ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (03) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 54 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියානු පිල 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ගැනීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 98 කට කඩුලූ 6 ක් දැවී සිටියදී ජෝජ් බේලි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 110 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 125 ක් රැුස්කරමින් ලකුණු 266 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
මිචෙල් ස්ටාක් දක්‍ෂ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගනිමින් ජයග‍්‍රහණය පහසු කළේය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 266
(ජෝජ් බේලි නොදැවී 125, ජේම්ස් ෆයුල්ක්නර් 39, පිලිප් හියුස් 21, ඩැරන් සැමී 48/3)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 38.1 කදී 212
(කිරන් පවෙල් 83, ඞ්වේන් බ‍්‍රාවෝ 45, සුනිල් නරීන් 24, මිචෙල් ස්ටාක් 32/5, ග්ලෙන් මැක්ස්වෙල් 63/4)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව දක්ෂ කණ්ඩායමක් වුවත් ඔවුන් ළඟ මහත්මා ගති නැහැ. ඔවුන් හරිම ආත්මාර්ථකාමී පිරිසක්. ජය පරාජය සමබරව බෙදාහදා ගන්නට බැරි ජාතියක්. නිතරම කොහොම හරි ජය ගැනීම තමයි හිතේ තියෙන්නේ. එහෙම හරි යන්නේ නැහැනේ. වැදගත් විදියට සෙල්ලම් කරලා ජය ගැනීමනේ වටින්නේ. (නි)
සැලෙන්න එපා අපේ කොල්ලෝ ටික (දී)
කමක් නැහැ, හැමදාම හැමෝටම දිනන්න බැහැ නේ (දී)