කලාවට සම්බන්ධ ජනප්‍රිය කැමරා ශිල්පියෙක් පසුගිය දවසක තනි සපත්තුවකුත් එල්ලගෙන බණ්ඩාරගම පැත්තෙ ඇවිදගෙන යනවා කට්ටිය දැකලා තියෙනවා.
"මොකද්ද බං සින්ඩ්‍රෙල්ලාගෙ චරිතය බාරගත්තද? කියලා මඟදි හමුවුණ මිත්‍රයෙක් අහලා. එතකොට තමයි ඔහු කතාව පැහැදිලි කරලා තියෙන්නෙ.
"මාර වැඩක්නෙ මචං. අපි හැමෝම සපත්තු සෙරෙප්පු ගලවලා තියෙන්නෙ ඉස්තොප්පුව එළිය ගෙට ඇතුළුවෙන තැන අයිනක. ගිය සතියෙ මගෙ කළු සපත්තු ජෝඩුව නැතිවුණා. හැම තැනම හොයලා බැලුවට ලැබුණෙ නැහැ. අද උදේ නැගිටලා බලද්දී මගේ දුඹුරු සපත්තු ජෝඩුවෙන් එකක් නැහැ. මම මේ යන්නේ බල්ලෙක්වත් අරගෙන ගිහින්ද කියලා බලන්න. දැන් ඉතින් සෙරෙප්පු තමයි දාගෙන එළියට යන්න වෙන්නෙ.* ඔහු කාණු, බොක්කු අස්සෙන් විපරම් කරමින් කිව්වලු.
"හොරෙක්ද දන්නෙ නෑනේ?" "පිස්සුද මචං එහෙනං තනි කකුල් හොරෙක් වෙන්නැති. අනික ගෙදර හැමෝගෙම සපත්තු සෙරෙප්පු තියෙන්දී මගේ විතරක් හොරකම් කරන්න. මම අදම යනවා මේකට විසඳුමක් හොයන්න."
"කොහෙද යන්නෙ පොලීසියටද?"
"නෑ බං කොළඹ, තව අලුත් සපත්තු ජෝඩුවක් ගන්න. හැබැයි ඒක නම් මළත් එළියෙ තියන්නෙ නෑ" ඔහු කිව්වලු.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාචයට හසුනොවූ සපත්තු හොරා