(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය 1974 වසරේ දී ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවති විවාදයේදී කොංග්රස් පක්ෂයට චෝදනා කළේය.
එපමණක් නොව ඉන්දියාව තුළ බෙදීමක් ඇතිවූයේ ද ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය පැවති කාලයේ බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසුවේය.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ රාමේශ්වරම් අතර පැවති දූපතක් බවත් සම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් මෙම දූපත මසුන් ඇල්ලීම සඳහා භාවිත කළත් 1974 දී ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය හඳුනාගත් බවත් අග්‍රාමාත්‍ය මෝදි මහතා සඳහන් කර ඇත.
එසේම දේශපාලනය වෙනුවෙන් කොංග්රස් පක්ෂය ඉන්දියාව කොටස් තුනකට බෙදා වෙන්කළ බව අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදී චෝදනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩියා ඒකටත් කෙළින්නයි මාන බලන්නේ...!
දැන් ඒකට හිලව්වට ද ඔබතුමා අප රටේ දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයනට දොල පිදේනි දෙන්න ලන්කාවට බල කරන්නෙ 13 හරහා?
ඔය දුපත ඉන්දියාවට නැවත පවරාගෙන සංවර්ධනය කොට, සංචාරක කලාපයක් කරන්න. නැත්නම් ඉතින් මේ රටේ කාලකන්නි නොසණ්ඩාලයෝ, ඔය දුපතත් මුහුදටම යට වෙන්න ඉඩ හැරලා විනාශ කරලා තමයි පස්ස බලන්නේ...
ඒක අපිට එපා. තෙල් නලත් එපා. විදුලි කම්බිත් එපා... පාලමත් එපා. ආයෝජනත් එපා...
ඔය එන්නේ තවත් ගේමකට... අපේ වුණාට රට පාවලා දීලා හරි බලයේ ඉන්න තමයි වුවමනාව...!
මළාට පස්සේ කාට මොනවා කියන්න බැරිද? එතුමිය උන්නා නම් මෝදි තවම තේ කඩේ වැඩ...!