්ල තියෙන්නේ රට හදන්නවත් සමාජය ආරක්ශා කරන්නවත් නෙවෙයි. හුදෙක් බාටහිර කාන්තාවාදය අනුව යන කාන්තාවාදීන් සතුටු කරන්න. විවාහ වන වයස් සීමාව ගෑන ප්‍රශ්න තිබුනත් ඒ එකක්වත් මහාලොකු දේවල් නෙවෙයි. මේ වගේ නීති ක්‍රියාත්මක කරල මිනිහෙකුගෙ ජීවිතේ විනාශ කර සතුටක් ලබන්නේ කාන්තාවිමුක්තිකාමීන් කියල කියාගන්නා කුහකයින්මයි. මේ කුහකයන් ගෑනු පිරිමි දෙපාර්ශවයටම අයත් සමලිංගිකයන් විසින් කරන උග්‍ර ළමා අපචාර හමුවේ රඟපානේ අන්ද ගොලු බීරී චරිත.
මනමාලය අත්අඩංගුවට ගන්න කලින් පොලිසියට රෙජිස්ටාර් අත්අඩංගුවට ගන්න අමතක වෙලාද
ජෝඩුවට ප්‍රශ්නයක් නැත්නම්, දෙමවුපියන්ටත් ප්‍රශ්නයක් නැත්නම්, බලන් ඉන්න අයටත් ප්‍රශ්නයක් නැත්නම්, සමාජයේ පිළි ගන්න විදියට වැඩෙක් කළා නම් මෙතන වෙන ප්‍රශ්නයක් නැහැ
අනේ චතු මොනවද මේ ලියන්නෙ. කිරි සප්පායෝ ඔය මොනවත් දන්නෙ නැ. දෙයියොත් සාක්කි කසාද බැන්දෙ බෙර කොටයක් නෙමෙයිනෙ නේද?
අනේ චතු ....මොනවද ඔය මේ ලියන්නේ ....කිරි සප්පයෝ ඔය මොනවද දන්නේ
වයස ප්‍රශ්නයක් තමයි.ඒත් දෙමාපියන් කැමති නම් අනික් අයට මොකද?
දැනෙනවා.. දැනෙනවා පිටි කිරි සුවද තමා දැනෙනවා...
දැනෙනවා …දැනෙනවා Anchor කිරි පිටි සුවඳ තාම දැනෙනවා .
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-24 20:41:48 "කල්ප විනාශය කිට්ටු වෙනකොට හැම දෙයින්ම මිනිසුන් පිරිහිලා යනවා. ඒ යුගයේදී නොදරුවන් අතර විවාහවීම් ලිංගික චර්යා සිදුවන බව බුදුදහමේ දක්වා තිබෙනවා.දැන් වර්තමාන සමාජයේ දකින්න තිබෙන එවැනි පිරිහීම් අනුව මෙවැනි දෑ සිදුවීමේ එතරම් ලොකු පුදුමයකුත් නැහැ. නිසි සුදුසුකම් සපුරා විශ්වවිද්‍යාල පශ්චාත් උපාධියක් ලබා ගත් සැබෑ උගතෙකු පරීක්ෂා කිරීමට ඉදිරිපත්වන පුද්ගලයින් එවැනි පාතාල මදාවි ආචාර්ය උපාධි දරන්නන් පරික්ෂා කිරීමට ඉදිරිපත් නොවෙන්නේ කණේ පහරක් කෑමට ඇති බිය නිසාය." කල්ප විනාශය කිට්ටු වෙනකොට නියම උගතුන් යටපත් වී මෝඩයින් ඉස්මතු වන කතාවක්ද අප අසා ඇත.
ගොඩක් හොඳයි....
පොලිසිය මංගල්‍යය කටුගායිද??
මනමාලයානේ බැන්දේ.මේකේ කමෙන්ට්ස් දාන උන්ටනේ අමාරුව
මේක වැරදියි බලහත්කාරයෙන් කරල තිබ්බනම්. මේ රටේ වෙන අපරාධවල හැටියට වරදක් නොවේ මේක..
ඒදෙන්නට දෙන්න කැමතිනම් බැන්දම මොකද වෙන්නෙ..
ආදරය නිසානෙ බාලවයසෙන් හරි බදින්නෙ ඒ දෙන්නා. හරි වයසෙන් බදින අයත් මාස හයෙන් දික් කසාද වෙන කාලෙ..
හොද වෙලාවට අපේ ආච්චියි සීයයි නැත්තේ , එ දෙන්න බදිනකොට ආච්චිට 11 සීයට 19
මට නම් තේරෙන්නේ නැහැ. බලවයස්කරයන් .ඇල්ලුවත් පොලිසියේ ..බැන්දත් පොලිසියේ...
පණ්ඩිත, නීති රටේ කෙස් ගානට තියෙනවා.. නමුත් අපරාධකාරයෝ එළියෙ...
