කැකිරාව නගරයේ අශ්ව රේස් බුකියක් විවෘත කිරීමට යතියි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද වැසියෝද සිය ගණනක් අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ඔවුහු කැකිරාව ප්‍රාදේශිය ලේකම්ට හා ප්‍රාදේශිය සභාපතිට සන්දේශයක් ද භාර දුන්හ.
කැකිරාව නගරයේ අශ්ව රේස් බුකියක් විවෘත කිරීමට යතියි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද වැසියෝද සිය ගණනක් අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ඔවුහු කැකිරාව ප්‍රාදේශිය ලේකම්ට හා ප්‍රාදේශිය සභාපතිට සන්දේශයක් ද භාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් කැකිරාව නගරය තුළ බුකි කීපයක්ම තිබෙනවා නේද? (නි)
රේස් බුකියක් දැමීම නරක දෙයක්. සියලු ආගමික නායකයන් එකමුතුව කරන්නේ හොද දෙයක්. මෙම ආගමික එකමුතුව රටේ සංවර්දනයටත් මේ විදිහටම යොදාගන්නවා නම් හොද දෙයක්.(නදී)
අැයි එතකොට කැසිනෝ.(නදී)
මේවට සීමා පැනවිය හැකි නේද? (ස)
ඉරණම් විසඳුම සතෙකුට දෙනවා....තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා....දරුවන් බිරිඳත් ගිනි උහුලනවා....හීනෙන් නුඹ තව ගෙවල් හදනවා....(නදී)
ඇත්තෙන්ම අපේ පූජ්‍ය පක්ෂයේ නැඟිටීමක් අත්‍යවශ්‍යම කාලයක් මේක (නි)
1986 පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කර ඇති නිසා රේස් බුකි ආරම්භ කිරීමට බාධාවක් නැහැ. (ස)
යම් නරයෙක් (මිනිසෙක්) ස්ත්‍රීන්ටද, සුරාවටද, සූදුවටද, පමණ ඉක්මවා ලොල් වෙන්නේද ඔහු ටිකෙන් ටික පරිහානියට පත්වන්නේය. (බුදුන් වහන්සේ... පරාභව සූත්‍රයෙන් )....(නදී)
දැන් ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් රටේ තියෙන නිතිය ගැනවත් හරියට දන්නේ නැහැ. (ස)
අපෝ මේ විදියට රට දියුණු කරන්න බැහැ. මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න හදනකොටම උද්ඝෝෂණ.(නදී)
ඔය සංදේශය බාර දුන්නට වැඩක් නෑ අපේ හාමුදුරුවනේ. (ස)
මේකෙන් මොන දේ සංවර්ධනය උනත්, තව පැත්තක විනාශයක්. මම අකමැති, මොකද මෙයට වඩා හොඳ දේවල් තියෙනවා රට සංවර්ධනය වෙන. (ස)
රේස් බුකි දැමීමෙන් රට දියුණු වෙනවා ද? (ස)
කුමාර සහ සරත්,රේස් බුකි දැමීමෙන් රට දියුණු වෙනවා කියල ඉගැන්නුවේ ඔයාල ගිය පාසලේද? අනේ අපොයි දැනුමේ තරම! (නි)
මේවට එන්නේ අහිංසක දුප්පත් සහ නුගත් මිනිස්සු. ඒවගෙන් බැට කන්නේ ඒ අයගේ පොඩි උන්. මේවා මගේ අත්දැකීම්. ඒවගෙන් ගොඩ යන්නේ අපි චන්දෙන් පත්කරන මිනිස්සු.(නදී)
අප්පේ කාලෙකින් අපේ කට්ටිය හොඳ වැඩකට අත ගහල (අ)
කැකිරාවට විතරක් මොකද්ද රටටම එපා (දී)
