(නිමන්ති රණසිංහ)
‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් ආයෝජන අවස්ථා සදහා යැයි පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 300කට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම ආයතනයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ගිණුම් ලිපිකාරිනියක ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.
‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ ආයතනයේ අධ්‍යක්ෂවරයා වන මානෙල් නිවස, 02 වන හරස් පාර, නවනරගය පොළොන්නරුව ලිපිනැති හෙට්ටිආරච්චිගේ සහන් අකලංක යන අය මෙම සිද්ධියේ පළමු සැකකරු වශයෙන් නම් කිරීමට ද අධිකරණය තීරණය කළේය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරීවරයා වන ඊරියගම පල්ලේ වලව්වේ දිලුම් කුමාර සහ එම ආයතනයේ ගිණුම්ලිපිකාරිනියක වන කෙලිතුඩ මුණසිංහගේ මේදනී තරංගා යන අයවලුන්ය.
සැකකරුවන් වංචා කර ඇති රුපියල් කෝටි 300කට අධික මුදලට සිදුවූයේ කුමක්දැය මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවත් එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සෙවීම සදහා පු`ථල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS