එල්.ටී.ටී.ඊ සංවිධානයේ වත්මන් නායක සහ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වාර්තා අනුව ඔහු කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට හෝ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු නොවන බව පොලීසිය අද(12) අභියාචනාධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරී එම්.ඒ.එම්.නවාස් මහතා විසින් නිකුත් කළ එම වාර්තාව අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
එම වාර්තාවට අනුව රටේ සිදුවූ මංකොල්ල කෑම් , මිනීමැරීම් ආදී අපරාධ සිද්ධීන් වලට අවශ්‍ය පුද්ගලයකු නොවන බව වාර්තාවේ සඳහන් වුවද ඔහුට එරෙහිය තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය තවත් විමර්ශන කර ගෙන යන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද (12* අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ මහතා ඉදිරියේදී සලකා බැලූ අතර එහිදී මෙම කරුණු හෙළිවිය.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය කේ.පී. රටින් පිටවීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන පෙබරවාරි 4 වැනිදා තෙක් දීර්ඝ කළ අතර, ඔහු සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරගෙන යන බව කියන විමර්ශන සහ ඒවා මඟින් අනාවරණය කර ගත් කරුණු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන පෙබරවාරි 03 වැනි දිනට සතියකට පෙර අධීකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.
පෙත්සම්කාර විජිත හේරත් මහතා වෙනුවෙන් නීතීඥ උපුල් වටගලගේ මහතාගේ උපදෙස් මත නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටීයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දෙයියනේ ගිය ආණ්ඩුවේ වැරදි කිය කියා අපෙන් ඡන්දෙ ගත්තට දැන් බැලුවහම ඒවා මොකුත් වැරදි නෙමෙයිනේ? දැන් කියනවානේ ඒවා හරි කියලා? (නි)
දැන් ඉතින් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. ගැහැණියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගැහැණියෙක් කරන්නත් විතරක් බැරි ලොකු උතුමාණෝ ගෙන් පැවත එන කට්ටියනේ මේ. මම බොහොම ආසාවෙන් කියවන්නේ මේ ප්‍රතිචාර විශේෂයෙන් මෙයාල දිනවල අනාගත්ත කට්ටියගේ. (බ)
කේ.පී. ට විරුද්ධව කෑගහපු සෙනඟ කන්දරාව ගැන හිතුවහම මම හිතුවේ කේ.පී. අවුරුදු ගණනාවකට හිරේ යයි කියලා. (නි)
එතකොට ත්‍රස්තවාදීන්ට අවි ගැනිමක් සඳහා මුදල් එකතු කිරීම පුණ්‍ය කර්මයක්ද? (බ)
අයියෝ මේ මොකද?(හේ)
එතකොට රැවටුන අපිද වැරිදි.(හේ)
මමත් හෙට අනිද්දා තායිලන්තය හරහා බෝම්බ නැවක් ලංකාවට ගේන්නයි ඉන්නේ ..ආණ්ඩුව පෙරලන්න.දැන් ඉතින් බයක් නැතිවම බඩු ටික ගොඩ බා ගන්න පුළුවනි.(රේ)
විජිත්, ඔබට මගේ ප්‍රණාමය! මමත් ඔබට සම්බන්ධ වෙන්න කැමතියි (නි)
මොනවා පරීක්ෂා කරන්නද.? (ර)
බලනකොට ගිය ආණ්ඩුව වැරදි නැහැනේ! (නි)
කේපී ගැන එතකොට කලින් කිවුව කතා මොනවද? (නි)
කේ.පී. ගැන කලින් නම් කතාකළේ කොහොමද? (නි)
කේ.පී. ට චෝදනා ගොනුකිරීමට අපහසු නම් ඔහු නිවැරදි අයෙකු වනු ඇත. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේතරම් නිවැරදි පුද්ගලයෙකුට නේද අර තරම් බොරු කන්දරාවක් ඉස්සරහට දාගෙන චෝදනා එල්ල කළේ එතකොට? (නි)
ඒ කියන්නේ හෙට දවසේ අපේ රටේ අපි ඕන කෙනෙකුට පුළුවන් අවි ආයුධ ඕනෙම ත්‍රස්ත කල්ලියකට පිට රටවලින් ගෙන්වල බෙදා හරින්න ...නැව් පිටින් වුනත් ..කාටවත් නීතියෙන් දඩුවම් කරන්න බැහැ.. මේකත් හරියට ලෝකේ පුදුම 9න් එකක් ..වගේ නේද ..? රටක නීතියේ පිරිහීම .... ඒ රටේ පිරිහීමයි ..? (බ)
ප්‍රභාකරන් අද ජීවතුන් අතර සිටියා නම් මොනවා සිද්ධවෙයිද කියලා දැන්නම් ලොකු සැකයක් ඇතිවෙනවා මේවා දකිනකොට (නි)