IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කිංග්ස්වුඞ් - ඉසිපතන ජනාධිපති කුසලාන රග්බි අවසන් පුර්ව වටයට

මහනුවර පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 37-13 කින් පරදවා මහනුවර කිංග්ස්වුඞ් විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 17-10 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පෙරමුණේ සිටියේය. කිංග්ස්වුඞ් විදුහල ගෝලයක්, උත්සාහක දිනුම් හයකින් ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල උත්සාහක දිනුම් දෙකක් සහ ඩෙ‍්‍රප් ගෝලයක් සමගින් ලකුණු ලබා ගත්තේය. ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් පිටියේදී පැවැත්වීමට තිබු තරගයෙන් ඉසිපතන විදුහල නිතරග ජයක් ලබා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන මෙම තරගාවලියේ ශා. පීතර විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර රාජකීය විදුහල් රග්බි පිටියේ දීද, මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදීද සෙසු අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(19) පැවැත්වේ.  



අදහස් (0)

කිංග්ස්වුඞ් - ඉසිපතන ජනාධිපති කුසලාන රග්බි අවසන් පුර්ව වටයට

ඔසඳ සමරසේන Monday, 19 September 2011 08:59 PM

තර්ස්ටන් ඇයි දන්නේ නැ මැච් එකට ඇවිත් නැත්තේ...? ඉසිපතනයට ජය පතනවා හදවතින්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 554 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17340 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 704 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site