එළැඹෙන මැතිවරණයේදී ඕස්ට්‍රේලියාවේ සෙනෙට් උත්තර මන්ත්‍රී මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජගත් බණ්ඩාර නම් කර ඇත.
ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් හි කම්කරු පක්ෂයේ නියෝජිතයකු ලෙස ඔහුට එම අවස්ථාව හිමිවී ඇති බව කියති.
එම පක්ෂයේ සෙනෙට් මන්ත්‍රී ධූරයක් සඳහා නම් කැරුණු එකම ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසගත වෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජගත් බණ්ඩාර සඳහන් කරනුයේ ඔහු ඕස්ට්‍රේලියාවට පා තැබූ දිනයේ සිට වෙහෙස නොබලා විවිධ සමාජතල සමග වැඩ කළ බවයි. කම්කරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා තමා ඇප කැපවී ක්‍රියා කළ බවත් ඔවුන්ගේ රැකියාව ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට ඔවුන් වෙනුවෙන් හඬක් නැගූ බවත් ඔහු කියයි.
ජූලි 2වැනිදා ඡන්දය භාවිත කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් උනන්දු කරන බවත් ඕස්ට්‍රේලියාවට හා සමාජයට හොඳ කුමක්ද ඒ සඳහා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් ඔහු පැවසීය. කම්කරු පක්ෂය රට හා පුරවැසියන් රැකගැනීම සඳහා සිය ප්‍රතිපත්ති හඳුන්වාදී ඇතැයිද ජගත් බණ්ඩාර කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයම්පති ඔයා කලබල වෙන්න එපා. ඒ රටවල මිනිස්සු, වඩා දක්ෂ පුද්ගලයින්ට නිසි තැන ලබා දෙනවා. කෙසේ වෙතත් ජයම්පතිටත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මීට වඩා සේවයක් කල හැකි බව තමයි මට නම් හැඟෙන්නේ. (ර)
ජයම්පති ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔහුට තිබෙන පිළිගැනීම ගැනවත් සතුටු වෙන්න බලන්න ....ලාංකික ඔබට අපගේ සුබ පැතුම් (බ)
භද්‍රානි, ඔබේ කාව්‍යමය නර්මාලාපය නිසා ඇති වුන හිනාව නවත්වගන්නත් අමාරු වුනා. අනික, ඔබ කියනවා වගේ ලංකාවේ බුද්ධිමත් දේශපාලකයින් ලෝකය පුරා ආණ්ඩුවල ඉන්නවනම් මම නම් ඒ තරමට කැමතියි. ලංකාවට ගැලපෙන්නේ ජයම්පතිලගේ දෘෂ්ටිකෝණයෙන් කටයුතු කරන දේශපාලුවෝ තමයි. (අ)
විකුම් රංගන, සිංහයින් මෙන් ලොවට වැඩ පෙන්වීම සිංහලයන්ට ලබාදෙන ගෞරවයකි. එය වැරදියට දැකීම නරිමෙන් සිතීමකි, ලියු දෙය නොතේරීම බුද්දියේ දෝෂයකි. (ර)
ජයම්පති ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔබගේ දක්ෂ කම ඔබේ හැකියාව පෙන්වා ඇත. ජගත් බණ්ඩාරගේ දකෂ කම හා හැකියාව ඔහු පෙන්වා ඇත. දෙදෙනෙකුට වීරයෝ වීමට නොහැකිබව පමණක් ලියමි. දෙදෙනාම සිතීමට දෙයක් ලොවට තබා ඇත. (ර)
