IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඕස්ටේ‍්‍රලියාව ලකුණු 47 ට දවාලමින් දකුණු අපි‍්‍රකානුවෝ ජය සොයා යති

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර දකුණු අපි‍්‍රකාවේ කේප් ටවුන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 47 කට සීමා කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. ලකුණු 236 ක ජයග‍්‍රාහී ඉලක්කයක් කරා යමින් සිටින දකුණු අපි‍්‍රකානුවෝ තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය. දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 47,  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර වරෙක  ඕස්ටේ‍්‍රලියානු පිලේ කඩුලූ 9 ක් ලකුණු 21 ක් තුළදී බිඳ වැටී තිබිණ. එම අවස්ථාවේදී පීටර් සිඞ්ල් (12) සහ නේදන් ලයන් (14) එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සම්බන්ධතාවක් ගොඩනැඟූහ.   ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 284 (ෂෝන් මාෂ් 44, මයිකල් ක්ලාක් 151, ඬේල් ස්ටීන් 55/4, වර්නන් පිලැන්ඩර් 63/3, මෝන් මෝකල් 82/3) සහ දෙවැනි ඉනිම 47 (වර්නන් පිලැන්ඩර් 15/5, මෝන් මෝකල් 09/3)දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 96 (ජැක් රුඩොල්ෆ් 18, ගේ‍්‍රම් ස්මිත් 37, රයාන් හැරිස් 33/4, ෂේන් වොට්සන් 17/5) සහ දෙවනි ඉනිම කඩුලූ 1ට 81යි. ඕස්ටේ‍්‍රලියාව ටෙස්ට් ඉනිමකදී ලකුණු 50 ට අඩුවෙන් දැවී ගිය අවස්ථා 36 -  එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී 1902 දී 42 - එංගලන්තයට එරෙහිව සිඞ්නි නුවරදී 1888 දී 44 - එංගලන්තයට එරෙහිව ලන්ඩන්  ඕවල් පිටියේදී 1896 දී 47 - දකුණු අපි‍්‍රකාවට එරෙහිව කේප් ටවුන්හිදී 2011 දී පිලැන්ඩර්



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව ලකුණු 47 ට දවාලමින් දකුණු අපි‍්‍රකානුවෝ ජය සොයා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site