වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය - තිලක් ජයලත්
දහස් සංඛ්‍යාත රෝග තත්ත්ව නිසා නොයෙකුත් අන්දමේ රෝග ලක‍්ෂණ දක්නට ඇත. ඇතැම් රෝග ලක්ෂණ ශරීරයේ එක් අවයවයකට හෝ පද්ධතියකට සීමා නොවිය හැක. එවැනි රෝග ලක්ෂණ ඇති අය වෛද්‍යවරුන් වෙත යොමු වූ විට වෛද්‍යවරයාගේ පළමු කාර්යය වනුයේ එම රෝග ලක්ෂණය ඇතිවීමට හේතුවක්, ඒ සඳහා අකර්මණ්‍ය වී ඇති අවයවයක් හෝ පද්ධතියක් හඳුනා ගැනීමයි. මෙම කාර්යයේදී කායික රෝග විශේෂඥවරුන් සිදු කරනුයේ ඉතා වැදගත් කාර්යභාරයකි.
මෙවැනි එක් පද්ධතියකට හෝ අවයවයකට සීමා නොවී මතුවන රෝග ලක්ෂණ අතර මුල් තැනක් ගන්නා රෝග ලක්ෂණයක් වනුයේ කකුල් ඉදිමීමයි. කකුල් ඉදිමීමට බොහෝ හේතු බලපාන අතර ඉන් මුල් තැනක් ගනුයේ හෘදය ආශ්‍රිත රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම, සිරෝසිස් වැනි අක්මාව ආශ්‍රිත රෝග, තයිරොක්සින් හෝමොනයේ ඌණතාව සහ ඇතැම් ඖෂධ වර්ග භාවිතයයි.
කකුල් ඉදිමී රෝග ලක්ෂණ සමගින් රෝගියකු පැමි‚ විට වෛද්‍යවරයා විසින් කළයුතු පළමු කාර්යය වනුයේ කකුල් ඉදිමීම ප්‍රධාන වශයෙන් එක් කකුලක ද එසේ නැත්නම් සමානව කකුල් දෙකෙහිම දැකිය හැකිද යන්න පරීක්ෂා කීරිමයි. මෙයට හේතුව යම් අයකුගේ කකුල් දෙකෙහිම ඉදිමීම දැකිය හැකි නම් එයට ප්‍රධාන වශයෙන් ශරීර අභ්‍යන්තරයේ රෝග ලක්ෂණයක් තිබිය හැකිවීමයි. බොහෝ විට එක් කකුලක් පමණක් ඉදිමීම දැකිය හැකි වනුයේ එම කකුල ආශ්‍රිතව ඇතිවී තිබෙන රෝග තත්ත්වයක් හේතුවෙනි.
කකුල් ඉදිමීමට බලපාන ප්‍රධානතම අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ හෘදවස්තුව ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව වේ. හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා හාට් ෆේයිලියර් නැමැති රෝග තත්ත්වය නිසා මෙසේ කකුල් ඉදිමීම ඇතිවේ. මෙම රෝගින්ගේ කකුල් ඉදිමීමට අමතරව හුස්ම ගැනීමේ අපහසුතා දැකිය හැක. මුල් කාලයේදී ගමනක් එක දිගට යාමේදී හුස්ම ගැනීම අපහසු වන අතර පසු කාලයේදී කිසිම කාර්යයක නොයෙදන අවස්ථාවලදී පවා හුස්ම ගැනීම අපහසු විය හැක. හෘදය ආශ්‍රිත රෝග නිසා කකුල් ඉදිමීම සිදුවන රෝගිහු බොහෝවිට දියවැඩියාව අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි රෝගවලින් පීඩා විදිති.
