උතුරු නැගෙනහිර පිරිස් හොරෙන් ඕස්ට්‍රේලියාවට යැවීමට මුල් වූ බව කියන ත්‍රිකුණාමල ව්‍යාපාරිකයෙක්, නාවික සංඥා උපදේශකවරයකු, සංඥාකරුවන් දෙදෙනකු හා සුළු සේවකයකු ඇතුළු 16 දෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ත්‍රිකුණාමලය, යාපනය, මඩකලපුව, කන්තලේ කලවංචිකුඩි හා කල් කුඩාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතරින් ත්‍රිකුණාමලයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දින 11ක් වෙස් වලාගෙන සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවය.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික හපුගොඩ මහතා ඇතුළු පිරිස රක්ෂණ නියෝජිතයන් හා වාහන සීසර්ලා ලෙස ත්‍රිකුණාමලයේදී තොරතුරු රැස් කරගෙන ඇත.
මේ පිරිස කොටි සැකකරුවන් ද මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යවා ඇති බවත් ඕස්ට්‍රේලියාවට යන අයගෙන් ඔවුන් මුදල් අය කර ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට නීත්‍යානුකුලව යන්න බොහෝ ක්‍රම තිබෙද්දී තමනුත් අමාරුවේ වැටිලා රටත් අපකීර්තියට පත් කරන්නේ ඇයි? (නි)
හොර පාරෙන් කරන වැඩ තමයි අද රටේ වැඩි (නි)
මදුෂා , ඔයාගේ ඉල්ලීම ගැන සළකලා බලන්න පුළුවන් (නි)
නාවික හමුදාවෙ කෙනෙක්ගේ උදවු නැතුව මේ ගමන යන්න බැරි බව බොහොම දෙනෙක් දන්නවා. (ස)
ආයි ඉතින් අල්ලන්නේ ඉරිසියාවටද.. මේ මිනිස්සු ගිහිල්ල හොද ජිවිතයක් ගතකරනවට. අනිත් එක ඕක වෙස් වලාගෙන ගිහිල්ල අල්ලන්න තරම් දෙයක්ද ඔය දහස් ගණනක් අල්ල ගත්තේ මූද මැදදී ...එක් කෙනෙක් ගෙන් අහල දැනගන්න තිබුනනේ අපුරුවට (ස)
මට තේරෙන්නේ නැ ඇයි මේ මිනිස්සු මේ තරම් අවදානම් අති දුෂ්කර ගමනක් යන්නේ කියල. (ස)
හොදයි. (ත)
මුහුද රට වට කර ඇත.මුරකාවල් දිවා රාත්‍රි ඇත.රටින් පනින අයබෝට්ටුවලින් යති.රට තුලට කුඩුටොන්ගණනින් ඒති. වැටත් නියරත්ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව.(අ)
හොර පාරෙන් ගිහිල්ලා තමන්ගේ රටට ද්‍රෝභී වෙනවට වඩා. හොඳ නැද්ද පාරේ හිඟා කෑවානම්? (නි)
අනිත් එක අපේ රටේ මිනිස්සුන්ට තමන් උපයන ආදායමෙන් හොඳ ජීවිතයක් ගෙවාගෙන යන්න පුලුවන් නම් , මේ වගේ අවදානම් වැඩක් කරාවිද ? මාගේ කාරුණික ඉල්ලීම වන්නේ යන අයව අල්ලන්න එපා ඔවුන්ට යන්න දෙන්න , ඔවුන් එහෙට ගිහින් හරි සතුටින් ජීවත් වෙච්චාවේ! (නි)
මතක තියා ගන්න මේ මිනිස්සු ඔස්ට්‍රලියාවේ යන්නේ සල්ලි වැඩි වෙලා නොවෙයි. ජිවත් වෙන්න කියලා (දී)
මෙහෙම හොර පාරවල් පොලීසිය ඇල්ලුවට කවදාවත් ගෑනු කරන හොර වැඩ නම් පොලිසියට අල්ලන්න ලැබෙන එකක් නැහැ. (ස)
මට බබාලා නැහැ. මට බබෙක් හදා ගන්න හොර පාරක් කියන්න බලන්න.(නදී)
මදුශ , ඔයත් ගැහැනියෙක් නිසා ඇත්තම කියල තියෙනවා , මාත් එකඟයි මොකද ගැණු කියන්නේ හොරුන්ගෙත් හොරු කම්ම්බා හොරු.(නදී)
නේවි එකේ නමටත් හොද නැහැ (නි)
මට තවත් මේ ගැන කීමට දෙයක් නැත. (නි)
කොහොමත් මිනිස්සුන්ට වඩා ගෑනු හොර වැඩ කරනවා.(නදී)
මදුශ , රන්ජනී ඔයාලා හරි. මොකද, ගැහැණු කියන්නේ හොරුන්ගෙත් හොරු කම්බා හොරුනේ නේද ? (නි)
අයියෝ ඔයාගේ කතා අපට හොදට මතකේ තියෙනවා. (නදී)
නිමල් ජයසිංහ, ඔබ හරි. වැටත් නියරත් තමයි බොහෝවිට ගොයම් කන්නේ. (නි)