ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිම ලකුණු 215 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක පීටර් සිඞ්ල් ලකුණු 50 කට කඩුලූ 5 ක් දවා ගනිමින් එංගලන්ත පිල අඩපණ කිරීමට සමත් විය.
එංගලන්ත කණඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පළමු කඩුල්ල ලකුණු 27 ක් ව තිබියදී බිඳ වැටුණි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් එක් කිරීමට ජෝ රූට් සහ ජොනතන් ට්‍රොට් සමත් වූහ.
තවමත් 19 හැවිරිදි වමත් දග පන්දු යවන්නකු වන ඇෂ්ටන් ආගර්ට ටෙස්ට් හිස්වැස්ම පිරිනමමින් ඕස්ටේ‍්‍රලියානු පිල මෙම තරගයේදී සිය ප‍්‍රතිවාදී එංගලන්ත පිල පුදුමයට පත්කළේය. ඇෂ්ටන් ආගර් ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති කී‍්‍රඩකයෙකි. ඔහුගේ මුත්තණුවන් වන නාලා හේවාවිස්ස මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කර තිබේ. ආගර්ගේ මිත්තණිය ශීලා හේවාවිස්ස කලක් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සේවය කර තිබේ.
මෙම තරගය විනිශ්චය කිරීම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු ටෙස්ට් කී‍්‍රඩකයකු මෙන්ම මේ වන විට ලෝකයේ පළමු පෙළේ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මහතා කැඳවනු ලැබ ඇත. පාකිස්තානු ජාතිකයකු වන අලීම් දාර් මහතා ධර්මසේන මහතාගේ සහායක විනිසුරවරයා වන අතර තරග තීරකවරයා ලෙස තවත් ශී‍්‍ර ලාංකිකයකු වන රන්ජන් මඩුගල්ලේ මහතා කටයුතු කරයි.
ලකුණු පුවරුව සැකෙවින්:
එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215 (ඇලිස්ටෙයාර් කුක් 13, ජෝ රූට් 30, ජොනතන් ට්‍රොට් 48, කෙවින් පීටර්සන් 14, ඉයන් බෙල් 25, ජොනී බෙයාර්ස්ටෝ 37, ස්ටුවට් බ්‍රෝඞ් 24, පීටර් සිඞ්ල් 50/5, ජේම්ස් පෙටින්සන් 69/3, මිචෙල් ස්ටාක් 54/2)
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම කඩුලූ 4 ට 75 (ෂේන් වොට්සන් 13, ක‍්‍රිස් රොජර්ස් 16, ස්ටීවන් ස්මිත් නොදැවී 38, ජේම්ස් ඇන්ඩසන් 25/2, ස්ටීව් ෆින් 37/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්ටෝන් අගර් ලාංකික සම්බවයක් තියෙන කෙනෙක් නේද? (දී)
ඔවුන් දෙපලට අමතරව, නවක ක්‍රීඩක ආගර්ට ද ශ්‍රී ලාංකීය සම්භවයක් තිබෙනවා. (දී)
කන්ද උඩරට කලූ හෙළයන්ට හරි ආස ඇති නේද ඇෂ්ටන් ආගර් වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියා සුද්දොත් නෑකම් කියන්න...(අ)
ඔබ හරි. ඔහුට ශ්‍රී ලාංකීය සම්භවයක් තිබෙනු බව පැවසීමද සතුටුදායකයි (දී)
ෂෙරිෆ් ඔබ වැනි උගත් කෙනෙකුගේ අදහස් ගැන පුදුමයි , අපි කලයුත්තේ හරිදේ අගේකිරීමත් වරදිදේ විවේචනය කිරීම මිස එකිනෙකාකට බැනගැනීම නොවේ. ඔස්ට්‍රලියානුවන් උස්මාන් ඛවජ සංචිතයට නම් කරලා තිබුන. නමුත් ඔහුව මේ තරඟයට තෝරගන නැහැ. ඔහු තරඟයට තොරගත්තාණන් ඔහුටත් අපි සුබ පතනවා. අපි කව්රුත් ජාතිය ආගම හෝ වෙනත් පුද්ගලික කරුණු ගැන අදහස් පළකිරීමෙන් වලකින්න ඕනේ කියල මම හිතන්නේ. (දී)
අශ්ටන් අගර්ගේ සීයා නල හේවාවිස්ස මහතා මීට වසර දෙකකට පෙර ඔස්ට්‍රේලියවෙදී අබවාප්‍රර්ථවිය. හේවාවිස්ස මහතා මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත. අශ්ටන්ගේ මව හේවාවිස්ස මහතාගේ දියණියකි. අපි මුළු හදින්ම ඔහුට සුබ පතමු. (අ)
මඩුගල්ල,කුමාර දර්මසෙන ,ඔබ දේපල ශ්‍රී ලංකා මාතාවට මහත් ආඩම්බරයකි. ඔබ දෙපලට ජය ! (අ)