
( ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු අද(20)වන දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතරින් පළමු ගුවන් මගීන් දෙදෙනා අද(20)වන දින අලුයම 12.30 ට ඩුබායි සිට එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 25 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත් අඩංගුවේ ගෙන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටවුන ඒවා ඕනෑ නම් ලිබර්ටි කඩවල බලන්න. මේ තුන් දෙනත් පොඩ්ඩක් අදාල අයගේ දුක, මහන්සිය බැලුවා නම් හරි...