IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඖෂධ අධිකාරියේ දූෂණ වාර්තාවෙන් එළියට

.

(සුජිත් හේවාජුලිගේ )

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වර්ෂයේදී දිගින් දිගටම දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇතැයි  එම ආයතනය ගැන කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටුව  හෙළිදරව්  කර  ඇති බවත් එම දූෂණ වංචා කළ පුද්ගලයන්  සම්බන්ධයෙන්  ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

අධිකාරීයේ කටයුතු සාර්ථක කර ගැනීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කළ  යුතු බවටද එම කමිටුව  යෝජනා කර ඇතැයි පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා  එම අධිකාරී පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

ඖෂධ නියාමන  අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට එම වසරේ මාර්තු මස 17 වන දින දක්වාවූ කාලසීමාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා මේ පංච පුද්ගල කමිටුව පත්කරනු ලැබුවේ  රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසිනි.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සභාපතිත්වය දැරූ එම පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව  වීරවර්ධන මහත්මිය විසින්  රාජ්‍ය ඇමැතිවරයාට පසුගියදා  බාර දුන්නාය.

එම කමිටු වාර්තාව තමා තවදුරටත් අධ්‍යයනය කරගෙන යන බවද ජයසුමන මහතා පැවැසීය.

ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පිළිබඳව කරුණු දක්වමින්  මහාචාර්ය චන්න ජයසුමන මහතා එසේ සඳහන් කළේය.



අදහස් (15)

ඖෂධ අධිකාරියේ දූෂණ වාර්තාවෙන් එළියට

Raveendra Thursday, 14 October 2021 12:04 PM

ඔය වාර්තාව මහජනතාවගේ දැනගනුමට මාද්‍ය මගින් පලකරොත් නරකද.... රටේ පුරවැසියන්ට මේවා දැනගැනීම අකැපද ...?

:       1       27

duminda Thursday, 14 October 2021 12:19 PM

පුලුවන්නම් නඩු දාලා අයකරගන්න.

:       1       25

කිරි පුතා Thursday, 14 October 2021 12:25 PM

හැම ආයතනයකම බූතයන් වගේ හොරු බින්න බැහැලා ඉන්නෙ. ආයතන සුද්ධ පවිත්‍ර කරලා ගන්න වෙයි.

:       1       20

fairoos Thursday, 14 October 2021 01:30 PM

ආණ්ඩු මරුවෙනකොට හැමදාම කලේ මේක තමයි .මෙයාලගේ විලි වහගන්න අනුන්ගේ කුණු හොයනවා

:       5       13

Senarath Thursday, 14 October 2021 01:46 PM

ඖෂධ වෙළඳාම කියන්නේ විශාල මාෆියාවක් .ඒවාට හිටපු සමහර සෞඛ්‍ය ඇමතිලත් සම්බන්දයි .නැතිනම් කොහොමද නැව් මිල දී ගත්තේ ?ඒ වගේම වෙළඳ ප්‍රවර්ධකයෝ එක එක ඒවා දීලා අල්ලාගෙන තමුන්ගේ ආයතනයේ නෙහෙත් ටික ලෙඩ්ඩුන්ට නියම කරනවා .ඒ වගේම ෆාමසි වලින් ,ලැබ් වලිනුත් කොමිස් ගන්න දොස්තරලත් ඉන්නවා

:       0       9

RaveendraThursday, 14 October 2021 02:43 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙම ක්ෂේශ්ත්‍රයේ වැඩිපුරම සිටින්නේ හතරට ගැන ගන්න බැරි නියම ගල් ආදන්ය.

:       1       6

පැරකුම් Thursday, 14 October 2021 02:09 PM

පුලුවන් කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න මේ රටේ දූෂන වංචා නැති රාජ්‍ය ආයතනයක්. කෝ දැං අර දුෂන වංචා නැති කරන්න ආපු ලොක්‌කා ? අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙ ඒකට වෙන්නැති. එතකල් බලා ඉමු…!

:       0       8

Kule Thursday, 14 October 2021 02:19 PM

සුවපති ඕවට ගාවලා තිබුනොත් කිඹුලන්ට කන්න දමාවි

:       0       6

Raju Thursday, 14 October 2021 02:32 PM

මේ මිනිහාට පිස්සු.

:       3       7

Hafeel Thursday, 14 October 2021 02:46 PM

හරියට හරි. දෙගොල්ලම මේගොල්ලන්ගේ සහ ඒගොල්ලන්ගේ දුෂණ වංචා හැලිකරනවා. බලනකොට ඔක්කොම එකයි. පහුගිය ආණ්ඩුවේ ඇමතිකම් දරපු අය, වැරදි කල මේ ආණ්ඩුවේත් ඉන්නවා. පාස්කු ප්‍රහාරය එල්ල වෙනතුරු අහක බලාගන හිටිය මෛත්‍රීත් දැන් මේ ආණ්ඩුවේ. ඉතින් මේවා විහිළු. කිසිම දේශපාලකයන්ට දුෂණ වංචාවලට දඬුවම් දීල නැහැ .

:       0       5

Hafeel Thursday, 14 October 2021 02:49 PM

අර ජනාධිපති කොමිසම නිර්දේශ කළා නේද අපරාධ නඩු සේරම අයින් කරගන්නයි කියල. එහෙම මේ කොමිසම නිර්දේශ කලේ නැද්ද?

:       1       3

Shanthan Thursday, 14 October 2021 04:10 PM

අපි එහි අන්තර්ගතය ගැන සැක කරමු. මහජනතාවගේ හෝ පාර්ශවකරුවන්ගේ අදහස් ලැබී නැත. මෙය රජයේ තවත් ඇස් සෝදා ගැනීමකි

:       1       5

Siri Weeraprya Friday, 15 October 2021 06:02 AM

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තිබෙනවා

:       0       0

Perera Friday, 15 October 2021 10:11 AM

පුළුවන්නම් රාජිතට නඩු දාන්න බලන්න.

:       0       1

Sagarika Alvis Friday, 15 October 2021 10:23 AM

වැරැදි කාරයින්ට වැරැදි කරලා හංගලා ඉන්න බෑ. කොයිවෙලේ හරි මට්ටු වෙනවා... දැන් ඉතින් කිඹුල් පැටවුන්ට දුවන්න වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 141 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 317 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 372 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 269 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 376 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 132 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site