ඇතැම් විට දීර්ඝ කාලීනව ඇදුම වැනි පෙනහලූ ආශ්‍රිත රෝග තත්ත්ව ඇති රෝගින්ගේ ද පසු කාලයේදී හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක. කකුල් ඉදිමීමට බලපාන තවත් අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ දීර්ඝ කාලීනව වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග තත්ත්වයයි. මෙවැනි රෝගින්ගේ කකුල් ඉදිමීමට අමතරව බොහෝ විට මුහුණ ඉදිමීමද දැකිය හැක. දීර්ඝ කාලීනව වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් දකින අනෙකුත් රෝග ලක්ෂණ වනුයේ නිරක්තභාවය, සම කළුවීම, නියපොතු පැහැය වෙනස්වීම, සම කැසීම, කෑම රුචිය අඩුවීම, වමනය සහ ඔක්කාර ගතිය ඇතිවීමයි. ඇතැම් රෝගීන් තුළ මුත්‍රවල අධික ලෙස පෙණ තිබීමත් දැකිය හැක. දීර්ඝ කාලීනව වකුගඩු අකර්මණ්‍ය නොවී වකුගඩු වලින් අධික ලෙස ඇල්බියුමින් පිටවන නෙප්‍රොටික් සින්ඩ්‍රෝම් වැනි රෝග තත්ත්ව නිසාද කකුල් ඉදිමීමේ තත්ත්වය ඇතිවිය හැක.
අක්මාව ආශ්‍රිතව දකින ප්‍රධාන රෝග තත්ත්වයක් වන සිරෝසිස් නැමැති රෝග තත්ත්වය නිසාත් ඇතැම් රෝගින්ගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. බොහෝ සිරෝසිස් රෝගින්ගේ කකුල් ඉදිමුමට අමතරව බඩ ඉදිමීමේ තත්ත්වයද දැකිය හැක. මෙම සිරෝසිස් රෝගය නිසාද සම කළුවීමේ තත්ත්වයක් ඇතිවිය හැක. ඇතැම් රෝගින්ගේ ඇස් කහවීම, නිරක්තභාවය, සම කැසීම, කෑම අරුචි, වමනය යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැක.
සිරෝසිස් රෝගයට ප්‍රධානතම හේතුව වනුයේ මැත්පැන් භාවිතයයි. මත්පැන් භාවිතය නොකරන අයගේ සිරෝසිස් රෝගය සෑදීමට හේතු සාධක කිහිපයක් ඇත. ඒ අතර දියවැඩියා රෝගයයි. ඇතැම් ඖෂධ වර්ග හෙපටයිටිස් බී සහ සී වැනි රෝග තත්ත්ව, ශරීරයේ අධික ලෙස යකඩ සහ කොපර් ලබන තැන්පත් වීම මුල්තැනක් ගනී.
තයිරොක්සින් හෝමෝනය මඳවි නිසාද ඇතැම් අයගේ කකුල් ඉදිමීම දැකිය හැක. තයිරොක්සින් මඳවීම නිසා මුළු ශරීරයම ඉදිමීමක් දැකිය හැක. ඇතැම් අයට කට හඬේ ගොරෝසු බවක් ද නිතර නිදිමත ඇතිවීමද බඩ වේළීමක්ද අත්වල හිරිවැටීමක්ද ඇතිවිය හැක. මෙම රෝගීන්ට තයිරෝක්සින් හෝමෝනය ලබා ගැනීමෙන් ඉහත සඳහන් රෝග ලක්ෂණවල අඩුවීමක් දැකිය හැක.
කකුල් ඉදිමීමට හේතුවන තවත් එක් සාධකයක් වනුයේ අප භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගයි. ඒ අතර අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන නිෆෙඩිපින් සහ ඇම්ලෝඩිපින් ඖෂධ මුල් තැනක් ගනී. එම නිසා කකුල් ඉදිමීමක් ඇති රෝගින් තම ඖෂධ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුවේ.
