(අංජුල මහික වීරරත්න)
රටට ඩොලර් ඉපැයීම සඳහා HASS නැමැති අලිගැටපේර විශේෂය ලංකාවේ කෘෂි කාර්මික වගාවක් ලෙස පුළුල් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගා සංවර්ධන කටයුතු කෙරෙයි.
අලිගැටපේර ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන තිබේ.
මෙම අලිගැටපේර විශේෂයේ පැළ ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර ඇත.
HASS නැමැති අලිගැටපේර ප්‍රභේදයෙ විශේෂත්වය වන්නේ එය පළතුරක් වශයෙන් මෙන්ම බටර් පැහැති මදය උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන සෞඛ්‍යට හිතකර අලිගැටපේර තෙල් සඳහා ජාත්‍යන්තර වෙළෙද පොළේ විශාල ඉල්ලුමක් පැවතීම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ වගාව කළ හැකි පවුල් 1000ක් පමණ තෝරා ගෙන ඇති අතර ඔවුන්ට HASS අලිගැටපේර විශේෂය වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, පැළ හා මුල්‍ය ආධාර සියල්ලම සපයන බව අමාත්‍යාංශය කියයි.
වසර තුනකින් මෙම වගාවෙන් ආදායම් උපයා ගත හැකි අතර එක් ගසකින් අලිගැටපේර කිලෝග්‍රෑම් 200ක අස්වැන්නක් ලබා ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරෙස්සමින්, ඕස්ට්‍රේලියාවෙන් දෙවරක් ගෙනාපු කිරිහරක් නිසා වෙන්න ගිය විනාශයෙන් යන්තම් අපේ සත්තු ටික බේරුණා. අපේ රටේ සාර්ථකව වගාකරපු ඇපල් වලට වෙච්චි දේත් හොඳින් සිහියේ තබාගන්න වෙයි.
පිරටින් එක එක මගුල් ගෙනෙන්න කලින් අපේ තියෙන දේ රැකගන්න හිතන්න. තේ, රබර්, පොල් ඉඩම් කුට්ටි කරනවා, මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත්වෙනවා.. නිසි වෙළඳපල යාන්ත්‍රණයක් නැහැ. සතුන් සහ හොරුන්ගෙන් ඵලදාව රැකගන්න බැහැ. පළමුව මේවාට විසඳුම් සොයන්න. ඒවයි පාලකයන් පළමුව කළයුත්තේ... ඒවායින් කොමිස් නම් නැහැ...
මම එන්නෙත් ඒ පැත්තේ රටක... HASS අලිපේර ලංකාවේ තියෙන අලිපේර ළඟින් තියන්නවත් බැහැ. ඇයි ලංකාවේ තිබෙන ඉතා රසවත් ප්‍රෙභ්දය විකුණන්න වෙළඳපළක් හොයන්නේ නැත්තේ? මම කාලා තියෙන රසම අලිපේර ලංකාවේ අලිපේර. ලංකාවේ හින්දා කියනවා නොවේ. ඉතින් ඇයි වෙන ප්‍රෙභ්ද පස්සේ දුවන්නේ?
ඔන්න තවත් සුපිරි ගොන්වැඩක් කරනවා...
කටින් බතල හිටෙව්වා හොඳටම ඇති.. කීයක් ඔය ආකාරයේ ව්‍යාපෘති ගෙන්නලා කීදෙනෙක් ගසා කෑවාද? කීදෙනෙක් ව්‍යාපෘතියට කියලා වාහන ගෙන්නගෙන පුද්ගලික පරිහරණයට ගත්තාද? මේ ළඟදී තවත් පාඩු ලබන අත්‍යාවශ්‍ය ජනතා සේවයක ව්‍යාපෘති අය වාහන තුන හතර පාවිච්චි කරනවාය කියලා රාජ්‍ය විගණනයේදී අහුවුණාලු නේද?
බිබිලේ දොඩම් වගාවට කළ දේ මෙම දේශපාලුවන් සහ නිලධාරීන් අලිගැටපෙර වගාවටද කරනු ඇත...
බිබිලේ දොඩම් වලට වූ දෙය සිදුවෙනවා. අපේ ප්‍රභේද වැඩිදියුණුකර, එම බීජ/පැළ, ගොවි පවුල්වලට බෙදාදීම කළ නොහැකිද? කොතරම් උගත්, ප්‍රායෝගික දැනුමැති කෘෂි නිලධාරීන් අපට සිටිනවද? කිලෝ 200 අස්වැන්නෙන් පසුව ගසේ ඵලදාව අවසන්ද? දැන් කිසිම ව්‍යාපෘතියක් විදෙස් ණයක් නොගෙන අපට කරන්නම බැරිද?
ලංකාවේ තිබුණු කොමඩු, පැපොල්, පැණිදොඩම් වලට කළා වගේ වටිනා අලිගැටපේර ප්‍රබේධයට මහා විනාශයක් කරන්න යන්නේ...
