(රංජන් කස්තුරි)

රටපුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය මඟහැවිම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධවර්ග 160ක් පමණ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඖෂධ ආනයනය කිරීමට මාස 6ක පමණ කාලයක් ගතවන හෙයින් ඒවා හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට තීන්දු කළ බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කීය. 

පිළිකා සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 65ක් මේ වනවිටත් අනවුම් කර තිබෙන බව ද කී රත්නායක මහතා මාස දෙකක පමණ කාලයකදී ඖෂධ හිඟය මඟහැරී යනු ඇතැයි ද පැවැසීය. 

ඖෂධ වර්ග 350කට ආසන්න ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබා ගන්නා අතර තවත් ඖෂධවර්ග 100ක ප්‍රමාණයක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදි ගැනීමට නියමිත බව ද අතිරේඛ ලේකම්වරයා කීය.