මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන අනෙක් රේගු නිලධරයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ කළේය.
සැකකරුවන් දෙදෙන අත්අඩංගුවට ගැනීමට කල් දෙන ලෙසද කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තවත් රේගු නිලධරයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද එම නිලධරයෝ අධිකරණයට දැනුම් දුන්හ.
දැනට අත්අඩංගුවේ සිටින රේගු නිලධරයින් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසිංහ මහතා කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධරයින් ඔවුන්ට පහරදී ඇති බවටත්, බලහත්කාරයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටත් චෝදනා කළේය.
සැකකරුවන් රඳවා සිටි කුරුවිට බන්ධනාගාරයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මිස්බා සාතා ගිය අවස්ථාවේදී ඔහුගේ නීති සංගම් සාමාජිකත්වය කල් ඉකුත්වී ඇතැයි කියමින් ඔහුට සැකකරුවන් හමුවීමට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබාදී නැතැයිද නීතිඥ වීරසිංහ මහතා අධිකරණය හමුවේ පැවසීය.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් නීතිඥවරුන්ට තම හැදුනුම්පත පෙන්වා සැකකරුවන් හමුවීමට හැකි බව කියා සිටියේය.
කරුණු විමසූ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට ඇතුළුවීමට එම නීතිඥවරයාට අවසරය ලබා නොදුන්නේ මන්දැයි ඉදිරි නඩු වාරයේදී හේතු දක්වන ලෙස කුරුවිට බන්ධනාගාර බලධරයින්ට නියෝග කළේය.අල්ලස් හෝ දූෂණ කොමිසමේ සිට පැමිණි අවස්ථාවේ සැකකරුවන් බන්ධනාගාර බලධරයින්ට ලබාදුන් ප්‍රකාශයන්ද එම නඩු වාරයේදීම ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිඥ අශෝක වීරසිංහ මහතාට නියෝග කළේය.
සැකකාර රේගු නිලධරයින් තිදෙන නොවැම්බර් මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරණු ලැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අප්පා සුදු ඇදගත් උපාසක මහත්තුරු ටික මුකුත් කියන්න එපා. දානේ හම්බවෙන වෙලාවට වළදන්නේ නැතුව බඩගින්නේ ඉන්නද කියන්නේ. බලන්න ලස්සන පින්වත් කළු ඇදගත් මහත්තුරු පින් ලැබෙන්කල් වැදගෙන ඉන්න ලස්සන. (අ)
අපි අපේ පරිප්පු ටිකෙනුත් සිනි ඇටයෙනුත් බදු ගෙවනවා මේ බදු සල්ලි හොරකම් කරන්නේ කොටි සිය ගණනනි , මේ අයට ගහන්න නෙමේ තිබෙන්නේ අර සෞවුදියේ , චිනේ කරනවා වගේ ප්‍රසිධියේ ගල්ගසා හෝ වෙඩි තබා මරන්න (හේ)
තමුන් අල්ලස් ගනිද්දී තම දරුවන් පවුල, නෑදෑයන් ගැනත් හිතන්න . අහු වුණාම හැමෝගෙම සායම යන බව මතක තියා ගන්න ..(අ)
රහස්පොලිසිය යොදවා මොවුන්ගේ භාර්යාවන්ගේ , දරුවන්ගේ සහ නෑයන්ගේ තිබෙන දේපල ගැන හොයා ඔවුන් ඒවා උපයාගත් ආකාරය සොයා බලා අක්‍රමිකතාවයක් ඇත්නම් මුදල් විශුධිකරණ පනත යතේ ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් තව රුපියල් කොටිසියගනනක් රජයට ලබගටහැකි බව මගේ අදහසය , මොවුන් ගැන පමණක් නොව ලංකාවේ ඉන්න සියලුම රේගුනිලධාරින් ගැන රහහස් පොලිසිය යොදා පරීක්ෂණ කලයුතු බව මගේ අදහසයි (අ)
මම නම් හිතන විදිහට මෙහෙම අසාධාරණ විදිහට හම්බකරන සල්ලි වලින් පොහොසත් වුණාට කිසිම වැඩක් නැහැ (නි)
පල් හොරුන් වෙනුවෙන් පෙනේ සිටින් නැතිමහතුන් ගැනත් සොයා බැලිය යුතුයි. (අ)
අසාධාරණයට නිතිය නොපෙනී සිටිය යුතුය. (අ)
මේ වලේ අල්ලස් ගන්න අනිත් අයටත් මතක හිටින්න හොද දඩුවමක් දෙන්න.(හේ)
'කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ'. අල්ලස් ගන්න අනිත් අයටත් හොද පාඩමක්. (හේ)
මේ අය ජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන තව අයෙකුගේ අවස්ථාව නැති කර හොඳ පහසුකම් ලබන ගමන් , ජනතාවගේම මුදල් සොරකම් කර තිබේ (අ)
ලක්ෂ 1250 කියන්නේ කෝටි දොළහ හමාරයි. (රේ)
මුන්ට ජීවත්වෙන්න පර්චස් 5ක් පමණක් ඉතිරිකරලා ..සියලුම දේපල රාජසන්තක කිරීමයි උපරිම දඩුවම ජීවිතකාලේම හිරගෙට යැවිය යුතුයි නැතුව මේ මිනිසුන් නිදහස් වෙලා ආවාම කරන්නේ කප්පන් ගන්න කල්ලි ගැසීම යාළුවො කට්ටිය එකතුවෙලා ? (රේ)