ශරීර අභ්‍යන්තරයේ ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇතිවන යම් වර්ධන තත්ත්ව කකුල් වලින් රුධිරය රැගෙන එන මහා ශිරා වලට ඇති කරන තෙරපීම් තත්ත්ව හේතුවෙන්ද ඇතැම් අයගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. ගර්භණී කාලය තුළ කකුල් ඉදිමීමට එක් හේතුවක් වන්නේද ගර්භාෂය මහා ශිරාවලට ඇතිකරන තෙරපීම් තත්ත්වයයි.
කකුල්වල ඇති වසා නාළවල ඇතිවන රෝග තත්ත්වයක් නිසාද කෙනකුගේ කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක. මෙය ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමට හේතුවිය හැකි වූවත් කලාතුරකින් කකුල් දෙකෙහිම ඉදිමුම් තත්ත්වයක් ඇති කළ හැක. ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමක් ඇතිවී ඇතිනම් ප්‍රධාන හේතු සාධකයක් වනුයේ සෙලියුලයිටිස් නමැති බැක්ටීරියා ආසාදන තත්ත්වයයි. ඊට අමතරව කකුලෙහි ඇති ප්‍රධාන ශිරාවල ලේ කැටි ගැසීමේ තත්ත්වය නිසාද එක් කකුලක ඉදිමුමක් දැකිය හැක. මේ තත්ත්වය ඩීප් වෙයින් ත්‍රොම්බොසිස් ලෙස හඳුන්වනු ලබයි. සමහර ලේ නහරවල ගැට ඇති රෝගීන්ගේද කකුල්වල ඉදිමුම් තත්ත්වයක් ඇතිවිය හැක.
ඉහතින් සඳහන් නොයෙකුත් රෝග තත්ත්ව නිසා කකුල් ඉදිමීම ඇතිවිය හැකිවූවත් සමහර රෝගින් කිසිම පරීක්ෂණ වලින් සොයාගත නොහැකි තත්ත්වයක් නිසාද කකුල් ඉදිමීම දැකිය හැක. මෙම තත්ත්වය ඉඩියොපතික් ඉසීමා ලෙස හඳුන්වනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කකුල් ඉදිමීම රෝග රැසක ලක්ෂණයක්
මිනිපෙ Monday, 22 February 2016 08:25 PM
එතකොට ඔලුව ඉදිමීමට? (බ)
කමනි ලිවේරා Saturday, 10 April 2021 07:36 AM
මගේ අාච්චිගේ තමයි කකුළ ඉදිමිලා තියෙන්නේ.. මගේ අාච්චිගේ කකුල කැසීම හා රිදෙනවාලු...
ඩඛ්.නිහාල් පුනාන්දු Friday, 11 June 2021 08:41 PM
සුසුම්නාව තුවාල වූ අය රෝදපුටුවේ ගතකිරීමේදි නිතර පාදපහල තිබෙන නිසා කකුල් ඉදිමීම සිදුවේ...
වජිරා Friday, 22 October 2021 09:07 PM
මහත්තයාගෙ දකුණු කකුල ඉදිමිලා... දණහිසෙන් පහළට කිසිම හේතුවක් නැහැ..
Maduwanthi Friday, 06 January 2023 12:41 PM
මාගෙත් කකුල් ඉදිමිලා. ටෙස්ට් ගොඩක් කලා. කිසිම ළෙඩක් නැහැ කියනව. එහෙත් කකුල් ඉදිමිලා . ඔය ඩොක්ටර් හම්බවෙන්න විස්තර කියන්න .
Nethmi wandana Wednesday, 21 February 2024 01:54 PM
මගේ දණහිස් ඉදිමිලා. සමහරක් වෙලාවට දණහිස් කට්ට එබෙනවා. ඒ මොකද්ද හේතුව?
ඉල්මා හෙට්ටිආරච්චි Sunday, 09 June 2024 07:12 PM
මගේ වළලු කර වටේ හා විළුඹ යට රිදෙනවා ඇයි ඒ...? ප්‍රතිකාර කරන්නේ කොහොමද? හමුවන දොස්තර කවුද?