IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘කච්චතිව් මංගල්‍යය සිංහලෙන් කළාට කමක් නෑ‘ - විජයකලා

කච්චතීව් දූපතේ පිහිටි අන්තෝනි දෙව් මැදුර අලුත්වැඩියා කර දීමට මුල්වී කටයුතු කරන බව වණිතා කටයුතු රාජ්‍ය ඇමති  විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුවාය.

ඉන්දු ලංකා ජනතාව සමගියෙන් එකමුතුව් ජීවත් විය යුතු බවද ඇය කීවාය.

කච්චතීව් අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික පූජෝත්සවයට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඇය එලෙස සදහන් කළාය.

‘‘ මා කච්චතීව් මංගල්‍යට සහභාගී වූ පළමු අවස්ථාව් මෙයයි. යාපනය රදගුරුතුමන් මෙම   දේව් මන්දිරය  අලුත්වැඩියා කර දෙන්නැයි කළ ඉල්ලීම මා ජනාධිපතිවරයාට යොමු කරනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතුනියගේ කාලයේ කච්චතීව් දූපත අපේ රටට හිමි වුණා. අද ඉන්දු ලංකා භක්තිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම මංගල්‍ය අති සාර්ථ්කව පැවතුනා.  ඉන්දියාවේ සිට භක්තිකයන් 3200කුත් අපේ රටේ භක්තිකයන් 4500කුත් පමණ මීට සහභාගී වී තිබෙනවා.  සඳුදා යාපනයට එන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මා කරන පළමු ඉල්ලීම  ලබන වසරේ කච්චතීව් මංගල්‍යට පෙර අන්තෝනි දෙව් මැදුර අළුත්වැඩියා කර පිළිසකර කරදෙන ලෙසයි. මට සියයට සියයක් විශ්වාසයි ජනපතිවරයා එම ඉල්ලීම ඉටු කරාවි කියා.  

 ශ්‍රීලංකාවේ බලයට පත් වූ නව රජය උතුරේ නැවත පදිංචි කිරීම් සිදුකරගෙන යනවා. දැනට අවතැන් කදවුරුවල ඉන්න උතුරේ ජනතාව  ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ඔවුන්ගේ ඉඩම්ව්ලම නැවත පදිංචි කරන බවට ජනපතිවරයා සහතික වී තිබෙනවා. ඉන්දියාවේ සරණාගතයින් සේ ජීවත්වන අපේ අයට යළි මව් රටට පැමිණ ඔවුන්ගේම ඉඩම්වල පදිංචි වෙන්නැයි ඉල්ලීමක් කරන්නවා.   ඉන්දු ලංකා ජනතාව සමගියෙන් ජීව්ත් විය යුතු යැයි මා ප්‍රකාශ කරනවා.

ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගයන මොහොතක කච්චතීව් මංගල්‍යද සිංහලෙන් සිදුකිරීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.‘‘

12498447_734592756678326_47904141_n 12746129_734592753344993_1382369679_n 12746356_734592680011667_927798980_n 12767575_734592736678328_305483673_n 12769522_734592673345001_1778215726_n

ඡායාරූප - සිරාජ් හසීම්

DSCN00KKS56 DSCN005KKS5 DSCN0051KKS

ඡායාරූප හා වීඩියෝ - අතුල දේවප්‍රිය



අදහස් (0)

‘කච්චතිව් මංගල්‍යය සිංහලෙන් කළාට කමක් නෑ‘ - විජයකලා

බමුණු Monday, 22 February 2016 04:20 AM

හැබැයි රටේ ජාතික ගීය දෙමලෙන් එපා. (බ)

:       0       0

කල්‍යාණි ජයවික්‍රම Monday, 22 February 2016 11:53 AM

සංහිඳියාව කියන්නේ ඔය වගේ අදහස්වලට තමයි (බ)

:       0       0

සම්පත් Tuesday, 23 February 2016 12:54 AM

සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන්නේ භාෂා. එකම රටේ විවිධ භාෂා කතාකරන මිනිස්සු මෙහෙම බෙදෙන්නේ ඇයි? (නි)

:       0       0

අනුල Monday, 22 February 2016 08:11 AM

අපිටත් සියයට 1000 විශ්වසයි ඔය පැත්තට හැම දේම දෙන බව (අ)

:       0       0

සම්පත් Monday, 22 February 2016 09:02 AM

පැරදිච්ච මිනිස්සු හැමදේම අසුබවාදීව බලන්නේ.(හේ)

:       0       0

ජයන්ත Monday, 22 February 2016 09:03 AM

ඔන්න සංහිඳියාව , හැමදාමත් කරන මෝඩකම් ඇත ඇරලා සහෝදරත්වයෙන් ජිවත් වෙන්න බලමු , (හේ)

:       0       0

ප්‍රියා ප්‍රංශය Monday, 22 February 2016 09:22 AM

බමුණු මත ඇතහැර ඉදිරිය ගැන හිතන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site