රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ පිත්තල පහන් සහ අලි ඇතුන් සොරකමේ යෙදුනු බව කියන අධිකරණයේ වරද පිළිගත් දේවාල මුළුතැන්ගෙයි සේවක ඩබ්ලිව්.උදය ප්‍රියන්ත කුමාර යන අය රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් දහසක මුදල් ඇප මත මුදා හරින ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා(14) නියෝග කලේය
සැකකරු විසින් සොරාගත් බව කියන පිත්තල පහන් කාන්තාවන් නවදෙනෙකුට අලෙවිකොට තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙවූ අය දෙවියෝ බලගනිත්වා. (අ)
නියම දඬුවමක්නේ දීල තිබෙන්නේ? දඩය දවසක කම්කරු වැටුප. ඉතින් කොහොමද වැරදි වැඩ නතර කරන්නේ? (අ)
හොරකම නම් හොරකම , හැබයි අපේ රටේ ලොකු හොරකම් වලට එක විදියකුයි පොඩි හොරකම් වලට තව විදියකුයි නිසා කොල්ලට තිබුණේ කියන්න මේවා මම හොරකම් කරපුව නෙවෙයි ඔනෙනේම්න ම් බදු ටික අරන් යන්න කියලනේ (අ)
මමත් රතනපුර මහා සමන් දේවාලයට පිත්තල පහන් දෙකක් පූජා කළා.
මෙන්න කොකියන්ගෙන් පලිගන්නවෝ (අ)
දෙවියන්ගේ දේවල් හොරකම් කරලා සමහර පවුල් වලට වෙච්ච දේ නොදැන ද මේ මෝඩයා දේවාලේ ඉදන්ම මේ වගේ අසමජ්ජාති වැඩක් කළේ. දේවාලයේ වැඩකරන හැමෝම ගැන පරික්ෂා කරලා බලන්න. එය දේවාලයේ පැවැත්මට වටිනවා. (බ)
මිනිහට කියන්න තිබුනේ " මේවා මගේ නෙමෙයි කව්රුහරි මගේ ළඟට ගෙනත් දාල " කියලයි (බ)
කමල් කරලා තියෙන්නේ මෝඩකමක්. ටෝර්ච් දෙකක් පූජා කළා නම් බැටරි පෙට්ටි දෙකකුත් එක්ක වැඩිය හොඳයි නේ. (අ)
විතිකාරයට කියන්න තිබුනේ `මේක බොහොම අනුහස් තියන දේවාලයක්. මගේ අසරණ කම ගැන අනුකම්පා හිතිලා දෙවියෝ මට මේවා තෑගි කළා` කියලයි.කවුරුවත් ඒ කතාව ප්‍රතික්ෂේප කරන්න ඉදිරිපත් වෙන එකක් නැහැ!දෙවියන්ගේ කියන දේවල් හොරකම් කලාට කාටවත් කිසිම වරදක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් කපු රාලලා ඔක්කොම කපෝති! (අ)