රුපියල් පන් ලක්ෂ තිස් දහසක් වටිනා මැණික් ගල් තම කකුලේ පිටිපතුලේ අලවාගෙන සිංගප්පූරුව බල යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු බේරුවල ප‍්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ෙඅත්අඩංගුවට ගනු ලැබූ මැණික් අතර නිල් මැණික්, රතු මැණික් සහ පුෂ්ප රාග තිබූ බවත් එහි කැරට් 102 ක් තිබූ බවත් රේගුව කියයි.
ඔහු ඊයේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී සහකාර රේගු අධිකාරී එච්.එන්.සී ශ්‍යාමාල් මහතාට ඇති වූ සැකයක් මත පරික්ෂා කිරීමේදී පැකට් 04 කට දමා පාද වල අලවාගෙන තිබූ මෙම මැණික් ගල් සොයාගෙන ඇත. සැකකරු මෙම මැනික් ගල්පැක්ට් පාදයේ උඩුපැත්තේ අලවා ඊට උඩින් මේස් පැළඳ සිටි බව රේගුව කියයි.
මේ පිළිඳව රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා විසින් මැණික් ගල් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී එම්.ඒ.සී.එන් රසිඳු මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී එච්.එන්.සී ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කකුල් දෙකෙන් පන් ලක්ෂයක මැණික් මතුවේ
ලංකා Tuesday, 20 August 2013 02:03 PM
සහෝදරවරුනි, අනිත් අය උපාසක පුසොද? (නි)
ජානි Wednesday, 21 August 2013 12:17 AM
මේ ළඟදිත් කෙනෙක්ගේ පස්සා පැත්තෙන් මැණික් හමුවුනා නේද? දැන් කකුල් වලිනුත් මතු වෙලා.බලාගෙන යනකොට ඇඟ පුරාම මැණික් ඉල්ලම් නේ. (නි)
රත්න Wednesday, 21 August 2013 12:21 AM
මමත් මැණික් ගල් තුනක් අරන් ගියා.මාව නම් අහුවුණේ නැහැ. (නි)
ලංකාසිරි Tuesday, 20 August 2013 02:40 PM
දර්ශනී, ඔයා කොහොමහරි හොරෙන් අරන් යන්නේ ඔය කියන කෙනාවද? (නි)
නිහාල් Tuesday, 20 August 2013 03:20 PM
මොනවද දෙන්න ඕනෑ උපරිම දඩුවම්? ගමන් බලපත්‍රය අහෝසි කළයුතුයි,හොරෙන් ගෙනියන බඩුවල වටිනාකම මෙන් පස්ගුණයක් දඩ ගැසිය යුතුයි,බරපතල වැඩ ඇතුව වසරකට හිරේ දැමිය යුතුයි, රජයෙන් දෙන සහනාදාරයක් ඇත්නම් එය අවලංගු කළ යුතුයි. (නි)
මහින්ද Tuesday, 20 August 2013 03:35 PM
අපරාදේ! (නි)
නසාර් Tuesday, 20 August 2013 03:38 PM
පන්සිල් පද පහ රකින්ත බැරි අය... අනේ පව් ! (නි)
හේමන්ත Tuesday, 20 August 2013 04:56 PM
අපිට හැරෙනකොට කියන්න පුළුවන්. (නි)
අනුර Tuesday, 20 August 2013 05:27 PM
කකුල් දෙක කොච්චර වටිනවද දන්නේ නැහැ (නි)
රසික Tuesday, 20 August 2013 05:31 PM
දැන් තේරෙනවනේ කොහොමද සල්ලි හොයන්නේ කියලා. (නි)
පිටබැද්දර ජයා Tuesday, 20 August 2013 06:03 PM
හොරට ජාති බේදයක් නැහැ (නි)
අසංග Tuesday, 20 August 2013 12:25 PM
අනිවාර්යෙන්ම තොප්පි කාරයෙක්.(අ)
මෝරලා Tuesday, 20 August 2013 12:34 PM
ඇයි අසංග තොප්පිකාරයෝ විතරද මේවගේ වැඩවල් කරන්නේ මෙයා කවුරු උනත් ඔය වැඩේ ජාති බේදයෙන් තොරව කරන රස්සාවක්, කුරු කරත් කමක් නැහැ උපරිම දඩුවම දෙන්ඩ ඕනේ (අ)
රනිල් Tuesday, 20 August 2013 12:42 PM
මෝරලා - ඔය වගේ දේවල කරන්නේ තොප්පි කාරයොනේ ඉතින් (අ)
සපුමල් Tuesday, 20 August 2013 08:22 PM
පිටින් පෙනෙන්න පොඩි බිස්නස් කරනවා.ජාවාරම් හොරෙන් කරනවා.උදා: බුන්දි විකුනනවා කියල බුන්දි අස්සේ කුඩු තියෙන්නේ. (නි)
ඩෙනම් Tuesday, 20 August 2013 12:58 PM
මට ආරංචි විදිහට මේ වගේ බිස්නස් කරන තොප්පි කාරයන්ව අල්ලනවලු,අපේ එකෙක් නම් අල්ලන්නේ නැහයිලු.පුංචිබණ්ඩා නම් ගියා මොහමඩ් නම් ඇල්ලුවා තමා .(අ)
මිනිපෙ Tuesday, 20 August 2013 08:48 PM
'බඩුත් එක්ක හොරු" ඕක පරණ චිත්‍රපටයක්. (නි)
සුනිල් Friday, 30 August 2013 09:07 PM
එයාගේ මැනික් එයා ගෙනිචා (අ)
මොහමඩ් Tuesday, 20 August 2013 09:34 PM
රහස් තොරතුරක් නැතුවද ඇල්ලුවේ? (නි)
පියල් Wednesday, 21 August 2013 11:36 AM
මාව නම් කවදාවත් අහුවෙලා නැහැ. (නි)
අකුරැස්සේ රන්ජිත් Tuesday, 20 August 2013 01:28 PM
අම්මපා! මෙයාගේ අත් දෙකත් කපලා බැලුවා නම් තවත් තිස් දහසක් වටිනා මැණික් ගල් අහුලා ගන්න තිබුනා (නි)
දර්ශනී Tuesday, 20 August 2013 01:32 PM
මම හිටියා නම් කොහොමහරි හොරෙන් අරගෙන යනවා (නි)
දුම්මලසූරිය Wednesday, 21 August 2013 11:52 AM
ජානි .....මනුස්සයෝ කියන්නේ රත්තරන්..මැණික් වලටත් වඩා වටිනා ජීවින් කොටසක්...අපි අපේ වටිනාකම නොදන්නා කම තමා ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ..... (ස)