යාල වනාන්තරයේ අක්කර තුනක කංසා හේනක් වැටලූ බව මහනුවර විශේෂ සුරාබදු ඒකකය කියයි.
සුරාබදු නිලධරයන් 12 දෙනකු කිලෝමීටර 14ක් කැලේ ඇතුළට ගොස් මෙම කංසා වගාව වනසා හය දෙනකු අත්අඩංගුවට ගත් බවත් කංසා තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි එක හමාරක් පමණ වන බවත් මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාමිනී අධිකාරි මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේත් විනාශ වෙනවා නේද? (නි)
ඇයි මේ කංසා විනාශ කරන්නේ. මේ සිංහල බෙහෙත් ඖෂධයක්. ආයුර්වේදයට මේවා දෙන්න තහනම්ද? (නදී)
රංජනී, කට කට. දැනුත් අලින්ගෙන් කැලේ ආසන්න ගම්මාන වල මිනිස්සුන්ට බේරෙන්න බැරුව ඉන්නේ. ඔයාගෙ පණිවුඩේ ඇහිලා උන් මේවටත් ඇබ්බැහි වුනොත් ඒ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
අනේ මහත්මයාණනි, ටිකක් හිතල බලන්න. තෛලෝක පත්‍රයෙන් ටිකක් පාවිච්චි කලාට මොකද තරුණයන්. කල්පනා ශක්තිය දියුණු වෙනවා නේද තරුණ පරපුරේ. අලුත් අදහස් එක්ක තුන්වන ලෝකයෙන් දෙවන ලෝකයට අපේ රට ඉබේටම යනවා එතාකොට. ඔය මහා පරිමාන අරක්කු තැබෑරුම් වහන්නකෝ? ලොකු කුඩු මුදලාලිලා අල්ලන්නකෝ?(නදී)
කංසා කියන්නේ වටිනා බෙහෙතක්. එයට වඩා භයානක මත්ද්‍රව්‍ය ලංකාවේ කොතෙකුත් තියෙනවා. භයානකකම වැඩි ඒවා ඉස්සෙල්ලා විනාශ කරන්න. කොයිදේත් භවිතා කරන විධියෙන් තමයි ප්‍රතිඵල වෙනස් වෙන්නේ. (නි)
අහෝ දුකකි! මෙලොව උතුම් මෙවන් රටකට ගිය කලක් ! (නි)
මේ කරන නීතිමය කටයුතු සඳහා සෑම නිලදාරියකුටම ශක්තිය සහ ධෛර්යය ලැබේවා! මතට තිත සාර්ථක කරමු. (නි)
වවන්නෝ දිනන්නෝ.(නදී)
වන ජීවී එකේ ලොක්කට විරුද්ධව නඩු පවරන්න. තමන්ගේ ගෙදර ඉඩමේ ගංජා වැව්වොත් ගෙදර අයිතිකාරයට විරුද්ධව නඩු පවරනවා. කෝට් ගණන් වටින ගංජා වගාවල් කරන කම් එතුමා ඇතුළු නිලධාරීන් උඩ බලාගෙන හිටියද? මේවා කරන්නේ මේ ගොල්ලන්ගේ අනු දැනුම ඇතුව.(නදී)
රුපියල් කෝටි එක හමාරක් අපරාදේ වෙනසුවේ. අවශ්‍ය අය සොයලා ඒ ටික විකුණලා රජයට සල්ලි සොයා ගන්න තිබ්බා. දේශීය නිෂ්පාදනයක් ඒක. දැන් වෙන්නේ අඩුව පිරිමසා ගන්න ඉන්දියාවෙන් හෝ පකිස්ථානයෙන් හොරට ගෙන ඒක රටේ මුදල් පිට යන එකක්.(නදී)
මේවා අලින්ගෙන් කොහොමද පරිස්සම් කලේ ? (නදී)
ඒ ගොල්ලෝ කියනවා අපි අහනවා වවන්නෝ ඉවක් බවක් නැතිව කිසි කරදරයක් නැතිව වවනවා.(නදී)
රන්ජනී,අපේ මෝඩ මිනිස්සු ගංජා ගැහුවට මොලේ තියෙන අලි ගංජා ගහන්නේ නැහැ (අලි ගංජා ගැහුවොත් කොහොම තියේද නේ).(නදී)
නියමයි. (ස)
අනේ කොමසාරිස් තුමනි, කංසා හේනේ අයිති කාර ගොවි මහතා අල්ලාගෙන,කුසට අහරක් නැතිව, හරියට කුලියක් නැතිව, සතා සර්පයා ගෙන් බැට කාලා,කැලේ සිටිය අහිංසක කම්කරුවන් 6 නිදහස් කරලා දමන්නකෝ. ටිකක් සැලකුවා නම් ලොක්කගේ ඇති අනිත් හේන් විස්තරත් කියාවි.(නදී)
සාර්ථක වැටලීමක්. (නි)
පළාතේම ඉන්න සත්තු ටික පිස්සු වැඩ කරන්න ඇති (දී)