IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි 125 ක අල්ලස : රේගුවේ තවත් දෙන්නෙක් ගැන පරීක්ෂණ

මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන අනෙක් රේගු නිලධරයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ ක‍ළේය.

සැකකරුවන් දෙදෙන අත්අඩංගුවට ගැනීමට කල් දෙන ලෙසද කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවත් රේගු නිලධරයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද එම නිලධරයෝ අධිකරණයට දැනුම් දුන්හ.

දැනට අත්අඩංගුවේ සිටින රේගු නිලධරයින් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසිංහ මහතා කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධරයින් ඔවුන්ට පහරදී ඇති බවටත්, බලහත්කාරයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටත් චෝදනා කළේය.

සැකකරුවන් රඳවා සිටි කුරුවිට බන්ධනාගාරයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මිස්බා සාතා ගිය අවස්ථාවේදී ඔහුගේ නීති සංගම් සාමාජිකත්වය කල් ඉකුත්වී ඇතැයි කියමින් ඔහුට සැකකරුවන් හමුවීමට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබාදී නැතැයිද නීතිඥ වීරසිංහ මහතා අධිකරණය හමුවේ පැවසීය.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් නීතිඥවරුන්ට තම හැදුනුම්පත පෙන්වා සැකකරුවන් හමුවීමට හැකි බව කියා සිටියේය.

කරුණු විමසූ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට ඇතුළුවීමට එම නීතිඥවරයාට අවසරය ලබා නොදුන්නේ මන්දැයි ඉදිරි නඩු වාරයේදී හේතු දක්වන ලෙස කුරුවිට බන්ධනාගාර බලධරයින්ට නියෝග කළේය.අල්ලස් හෝ දූෂණ කොමිසමේ සිට පැමිණි අවස්ථාවේ සැකකරුවන් බන්ධනාගාර බලධරයින්ට ලබාදුන් ප්‍රකාශයන්ද එම නඩු වාරයේදීම ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිඥ අශෝක වීරසිංහ මහතාට නියෝග කළේය.

සැකකාර රේගු නිලධරයින් තිදෙන නොවැම්බර් මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරණු ලැබූහ.

 

CUST-1030-01 CUST-1030-02 CUST-1030-03 CUST-1030-04

 

 



අදහස් (0)

කෝටි 125 ක අල්ලස : රේගුවේ තවත් දෙන්නෙක් ගැන පරීක්ෂණ

ඇසළ Saturday, 31 October 2015 04:34 AM

පව් අප්පා සුදු ඇදගත් උපාසක මහත්තුරු ටික මුකුත් කියන්න එපා. දානේ හම්බවෙන වෙලාවට වළදන්නේ නැතුව බඩගින්නේ ඉන්නද කියන්නේ. බලන්න ලස්සන පින්වත් කළු ඇදගත් මහත්තුරු පින් ලැබෙන්කල් වැදගෙන ඉන්න ලස්සන. (අ)

:       0       0

ද සිල්වා Friday, 30 October 2015 01:08 PM

අපි අපේ පරිප්පු ටිකෙනුත් සිනි ඇටයෙනුත් බදු ගෙවනවා මේ බදු සල්ලි හොරකම් කරන්නේ කොටි සිය ගණනනි , මේ අයට ගහන්න නෙමේ තිබෙන්නේ අර සෞවුදියේ , චිනේ කරනවා වගේ ප්‍රසිධියේ ගල්ගසා හෝ වෙඩි තබා මරන්න (හේ)

:       0       0

නසා Saturday, 31 October 2015 06:29 AM

තමුන් අල්ලස් ගනිද්දී තම දරුවන් පවුල, නෑදෑයන් ගැනත් හිතන්න . අහු වුණාම හැමෝගෙම සායම යන බව මතක තියා ගන්න ..(අ)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 31 October 2015 06:35 AM

රහස්පොලිසිය යොදවා මොවුන්ගේ භාර්යාවන්ගේ , දරුවන්ගේ සහ නෑයන්ගේ තිබෙන දේපල ගැන හොයා ඔවුන් ඒවා උපයාගත් ආකාරය සොයා බලා අක්‍රමිකතාවයක් ඇත්නම් මුදල් විශුධිකරණ පනත යතේ ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් තව රුපියල් කොටිසියගනනක් රජයට ලබගටහැකි බව මගේ අදහසය , මොවුන් ගැන පමණක් නොව ලංකාවේ ඉන්න සියලුම රේගුනිලධාරින් ගැන රහහස් පොලිසිය යොදා පරීක්ෂණ කලයුතු බව මගේ අදහසයි (අ)

:       0       0

වසන්ත Sunday, 01 November 2015 03:54 AM

මම නම් හිතන විදිහට මෙහෙම අසාධාරණ විදිහට හම්බකරන සල්ලි වලින් පොහොසත් වුණාට කිසිම වැඩක් නැහැ (නි)

:       0       0

උපුල් Saturday, 31 October 2015 07:42 AM

පල් හොරුන් වෙනුවෙන් පෙනේ සිටින් නැතිමහතුන් ගැනත් සොයා බැලිය යුතුයි. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 07:45 AM

අසාධාරණයට නිතිය නොපෙනී සිටිය යුතුය. (අ)

:       0       0

ඇසළ Friday, 30 October 2015 03:04 PM

මේ වලේ අල්ලස් ගන්න අනිත් අයටත් මතක හිටින්න හොද දඩුවමක් දෙන්න.(හේ)

:       0       0

දිනුක Friday, 30 October 2015 03:05 PM

'කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ'. අල්ලස් ගන්න අනිත් අයටත් හොද පාඩමක්. (හේ)

:       0       0

අස්ලි Saturday, 31 October 2015 08:40 AM

මේ අය ජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන තව අයෙකුගේ අවස්ථාව නැති කර හොඳ පහසුකම් ලබන ගමන් , ජනතාවගේම මුදල් සොරකම් කර තිබේ (අ)

:       0       0

සෙනරත් Friday, 30 October 2015 05:40 PM

ලක්ෂ 1250 කියන්නේ කෝටි දොළහ හමාරයි. (රේ)

:       0       0

රුපවතී Friday, 30 October 2015 06:06 PM

මුන්ට ජීවත්වෙන්න පර්චස් 5ක් පමණක් ඉතිරිකරලා ..සියලුම දේපල රාජසන්තක කිරීමයි උපරිම දඩුවම ජීවිතකාලේම හිරගෙට යැවිය යුතුයි නැතුව මේ මිනිසුන් නිදහස් වෙලා ආවාම කරන්නේ කප්පන් ගන්න කල්ලි ගැසීම යාළුවො කට්ටිය එකතුවෙලා ? (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site