මාධ්‍ය නිදහස අගය කරන නමුත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය හෙළා දකින බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එජාප නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය හා කෑගල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී කබීර් හෂීම් මහත්වරු ප්‍රකාශ කළහ.
ගිරාඹේ ආනන්ද අනුනාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පිකා රණවක, එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා රුවන් විජයවර්ධන මහත්වරුන් එහි දී පැවසුවේ 16 වැනි දා කෑගල්ලේ කබීර් හෂීම් මහතාගේ නිවසේ පැවැති රැස්වීම පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබූ බවයි.
පක්ෂ නායක රනිල්, කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් එකතු කරගෙන පක්ෂය ජයග්‍රාහී මාවතට රැගෙන යෑමට එරෙහිව ආණ්ඩුව කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇතැයි ද ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාරය කිරීම එහි කොටසක් යැයි ද කබීර් හෂීම් මහතා කීවේය.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අමර සූරියප්පෙරුම මහතා පැවසුවේ කෑගල්ලේ දී ඇතැම් ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදුණු බවයි. එක්සත් ජාතික පක්ෂය නැගී සිටින විට ඊට එරෙහිව මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යෑම දැඩි සේ පිළිකුල් කරන බව දැරණියගල ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංජිත් කුරුප්පු මහතා පැවසීය.
ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස මහතා එක්සත් නායකත්ව මණ්ඩලයට සහභාගී නොවන්නේ එමගින් පක්ෂයට ප්‍රයෝජනයක් නොමැති නිසා බව සඳහන් කොට තිබෙනවා නේද?
කබීර් හෂීම් - සජිත් ප්‍රෙමදාස මහතාට ඒ පිළිබඳව යම් අදහසක් තිබෙනවා නම් හෝ විවේචනයක් තිබෙනවා නම් නායකත්ව මණ්ඩලය සමග සාකච්ඡා කළ හැකියි. අප ඒ සඳහා එතුමාට ආරාධනා කළා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල මහත්මියටත් ආරාධනා කළ අතර ඇය ලබන 20 වැනි දා නායකත්ව මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කොට තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිවෙලාවත් නායකයා වුනොත්, තාත්තට හපන් වෙයි. එජාපය අද ඉන්න තත්වෙට 50% ක් වග කියන්න ඕනේ එයාගේ පියායි.(අ)
විජේ, ඔබ හරි ඉතිරි 50% එයාගේ පුතා වග කියන්න ඕනා.(නදී)
විජේදාස ඔබේ අදහස නිවැරදිය.(නදී)
එජාපය දෙවන පෙළ නායකයෙක් හදලා නැහැ. හිටපු කෙනා තමයි දයාසිරි. එයාට කටුව ගැහුවෙත් මෙයා නේද? (නදී)
සජිත් ඔබ උඩබලාගෙන කෙලගහන්නේ මොකෝ පක්ෂය විනශ කිරීමේ කොන්තත්තුව ඔබද අරගෙන ඉන්නේ (අ)
සජිත්ට දුන් අවස්ථාව හොදටම සාදාරණ එකක්. රටකට, පක්ෂයකට විනය ඉතාම වැදගත්. 99% එක පෙළකට එනකොට 01% එන්නේ නැතිනම්, පාලනය කරන්න බැරිනම් තීරණයක් ගන්න. පක්ෂයට හොදක් මිසක් නරකක් වෙන්නේ නැහැ.(නදී)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. (නදී)