IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

(ගයාන් සූරියඅරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ, කණුවන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 64 ක කාන්තාවකි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 3 වෙත ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි වානිජ අපරාධ විමර්ශන අංශය 3 නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (4)

කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

Angna Kouross Wednesday, 30 April 2025 03:52 PM

සැරයන් පොලිස් ලොක්කියක්? අනේ මන්දා...

:       0       18

Jagath Liyanage Wednesday, 30 April 2025 03:56 PM

වෙන්න ඕනෙ දේ සිදුවෙමින් පවතිනවා... හරිම සතුටුයි.

:       1       19

NPP Wednesday, 30 April 2025 07:35 PM

මේ වගේ නිවුස් වලදි හොරුන්ට කඩේ යන අමන සෙට් එක හැංගිලා . ඇඩ්ස් නෑ...

:       0       0

Nilmini Weearasingha Thursday, 01 May 2025 06:26 AM

සැරයන්වරියක් සොරකම් කරලා තියෙන්නේ කෝටි තුනයි. එම තනතුරට වඩා බොහෝ ඉහළම තනතුරු දැරූ සබරගමුවේ ලේකම්කෙනෙක් අධ්‍යක්ෂවරියක් ප්‍රාදේශීය සභා ලේකම් කෙනෙක් සහ සාර්ජන් වරියගේ තනතුරට සමාන හෝ ආසන්න දෙදෙනෙකු එක්ව හොරකම් කරලා තියෙන්නේ කෝටි හතයි. ඒ අනුව එම සාර්ජන්වරිය ඉතාමත් දක්ෂියක් කියන්න පුළුවන්. අපි බලමු ඇයට කුමක් කරයිද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site