IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඕස්ටේ‍්‍රලියාව ලෝක ශූරයන් ගෙදර යවයි

නවසීලන්තයේ දැන් පැවැත්වෙන 7 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අද (9) පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී ආසන්නතම ලෝක ශූරයන් වන දකුණු අප‍්‍රිකාව ලකුණු 11-9 කින් පරාජය කිරීමට  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ සමත්වුහ. අවසන් වරට 2007 වසරේ පැවැති හය වැනි ලෝක රග්බි තරගාවලියේදී ශූරතාව දිනාගත් දකුණු අප‍්‍රිකාව මෙවර ද ශූරතාව දිනාගනු ඇතැයි අපේක්‍ෂාවෙන් සිටි රටයි. තරගයේ පළමු අර්ධය අවසානයේදී ලකුණු 8-3 ක් ලෙස ජයග‍්‍රාහී  ඕස්ටේ‍්‍රලියානු පිල පෙරමුණේ සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ජෙම්ස් හෝර්විල් උත්සාහක දිනුමක් සාර්ථක කරගත් අතර ජෙම්ස්  ඕක්නර් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින්  ඕස්ටේ‍්‍රලියාවට ජය හිමිකර දුන්නේය. දකුණු අප‍්‍රිකාව උත්සාහක දිනුමකින් හා ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලබා ගත්තේය. කෙසේවෙතත් අන්තර්ජාතික රග්බි පාපන්දු සම්මේලනයේ රටවල් ශ්‍රේණිලත කිරීමට අනුව  ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප‍්‍රිකාව හිමිව ඇත්තේ එහි තෙවැනි ස්ථානයයි.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව ලෝක ශූරයන් ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site