ශ්‍රී ලංකා  රේගුවෙන් අත්අඩංගුවට  ගත්  රට දුම්වැටි  10,770,000 ක් ලංකා  දුම්කොළ සමාගම් භුමීයේ දී  රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා මහතා  ඉදිරියේ දී විනාශ කැරිණි. 

ශිතකරණ බව ප්‍රකාශ කොට  ඩුබායි  සිට  රුපියල් කෝටි 35 ½ ක තොගයක් ගෙනවිත් තිබු  බව රේගු අධ්‍යක්ෂ කේ.ඒ.ධර්මසේන මහතා පැවසීය.

කැබලි වලට කඩා  දැමු සිගරට්  තොගය පසුව පුත්තලම හෝල්සිම් දහනයේ දී පුළුස්සා දැමේ.

cigarate_2016347488 cigarate_2016347488-2 cigarate_2016347488-3 cigarate_2016347488-4 cigarate_2016347488-5

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක