ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ ඖෂධ අලෙවි කළ දෙහිවල ඖෂධ අපනයනකරුවකුට අවුරුදු 19ක බරපතල සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය එය වසර 10කට අත්හිටවූවාය.
දෙහිවල පදිංචි ජුනයිදීන් අහමඩ් රියාස්ට එසේ සිර දඬුවම් නියමවූයේ ව්‍යාජ ලේඛන සකසා තහනම් කළ ඇස් බෙහෙතක් මෙරටට ගෙන්වීමට උත්සාහ කිරීමත් බලධාරීන් නොමග යවමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ගෙන්වීමත් යන චෝදනාවලට වැරදිකරුවීම හේතුවෙනි.
චෝදනා 10ක් යටතේ ඔහුට නඩු පවරා තිබූ අතර චෝදනා 9ක් සඳහා වසර 2 බැගින් ද එක් චෝදනවාක් සඳහා වසරක සිර දඬුවම්ද නියම විණි. එසේම චෝදනා 10 සඳහාම රුපියල් හැට ලක්ෂ පනස් දහසක දඩයක් ද ඔහුට නියම කැරිණි.
සසෙක්ස් මෙඩිකල් ප්‍රයිවට් ලිමිටඩ් හා හාර්කොට්ස් යන ඖෂධ සමාගම්වල නම් යටතේ ඔහු තහනම් ඖෂධ මෙරටට ගෙන්වීමට උත්සාහ කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඖෂධ අපනයනකරු වසර 19ක් හිරේට
නුවන් Thursday, 13 October 2016 10:03 AM
කොළඹ කොටුව පැත්තේ පොඩ්ඩක් ගියොත් හොර බෙහෙත්,හොර කෑම වර්ග ගෙන්වන අය ඕන තරම් හොයාගන්න පුළුවන්! (ම)
ඉමේෂ් Thursday, 13 October 2016 10:33 AM
මේ වගේ අය නිසා තමයි මේ රටේ ලෙඩ්ඩු වැඩි මෙච්චර. (හේ)
සුසන්ත Thursday, 13 October 2016 10:48 AM
මොවුන් වැරදි බෙහෙත් ගබ්සා බෙහෙත් ආදිය ගෙන්වා සිංහලයින් නැතිකිරීමට උත්සාහ කළා (බ)
සමන් Thursday, 13 October 2016 12:19 PM
මේ වගේ සමාජයට ලොකු කැලලක්.(හේ)
මනෝජ් Thursday, 13 October 2016 02:00 PM
හිරේ යන්න දුප්පත් පෝසත් බේදයක් නෑ. නමුත් ලොකු දඩ ගෙවන්න පුළුවන් පෝසතුන්ට පමණයි. චිනයේනම් මරණ දඩුවම. (බ)
සජී Friday, 14 October 2016 02:47 AM
රෝගී ජීවිත සමඟ සෙල්ලම් කරන මොවුන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)
ටෙනිසන් Friday, 14 October 2016 02:53 AM
හොඳ දඬුවමක් (නි)