අපරාදේ මංගල සාදයට ගිය වියදම
@ඇටිකිච්චා/ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-24 20:41:48 මේ ආචාර්යවරයා කියන්නේ බුදුදහමේ තියෙන දේයක් ගෑන නෙවෙයි. කල්ප විනාශයක් වෙනකොට මීට වඩා දේවල් වෙනවා. කවුරු මොකක් කිවුවත් 14ක ගෑනු ළමයෙක් කියන්නෙ නොදරුවෙක් නෙවෙයි. පිරිමි ළමයින්ට වඩා ඉක්මනින් ගෑනු ළමයින් ශාරීරික වශයෙන් මුහුකුරායෑම සිදුවනවා. අපේ ආච්චිලා අඩු වයසින් කසාද බන්දේ කල්ප විනාශෙ ලං වෙලාද? මේ ඔක්කොම බොරු සුචරිතවාදීන්ගෙ විකාර.
දෙපැත්තෙතෙම අය කැමතිනම් අන්ත අයට මොකද? ඔයිට වඩා ලොකු වැරදි කරන අය නිදැල්ලෙ ඉන්නවා...
ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටත් බැරුව ඇති අපේ පොලිසිය කරණ වීරකම් කරන්න.
අනේ මෙහෙමත් රටක්...
නියමයි...
රටේ තරුණ පරපුරේ අසහනය ගැන බලලා අවුරුදු 14න් කසාද බදින්න පර්මිට් දුන්න නම් ඉවරනේ
අඩු වයසින් විවාහ වී ළමයි හදන එකේ ජීව විද්යාත්මකව යම් අයහපත් කාරනා තිබුනත් මේ රටේ අතීත සමජයේ ගොඩ දෙනෙක් විවාහ වෙලා තියෙන්නෙ මේ වගේම ගොඩක් අඩු වයසින්. ඒ කාලෙ පරම්පරාව අදට වඩා ගොඩක් නිරෝගියි. ඒ නිසාම අඩු වයසින් උනත් විවාහ වෙලා ශක්තිමත් නිරෝගී පරපුරක් හදන්න ඒ අයට පුලුවන් උනා. මේවගේ දෙවල් ප්‍රශ්න නෙවෙයි. මේ බොරු ප්‍රශ්න හදන්නේ බටහිර කාන්තාවාදය අනුගමනය කරන සුලු පිරිසක් විතරයි. මේවෑනි සිද්ධි පසුපස ක්‍රියාත්මක වන මේ මතවාදය ගෑන ගොඩ දෙනෙකුට හරි අවභොදයක් නෑ. http://sinhalabuddhist.com/2012/06/feminism/
ඇයි එතකොට පොලිසිය අර අනික් 300 අත්අඩංගුවට නොගත්තේ වැරැද්දට අනුබල දීමේ චෝදනාව යටතේ
අපරාධයක් නම් මොකක් හරි කරන්න තිබුණා.ඒත් මේක වෙලා තියෙන්නේ කැමැත්තෙන්නේ
කවුරු කැමැත්තෙන් වැඩේ කළත් මේක ගොඩක් වැරදියි. නැත්තම් බාලවයස්කාර කියලා වෙන්කරන්නෙ නැහැනෙ (නි)
පොලීසියට වෙන අල්ලන්න අපරාධ නැතුවද ??
කිරි සුවඳ කොයින්ද අවූ.14 ළමයෙක් ලඟ
රාවනාගෙ පිලිතුරනම් නියමයි, තිතට හරි. ප්‍රසාගෙ උත්තරෙත් ඉතාම නිවෑරදියි. මේවගේ බාල වෑඩ වලින් සමාජය රෑකෙනවට වඩා නෑති ප්‍රශ්න ඈතිවෙන එකයි වෙන්නේ.
සමහරවිට දෙමාපිය බලපෑම මත මේ ළමයා මේකට කැමතිවුණාද දන්නේ නැනේ
අපේ ආච්චි බැඳලා තියෙන්නේ අවරුදු 13න්.. සීයට වයස 17යි එයාවත් පොලිසියෙන් අරන් යයිද මාමේ?
14 හා 18 ක්
මේකෙන් පේන්නේ විවාහ කටයුතු ගැන මේ අය දැනුවත් නෑ කියලයි...
අනාගතයේ ලක්ෂණ දැනටමත් පහල වෙලා!
මෙකේ කිසි වැරැද්දක් නැනේ?
බාල අපරාද!
තාත්තල දුවල දීග කන රටේ ඕව මොනවද
සමහරුන්ව අල්ලන්න බැරිඋනාට කොහොමද අපේ නීතිය. බොරුවට කෑ නොගහ හිටහල්ලා.
හා ! හා ! හා ! රතු සාරියෙන්ද හිටියේ? පරක්කු වැඩියි.
නිලංග කිරිමාටින්ලට දුවලා හිටියානම් කරන්න තියෙන්නේ ඒ අයව එයාලගෙ අම්මලාට බාරදීලා පිලිවෙලකට හදල නිසි කලට විවාහ කර දෙන එකයි. එහෙම නෑතුව බටහිර කාන්තාවාදයට අනුව යමින් තමන්ට පිරිමි අවයවයක් තියෙනවයි කියල හිතාගෙන පිරිමින් කරන කරන් දේ කරමින් රටට හිසරදයක් වෙන අතරෙම පිරිමින් සේරම තමන්ට කරදරයක් කියල හිතන්න පුරුදු කරන එක නෙවෙයි.