කොටි සංවිධානයේ වත්මන් නායක සහ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරු කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරික්ෂණවලදී ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් අනාවරණය වී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කේ.පී අත් අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේදී සලකා බැලූ අතර එහිදී මෙම කරුණු සඳහන් විය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.
ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම, නීති විරෝධී අවි ජාවාරම් ආදී චෝදනා 193ක් දක්වා ඇතත් මේ කිසිදු සිද්ධියක් පිළිබඳව නිසි කරුණු මෙතෙක් අනාවරණය වී නැතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නාවාන මහතා අධිකරණයට දැන්වීය.
එබැවින් මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නිසි තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදිමට කල් ලබා දෙන ලෙසද නාවාන මහතා ඉල්ලීය. පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 28 දිනට කල් තැබිණි.
මේ අතර කේ.පීට රටින් පිටව යාම වළකමින් ආගමන පාලකවරයා වෙත නිකුත් කළ අතුරු නියෝගය ඔක්තෝබර් 29 තෙක් දීර්ඝ කිරීමටද අධිකරණය නියෝග කළේය.
වීඩියෝ - සනත් ඩෙස්මන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පේ. අර යහපත් මනුස්සයට මොකට නඩු දානවද? (බ)
ඔය කතාව ඉතින් අපි මහින්ද මහත්තයාගේ කාලෙදීම ඇහුවනේ (නි)
බලනකොට ප්‍රභාකරන්ටත් ඔය ටිකම වෙන්න තිබුනා ජීවතුන් අතර සිටියා නම්. (නි)
අනිවාර්යයෙන් අස්මිත්, ඔයා හරි (නි)
දැන් ඔය අපුරුවට කියන්නේ පරණ කතාවමනේ.යහපාලනයෙන් අලුත් දෙයක් අහන්නයි ජනතාව බලාහිටියේ.අනේ කාලේ වනේ වාසේ! (නි)
මෙහෙම වෙයි කියලා මට නම් හිතුණා (නි)
සාමාන්‍යයෙන් අපි වගේ දුප්පත් මිනිසෙක් ඔය වගේ ගනුදෙනු කළා නම් වසර 20ක් 30ක් කාලයක සිට, අපිට ලැබෙන දඬුවම මොකද්ද..? අනේ මිනිසුනේ, නීතිය කියන දෙය ඔබ සැවොම එකතුව ප්‍රසිද්ධියේ විකුණා අවසන් (නි)