කැලණි ගඟට තෙල් මිශ්‍ර වූ බව කියන බියගම කොකා කොලා කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය (ඊපීඑල්) තාවකාලිකව අත්හිටැවූ බවත්, ආයතන කිහිපයක් එක් වී ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කියයි.
ආයතනයට නැවත බලපත්‍රය ලබා දීමට නම් නැවත මෙවැනි දෑ සිදු නොවීමට කෙටි කාලීන හා දිගු කාලීන පියවර කිහිපයක් ගැනීමට ගත යුතු බව ආයතන කිහිපයක නිලධාරීන් එක්ව තීරණයක් ගත් බව ද ධර්මසිරි මහතා පවසයි.
විමර්ශන කටයුතු අවසන් වූ පසු කෙටි කාලයකට තාවකාලිකව පරිසර ආරක්ෂණ බලපත්‍රය දී කෙටිකාලීන නිර්දේශ පිළිපදින්නේදැයි සොයා බලන බවත්, කෙටි කාලීන නිර්දේශ හරි ආකාරව ක්‍රියාත්මක කළහොත් පමණත් බලපත්‍රය දීරග කරණ බවත්, එසේ නැතහොත් එය අහෝසි කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.
කැලණි ගඟට මිශ්‍ර වූ තෙල් ඉවත් කිරීම ඇතුළු කටයුතු සඳහා දැනටමත් එම ආයතනය සමුද්‍රික පරිසර ආරක්ෂණ අධිකාරියට මුදල් ප්‍රමාණයක් දී ඇති බව කියන සභාපතිවරයා ඉදිරියේ ද මේ ගැන සෙවිල්ලෙන් පසුවන බව ද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොකා කෝලා, බීමෙන් වැළකිලා එම මුදලට පිරිසිදු වතුර බෝතලයක් අරං බිව්වොත් නරකද? (අ)
ජල පවිත්‍රාගාරයෙන් මේක පිරිසිදු වුණේ නැත්තේ ඇයි?. (ම)
මේ වගේ ආයතන ගැන තද බල ක්‍රියාමාර්ග ගන්න ඕන (ම)
මෙයින් හැඟෙන්නේ ජාල පවිත්‍රාගාරයේ සනීපාරක්ෂක ක්‍රමයේ වැරදි. පිට කෙනෙක් වස කලවම් කළානම් මොකද වෙන්නේ?. කුමන විදියේ පරිසර දුෂණ සිදු වුණත් පවිත්‍රාගාරයේ ක්‍රම සහ විදි තිබිය යුතුය. (අ)
මේ ගොල්ල පාසල් ළමයි මත් කරන්ටත් ගියා වගේ මතකයි. ඕක මහජනයාට අහිත් දේ බොන්ට දෙන කම්හලක් වගේ මතකයි. සම්පුර්ණයෙන් වහන්ට තියෙන්නේ..(බ)
මෙච්චර දෙයක් වෙලත් ඇයි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි? (නි)