( 1 කොටස ) මේ අලිපේර වර්ගය මේ රටේ අප දැනට පරිභෝජනයකරන,අපේ රටට ගැලපෙන දේශීය අලිපේර වර්ග කිහිපය සමග එකට වවා කරනලද පරීක්ෂණයකින් ලද දත්ත කෘෂිකර්මයේ පර්යේෂකයින් ළඟ තිබෙනවාද ? එවැනි පරීක්ෂණයක් කලාද ? වසර කීයක්ද ? ආගන්තුක අලිපේර වර්ගයේ පසෙහි පොටසියම් සහ පොස්පේට් අවශෝෂණයේ සාපේක්ෂ ප්‍රතිශතය කොපමණද ? ( අලුත් වර්ගයේ අවශෝෂණ ප්‍රතිශතය දේශීය වර්ගයන්ට සාපේක්ෂව වැඩිනම් ..අනිවාර්යයෙන්ම මෙය දේශීය අලිපේරවලට හානිකරයි.මේවා වැවෙන ප්‍රදේශයක ඇති දේශීය අලිපේරවල පලදාව අඩුවෙලා ,අවසානයේදී ශාකය මියයනවා.මේවා කෘෂි විද්‍යාඥයෝ හොඳින්ම දන්නා දේවල් !!! නමුත්...) මේ වර්ගය ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් හදපු ශාකයක්නම් අප තවත් අවධානය යොමුකළයුතු දිශාවක් ඇත .ඒ තමා මේ අලුත් වර්ගයෙන් හටගන්නා පරාග දේශීය අලිපේර හා පරාගනයවී ( සුළඟින් හෝ කෘමින් මගින් ) සෑදෙන පලයේ බිජ වඳ භාවයට පත්වීමක් වේවිද ? යන්න . අවාසනාවකටවත් එවැනි දෙයක් සිදුවුනොත් අපේ දේශීය වර්ගය රැකගැනීමට හැකිවෙන්නේ නැහැ. කපටි ජාත්‍යන්තර මාෆියාවන් භාවිතාකරන " කිලර් ජීන් " යනු මෙවැනි සංසිද්ධියකි ) (2 කොටසට )
(2 කොටස )මේ වගාව සඳහා විශේෂිත රසායන පොහොර අනයනයක් කරනවාද? ඒවාගේ සංයුතිය කුමක්ද ? ඒවායින් ජලපොෂකවලට සිදුවන හානිය කොතෙක්ද ?කෘෂිකර්මයේ අය ඒ ගැන ' නියැදි ' පරික්ෂනයක්වත් කලාද ? ඒ සියල්ල වගේම අපි සොයාබැලිය යුතුයි මේ වගාව සඳහා ( පල හෝ තෙල් ) දැනට විදේශ වෙළඳපොලේ ඇති " ඉඩ " ගැන.දැනටත් ඒ ' ඉඩ ' සංතෘප්තවී ඇතිනම් මේවා අපනයනය කිරීමෙන් අපට විදේශවිනිමය සෙවීම අපහසු වෙනවා.ඒ වගේම තරඟකාරී ලෝකයක " තමන්ගේ කොටස " අනෙකෙකු හා බෙදා ගන්න වෙස්සන්තරලා මේ ලෝකයේ ඉන්නවාද ? මේ අලි පේර වර්ගය මේ රටට සුදුසු බවට සහතිකකිරීමට යමෙක් අතයට ලොකු ගනුදෙනුවක් කලාද ? මේ වියාපෘතිය විදේශීය මුදල් යොදවා සිදුකරන එකක් නිසා අවසානයේදී ඒ ආයෝජකයින්ට ඒ අයගේ ආයෝජන මුදලත්, ලාභයත් දුන් පසු අපට ලැබෙන ප්‍රමාණය ලාභයෙන් 40% හෝ ඊට වැඩි නම් අපට සතුටුවිය හැක.නමුත් අපේ ශුද්ධ ලාබය 40% ට අඩුනම් අප මේ කරන්නේ නිෂ්පල දෙයක් බව ඔබටම වැටහෙනු ඇත.එවැනි නිෂ්පල වැඩවලින් අප ලබා ඇති "ප්‍රගතියේ "තරම ඔබත් මමත් දැන් අත්විඳිමින් සිටින්නෙමු.
කවුද මේ ඔලමොට්ටල තීරණ ගන්නේ...? ලංකාවේ අලිපේර මේ නිසා විනාශ වුණොත් කවුද වග කියන්නේ?
ලංකාවේ අලිගැටපේර තමයි ලෝකේ රසම අලිගැටපේර කියලා මෙහෙට එන හැම සංචාරකයෙක්ම කියනවා...
අපේ රටේ දේශීය ප්‍රණීත අලිගැටපේරවලටත් කෙලවන්නයි හදන්නේ. ඇත්තටම අමු කාලකන්නි...!
කවුරු හරි ගොන් පණ්ඩිතයෙක් කියන්න ඇති. ලංකාවේ තරම් රස අලිගැටපේර කොහේද තියෙන්නේ...?
මම විවිධ රටවලට ගිහින් අලිපේර කාලා තියෙනවා... අපේ අලිපේර තරම් රස අලිපේර කොහෙවත් ලැබිලා නැහැ. ලෝකේ බහුතර මිනිස්සු කෙසෙල් කන්නේ පිලිපීනේ හදන ජරා කෙසෙල් වගේම අලිපේරත් කිසිම රසක් නැති අලි පේර... ලංකාවේ ඇති විවිධ අලිපේර වගාවක් සංවර්ධනය කරන්න බැරි මොකද? අනික ඉහත කියලා තියෙනවා වගේ... මේ වගාවන්ට සතුන්ගෙන් වන හානිය අවම කරන්න සතුන් ගහනය වැඩිවෙන එක පාලනය කරන්න ක්‍රමයක් සකසන්න...