බැරිද ඕක දීප ව්‍යාප්ත කරන්න , ලොකු පිනක් (දී)
ඉතා හොද තීරණයක් (දී)
රේස් බුකියක් තහනම් කලාම මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නේද. මිනිස්සු කාලා බීලා. ගෙදර ඕන එපා කම් බලලා, කොටසක් ඉතුරු කරන්න. බැංකුවෙත් දාල, පිනට දීලා. අන්තිම කොටස තමයි රේස් දාන්න යොදන්නේ.ඉතින් රේස් බුකිය ට විරුද්ධ වෙන්නේ අධිරාජ්‍යවාදින් . ඔය වැඩෙන් වෙන්නේ මිනිස්සුන්ගේ මානුෂික අයිතිවාසිකම්, භෞමික අඛණ්ඩතාවය සහ (අනික් වචන සෙට් එක අමතකයි) මානසික ඒකාග්‍රතාවය කඩා බිඳ දැමීමක්. (දී)
මිනිස්සුන්ගේ අහිංසක විනෝදයට අකුල් හෙලන්න එපා (දී)
ඔය රේස් බුකි වලට එන්නේ එදා වෙලා සොයා ගන්න කුලියක් කරන අය.බාර් එකට කොටසක් දීලා අනිත් ටිකෙන් රේස් දමපුවම ගෙදර ගැණු දරුපැටව් කන්නේ මොනාද?ඔය සුදුවයි,සුරවයි,තමා රට විනාශ කරේ.(අ)
රේස් බුකියේ තියෙන වරද මොකද්ද (දී)
එහෙනම් සිගරට් විකුණන හැම කඩයක්ම වහන්න කියල උද්ඝෝෂණය කරන්න කියමු (දී)
සදාචාරමත් රටක් ගොඩ නගන්න හාමුදුරු වරු කැපවී සිටින එක නම් වටිනවා (දී)
මම නම් මේ වැඩේට විරුද්දයි (දී)
මේ විදිහට මේ රටේ නිත්‍යානුකුලව වත් කිසිම ව්‍යාපාරයක් කරන්න බෑනේ. (දී)
සංවර්ධිත දියුණු රටවල නම් කවුරුවත් මේ වගේ අකුල් හෙලන්නේ නෑ. වැඩක් පටන් ගන්නකොට. මේ වගේ හණමිටි අදහස් තියාගෙන රට දියුණු කරනවා තියා මොන වැඩක් වත් කරන්න බෑ. (දී)
රේස් බුකි නැවැත්තුවා කියලා සදාචාරය රකින්න බැහැ (දී)
හොඳයි රේස් බුකි වැහුව කියමුකෝ එතකොට ආණ්ඩුවට බදු නැති වුනහම අපි කන බොන ආහාර ද්‍රව්‍ය වලින් නේ ඒ නැතිවුන බදු අල්ලන්නේ. දැනටමත් ඒ වලින් බදු ගන්න එකේ තව තුන් හතර ගුණයකින් බදු වැඩි වුනාම අපි ජීවත් වෙන්නේ කොහොමද? අපේ රටේ මිනිස්සුන්ට මේ ටික තේරෙන්නේ නෑනෙ.(නදී)
මේ රේස් බුකි නැවත්තුවොත් සමාජය මිට වඩා පිරි හෙන්න පුළුවන්, මිනිස්සුන්ගේ ආතතිය තවත් වැඩි වෙනවා (දී) (දී)
සංවර්ධන ක්‍රියාවලියේදී මෙතෙක් කිසිම සංවර්ධනයක් නොවුන එකම නගරය කැකිරාවයි. මොකද අවුරුදු 15කින් විතර පාර්ලිමේන්තු නියෝජනයක් කැකිරාවේ නෑ. කැකිරාව හරහා A 9 පාර හදලා විවෘත කරලා ඉවරයි. එත් කැකිරාව නගරය/පාර හදලා නෑ. අනුරාධපුර "දැයට කිරුල" තිබුණා. අනුරාධපුරයට පසුව තිබෙන ප්‍රධාන නගරයක් වෙලත් කිසිම සංවර්ධන වැඩක් නෑ. හැබැයි මේ වගේ දේවල් වලින්ද සංවර්ධනය කරන්නේ. (දී)
