එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ සිවුවැනි දිනය වූ අද (13) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට ලකුණු 311 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායන ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 174 රැස්කරමින් ලකුණු 137 ක් පසු පසින් සිටියේය.
සිවුවැනි දිනය අවසන් වන විට බ‍්‍රැඞ් හැඩින් (නොදැවී 11) සහ ඇෂ්ටන් ආගර් (නොදැවී 01) පන්දුවට පහර දෙමින් සිටියහ. පළමු ඉනිමේදී අංක 11 පිතිකරු ලෙස ලකුණු 98 ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවූ කෝඩුකාර ඇෂ්ටන් ආගර් උසස්වීමක් ලබමින් අංක 8 ස්ථානයේ පන්දුවට පහර දෙයි.
ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 161 ක් රැස්කර ශක්තිමත් තත්ත්වයක සිටිය ද, ලකුණු 4 ක් තුළ කඩුලූ 3 ක් බිද වැටීමෙන් ලකුණු 164 ට කඩුලූ 6 ක් බවට පත්ව එංගලන්තය නැවතත් තරගයට අවතීර්ණ විය.
එංගලන්ත පිල දෙවැනි ඉනිමේදී ලකුණු 375 ක් රැස්කරමින් ලකුණු 310 ක් පෙරමුණට පැමිණීමට සමත් විය.
එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215 (ජොනතන් ට්‍රොට් 48, පීටර් සිඞ්ල් 50/5) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 375 (ඇලෙස්ටියාර් කුක් 50, කෙවින් පීටර්සන් 64, ඉයන් බෙල් 109, මැතිව් ප‍්‍රයර් 31, ස්ටුවට් බ්‍රෝඞ් 65, මිචෙල් ස්ටාක් 81/3, ඇෂ්ටන් ආගාර් 82/2, ජේම්ස් පැටින්සන් 101/2, පීටර් සිඞ්ල් 85/3)
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 280 (ස්ටීවන් ස්මිත් 53, පිලිප් හියුස් නොදැවී 81, ඇෂ්ටන් ආගර් 98, ජේම්ස් ඇන්ඩසන් 85/5, ස්ටීව් ෆින් 80/2, ගේ‍්‍රම් ස්වාන් 60/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6ට 174 (ෂේන් වොට්සන් 46, ක‍්‍රිස් රොජර්ස් 52, මයිකල් ක්ලාක් 23, ස්ටුවට් බ්‍රෝඩ 34/2, ගේ‍්‍රම් ස්වාන් 64/2)
කි‍්‍රස් රොජර්ස්
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණයට ලකුණු 137 ක් පිටුපසින්
අමිල Sunday, 14 July 2013 02:02 AM
ඇස්ටන් ආගර් පෙරලියක් කරාවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි ඔහුට සුභ පතමු.(නදී)
සුරේශ් සම්පත් Sunday, 14 July 2013 06:11 PM
මෙන්න නියම තරගයක්. අන්තිම විකට් එකට දිනන්න ලකුනු 80 ක් තියෙනවා. ඒකෙනුත් දැනට මේ අය 60 ක සම්බන්ධතාවයක් තියලා. මෙන්න මැච් ඉනිම දෙකේදීම අන්තිම විකට් සම්බන්ධතාවය නියමයි.(නදී)