ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් අවි ආයුධ සැපයීමට උත්සාහ කළැයි වරදකරු වී වසර ගණනාවක් ඇමෙරිකාවේ සිරගතවී සිටි බාල්රාජ් නායිතු (51) සිංගප්පූරු ජාතිකයා ඩලාස් නුවරින් පිටුවහල් කැරිණි.
ඇමෙරිකා ඩොලර් නව ලක්ෂයක් (රුපියල් කෝටි 11.88) වටිනා අවි ආයුධ බේරි ලන්තයෙන් හොරට මිලට ගෙන කොටි සංවිධානයට සැපයීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ බාල්රාජ් 2010 වැරදිකරු විය.
බාල්රාජ් එම අවි මිලට ගැනීමේ කුමන්ත්‍රණයට හවුල්වී යැයි ඇමෙරිකාව කියයි.
බදදා ඔහු සිංගප්පූරුවට රැගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට මෙහෙමත් පළිගන්න රටවල්. අපිනම් එහෙම නැහැ.(දිල්)
ලංකාවට ආවා නම් කැබිනට් ඇමති කෙනෙක් වෙන්නත් තිබ්බා.(නදී)
දැන් අපේ කට්ටිය ඔය මිනිහව මෙහාට ගෙන්න ගන්න ක්‍රමයක් බලනවා ඇති. සල්ලි කාරයෙක් නේ. මොනවා කලත් මොකද, අපේ රටට ඇවිත් මුදල් ආයෝජනය කරනවානම් නේද? අපේ කට්ටියට තියෙන්නේ ආයෝජනා මේනියාවනේ. (නදී)
බාල්රාජ් නායිතු ලංකාවට ආවා නම් හොදින් ඉන්න පුලුවන්. (නදී)
ලංකාවට එවන්න තිබුනේ.ආදරය,රැකවරණය,සහ ආරක්ෂාව (දිල්)
මෙයා ලංකාවට අල්ලාගෙන ඇවිල්ලා මතක හිටින දඬුවමක් දෙන්න. (ස)