
(ගයාන් සූරිය ආරච්චි)
කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ත් 45 ත් වියේ පසු වන තිදෙනෙකි.
සැකකරුවන් යාත්‍රා කළ ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.
සැකකරුවන් මෙම රත්තරන් තොගය ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.
අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ සැකකරුවන් රේගුවට බාර දීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත්තලන්ගුන්ඩුව කියා ඇසෙනකොටම මට මතක් වෙන්නේ මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුන්ඩුව නවකතාව… කියවන්න වටිනා ලස්සන කතාපොතක්… මම බොහෝ ප්‍රිය කලෙමි…