උපාලි අයියගේ කීමට මම අත් දෙකම උත්සනවා..? අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ දියවන්නාවෙන් එහාට පීනා ගන්නකම්. (ර)
බණ්ඩාර, ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාවට පැන්න පිරිසට ලංකාවේ සුභසිද්ධිය උදෙසා යමක් කරන්න පොළඹවන්න. (ර)
ගොඩ්ෆ්‍රී, දැන් මොකක්ද අර ජයම්පතිගේ දක්ෂකම? ඇදගෙනම නාලා තියන එකද? සිංහයින්වයි, නරින්වයි එකට සසඳන්න යන්න එපා. (නි)
හරිම සතුටුයි. ජයම්පති එක්ක අපේ පාර්ලිමේන්තුවේ දැන් 226ක් ඉන්නවා කියලයි මට නම් දැන් දැනෙන්නේ (නි)
බොහොම සතුටුයි. ඔහොම යමු (නි)
ජයම්පති, ඔයාට බැහැ ඒ වගේ දේවල් කරන්න (නි)
ජයම්පති ඔයා මහා ඉරිසියා කාරයෙක්. (ර)
පිටිගල මිලානෝ ඉන්නේ හඳේද? ඕස්ට්‍රේලියාව නෙමෙයි ලෝකේ අනිත් හැම රටකම ඉන්න කට්ටිය අඬබෙර නොගැහුවට ලංකාවේ සුබසිද්ධිය තකා නිහඬ සේවයක් කරනවා. මේවට සම්බන්ධ නොමැති උදවිය කිසිදෙයක් දන්නේ නැහැ වගේ. (නි)
ලංකාවේ පුරුදු නම් එහාට පුරුදු කරන්න එපා (නි)
මේ මහතා ලංකාවේ නම ඉදිරියට ගෙනවිත් තිබෙන්නේ වැදගත් දෙයකිනි. ඔහු අපට ආඩම්බරයකි. (නි)
පිටිගල මිලානෝ පිටරට ඉඳන් කියවන්නේ ඔස්ට්‍රේලියාවට විසා නොලැබුන හිතේ අමාරුවෙන් වගේ නේද ? (ර)
අපේ දේශපාලනයේ මේ වගේ හඬක් නඟන්න වැඩිදෙනෙක් ඉන්නේ උසස් අධ්‍යාපන මට්ටමක නොවීම අපේ අවාසනාව. චණ්ඩිකම්, මැරකම් නැති අය අපිටත් බිහිවේවා කියා පතමු. (නි)
පිටිගල මිලානෝ, මොන විදිහෙන්ද එතකොට මිලානෝ (ඉතාලියට) පැන්නේ? නරියෙකුත් මිදි තිත්තයි කිව්වලු. (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
සමහරක්ට මේවා තේරුම්ගන්න බැහැ. ලංකාවේ අවස්ථාවක් නැති නිසානේ ඔහෙට සේවය කරන්නේ. අපි සුබ පතමු. (නි)
විශේෂයෙන් පිට රටක මෙවැනි තනතුරකට ලාංකිකයෙක්ව ඉදිරිපත් කළ එකත් ආශ්චර්යක්. ඒ ඔහුගේ හැකියාව අනුව ලැබුණු වරප්‍රසාදයක් මිස අපේ අය වගේ එක එකාට ගොට්ට අල්ලලා ලබාගත්තු දෙයක් නෙමෙයි.හදපිරි සුබ පැතුම් ඔබ තුමාට. (ම)
මට කෙනෙකුගේ අදහස කියවලා, නරියා සහ මිදී වැල මතක්වුණා (නි)
රවී හරියටම හරි (නි)
ජාතිබේද ආදී දේවල් එහෙත් පතුරුවන්නේ නැත්නම් ඉතින් ඕනෑ දෙයක්... (නි)
සුබ පතනවා මෙතුමාට! ඒ වගේම රටට ගෞරවයක්, අපට ආඩම්බරයක්. 2004 සුනාමි වෙලාවේ ඕස්ට්‍රේලියාව කරපු උදවු කාට නැතත් අපට මතකයි. ලංකාවේ අපට මිත්‍රශීලී රාජ්‍යයක් (නි)
අනුන්ගේ රටවල්වල ප්‍රශ්න කරට අරන් දඟලන මේව මෝඩ වැඩ (බ)