IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි 2 ක බීඩි කොළ පුත්තලමෙන් අල්ලයි

(යොහාන් භාසුර)
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 2,223 ක පමණ තොගයක් පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (12) රාත්‍රී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 70 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ 2223 යි ග්‍රෑම් 100 පමණ තොගය සොයාගත් බවත් මෙම ජාවාරම්කරුන්ගේ යැයි සැකකරන යතුරුපැදියක් ද භාරයට ගත් බවත් නාවික හමුදා කීය.  
භාරයට ගත් යතුරුපැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදී බීඩි තොගය ඉදිරි නීතිමය කටයුතු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ගත් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය. 

 

 



අදහස් (0)

කෝටි 2 ක බීඩි කොළ පුත්තලමෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site