ස්වාමීන් වහන්සේලාට හොඳ නැහැ නේද මෙහෙම කරන එක? සමාවෙන්න මම එහෙම ලිවුවාට. අද විශ්ව විද්‍යාල දරුවන්ගේ අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින හිමිවරුන්ට සැග වී සිටීමට සිදු වී තිබෙනවා.අද විල්පත්තුව වනසනවා.කූරගල,මුහුදු මහා විහාරය වනසනවා. කැකිරාව කියන්නේ අහිංසක මිනිසුන් සිටින පැත්තක්. ගම සංවර්ධනයට ඔය වැඩ කැතයි. සහභාගි වූ සැමට සමඟිය බලයෙන් ජය. (නි)
දර්ශන, සංවර්ධනයට ඔය කියන පාරවල්, අනිකුත් දේවල් වගේම මේවත් ඕනා.(නදී)
දර්ශනගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ඇත්තටම පාර්ලිමේන්තු නියෝජනක් නැති හින්දද දන්නේ නැ කැකිරාවේ විතරක් මේ සංවර්දනය නැත්තේ ? (දී)
මිනිසෙකු පිට නැඟි අසරුවෙකි... ඒ බර ගෙයි වහළට බරකි.... පාන්දරින් පැරදුන ඒ මිනිහා හැන්දවේත් අසුපිටට නඟී.... (නි)
රේස් බුකියකින් වන හානිය එච්චරටම වැඩිද? (නි)
රේස් කියන්නේ කුඩු ගහනවා වගේ නොවෙයි. ඒකට මිනිස්සු බලෙන් ඇදගෙන යන්නෙත් නැහැ. මෙතරම් අන්තවාදී වෙන එකනම් හොඳ නැහැ. හාමුදුරුවරු ගිහියන්ට ධර්ම දේශනා කරන්න ඒවාට යන්න එපා කියලා. රේස් බූකිකාරයින්ගේ දානය ගන්නේ නැතුව ඉන්න. එතකොට නිකන්ම ඒවාට තිබෙන ඉල්ලුම නැති වෙනවා. (නි)
බොහොම හොඳ උද්ඝෝෂණයක්. ගම රට උවදුරකින් ගලවා ගැනීමක්.(නදී)
අපේ හාමුදුරුවනේ, ඔන්න ඔය වගේ බාර් ටිකයි, සිගරට් විකුණන කඩවල් ටිකයි ඔක්කොම වහල දාන්න. අපේ ෆුල් සපෝර්ට් එක දෙන්නම්.(නදී)
මස් මාළු,සිගරට්,අරක්කු, රේස් බුකි මේවා ඔක්කොම තහනම් කරන්න ඕන හරි නම්.(නදී)
අනිල් , එතකොට රජයට බදු ගෙවන්නේ ඔයාගේ ආච්චිද ? (නදී)
අඩුව තිබුනේ රේස් බුකි පමනයිද ? ඊට වඩා හොදයි පීහිනුම් තටාකයක් ලංකාවේ දියේ ගිලී මැරෙණ ගණනය ඉහල ගොස් ඇත. (දී)
රේස් බුකි, බාර්, මස් මාලු කඩ, සිගරට් විකුණන කඩ ඔක්කොම තහනම් කරලා දැහැමි රටක් ගොඩ නගමු.(නදී)
මිනිසාගේ නිදහසට බාධා කිරීමක් නොවෙද මෙතන වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඕනෑ කෙනෙකුට රේස් දාන්නත්, නොදා ඉන්නත් රේස් බුකියක් දාන්නත් නිදහස අයිතිය තිබෙනවා නේද? (නි)
මහා සංඝරත්නය අනෙකුත් ආගමික නාකකයින් සහ ජනතාව සමඟ එකතු වී සුදුවට සහ මතට තිත තැබීමේ සටන අවසානයක් දක්වා කළයුතුයි. (නි)
රට ආස්චර්‍ය කරා යන ගමන මේ උද්ඝෝෂණ නිසා නවතිනවා නේද කියල හිතන්න. අනික මේ රේස් බයි රේස් කාගෙද? (නදී)
රේස් බුකියයි අපේ රටේ තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයයි දෙකම එකයි. දෙකෙන්ම කෙරෙන්නේ සුදුව.(නදී)
බුදුන් දෙසු පන්සිල් පද පහට පටහැනිව අපේ රටේ ජනයා උදේ හවස යස අගේට ක්‍රියාත්මක වෙනවා, මංකොල්ල කෑම්, සුදු පොළවල්, මිනීමැරුම්, ගණිකා මඩම්, සුරා පොළවල්, ඉතින් කියනවා රට පෙරට කියලා.(නදී)